
(රංජන් කස්තුරි)
විශ්ව විද්‍යාල විවෘත කිරීමේ බලය උපකුලපතිවරුන් වෙත පවරා තිබෙන අතර ඔවුන්ට ඔනෑම මොහොතක විශ්ව විද්‍යාල ආරම්භ කළ හැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
මුළදී කැඳවන්නේ කුමන පීඨවල සිසුන්ද යන්න උපකුලපතිවරුන් තීරණය කරනු ඇතැයිද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට බහුතරයක් විශ්වවිද්‍යාල මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු කරගෙන යාම ඉතා හොඳයි. එහෙත් ඉගෙනුම් හා ඇගයීම් ක්‍රියාවලියට අත්‍යාවශ්‍ය ප්‍රායෝගික පරීක්ෂණ සහිත රසායන, භෞතික, ජීව, අනෙකුත් විද්‍යා හා විද්‍යා නොවන විෂයයන් ඇත. මෙම පරීක්ෂණ වසර 2ක් පමණ මගහැරී ඇත. එහෙත් බොහෝ විශ්වවිද්‍යාල මාර්ගගත ක්‍රමයට විභාග පවත්වා උපාධිය නියමිත කළට සම්පූර්ණ කිරීමට උත්සාහ කරති. මෙතෙක් කල් ශ්‍රී ලාංකික උපාධියකට තිබූ ගුණාත්මක බව මෙවන් කරුණු නිසා සැලකිය යුතු කඩාවැටීමකට ලක්වනවා නොඅනුමානයි. වසංගතය හමුවේ වුවද බුද්ධිමත් තීරණ ගෙන අධ්‍යාපන හා ඇගයීම් ක්‍රියාවලියේ ගුණාත්මක බව නොනැසෙන තීරණ ගන්නා ලෙස ඉල්ලා සිටිමු.