IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


’සහරාන්’ ගැන විමර්ශන කළ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් කොමිසමට කැඳවයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් නමැත්තා සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශන ගොනු සම්බන්ධයෙන් කටයුතු කළ නීතීපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොමිසමට කැදවීමට පියවර ගන්නා බව කොමිසමේ සභාපතිවරයා අද (1) දැනුම් දුන්නේය.

ජාතීන් හා ආගම් අතර වෛරී අදහස් පතුරුවා හරින තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් නමැත්තා සම්බන්ධයෙන් 2018 වර්ෂයේ සිට විමර්ශන සිදුකළ ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා සාක්කි දෙමින් සිටියදී මතු වු කරුණක් පිළිබද දැනුම් දෙමින් කොමිසමේ සභාපතිවරයා ඒ බව දැනුම් දුන්නේය.

සාක්කි විමසීමට කොමිසමට සහය වීම සදහා නීතීපතිවරයාගේ නියෝජිතයා වශයෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සංජීව දිසානායක මහතාගේ මෙන්ම කොමිසමේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන අභියාචනාධිකරණ විනිසුරු ජනක් සිල්වා මහතා (සභාපති), අභියාචනාධිකරණ විනිසුරු බන්ධුල කරුණාරත්න මහතා, විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සුනිල් රාජපක්‍ෂ සහ බන්ධුල අතපත්තු යන මහත්වරුන් මෙන්ම විශ‍්‍රාමික අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. මංගලිකා අධිකාරී මහත්මියගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ අදාළ කරුණු හෙළි කළේය.

සහාරාන්ගේ කටයුතු නැවැත්වීම සම්බන්ධයෙන් යම් ක‍්‍රියා මාර්ගයක් ගන්නා ලෙස 2018 අපේ‍්‍රල් 18 වැනිදා පොලිස්පතිවරයා නියෝගයක් කර තියෙනවා නේද? යනුවෙන් ජනාධිපති කොම්සමේ විනිසුරුවරුන් ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාගෙන් විමසු විට ඔව් යනුවෙන් පිළිතුරු දුන් ඒ මහතා සහරාන්ගේ මුහුණු පොතේ ප‍්‍රචාරය කළ වීඞීයෝ පට වලින් හෙළි කරගත් තොරතුරු පදනම් කරගනිමින් නීතීපතිවරයාගේ උපදෙස් මත ඔහුට එරෙහිව සිවිල් හා දේශපාලන සම්මුති පනත යටතේ පියවර ගැනීමට කටයුතු කරන බව දැනුම් දුන් බව හෙළි කළේය.

ඒ අවස්ථාවේදී කොමිසම ඇමතූ සභාපති විනිසුරුවරයා විමර්ශන ගොනු සම්බන්ධයෙන් කටයුතු කළ නීතීපති දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් කොමිසමට කැදවීමට පියවර ගන්නා බව දැනුම් දුන්නේය.
 



අදහස් (0)

’සහරාන්’ ගැන විමර්ශන කළ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් කොමිසමට කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site