රොමේෂ් මධුෂංඛ
යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනාධිපතිතුමා නිදහස ලබා දීම දැඩි ලෙස කනගාටුවට කරුණක් බව ජාතික සන්ධානයේ ඉලංගගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේය.
මාවෙයි සේනාධාරාජා මේ බව යාපනයේදී මාධ්‍යෙව්දීන් පිරිසක් හමුවේ ප්‍රකාශ කර ඇති අතර එහිදී ඔහු වැඩි දුරටත් මෙසේ කිය.
‘සුනිල් රත්නායක යුද හමුදා සෙබලා වැරදිකරු වශයෙන් අධිකරණයෙන් නියම වී ඇති අවස්ථාවක ඔහුට ජනාධිපති සමාව දීම දැඩි භයානක තත්වයක් බවයි. එමෙන්ම කොරෝනා අවදානම අතරතුර එය හේතුවක් කර ගෙන එම යුද හමුදා සෙබලා නිදහස් කරේනම් එයද පිළිගත නොහැකි බවටත් ජාත්‍යන්තරයම මේ දෙස අවධානය යොමු කල යුතු බවයි'
'ජාත්‍යන්තරයේ විරෝධතාවක පවතින අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙලෙසින් අධිකරණය අත්තනෝමතිකව භාවිතා කිරීම භයානක තත්වයක් බවත් ඊට එහා යුද සමයේදී සුලු වැරදි වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවන් තවමත් සිරගතව සිටීම දැඩි අසාධාරණයක් බවයි'

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටක් හොයාගෙන පලයන්....
සුනිල් රත්නායක රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් කල විරුවෙකි. කොටි හිතවාදීන්ට ඒ ගැන හරි අමාරුයි.
ඇයි කොටියා මෛත‍්‍රිව මරන්න ආපු ඌ වරදිකරුවෙලා හිටියදි තමයි ජනාධිපති නිදහස්කලේ... ඒක අමතකද?
වැඩක් බලාගෙන ඉන්න. බිරුවට හරියන්නේ නැහැ. ජාත්‍යන්තරේ හිටියට මොකද ?
මම බැලුා ඒත් ඇයි මේ පරක්කු කියලා.
කොටි හිතවාදීන් නිදහසේ සිටීම මිට වඩා භයානකයි. එදා LTTE ය අහිංසක සිංහල සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කරන විට මොවුන්ට කිසිම අමාරුවක් තිබුනේ නෑ. අවසන් සටනේදී කුරිරු LTTE ය දෙමල සිවිල් වැසියන් පලිහක් කර ගනිමින් පලායන විට ඔවුන්ට මානුෂිය හැගීම් තිබුනේ නෑ. දැනුයි ඒවා මතක් වෙලා තියෙන්නේ. මොවුන්ට තමයි තවමත් ජාතිවාදය පතුරුවන්න ඕන වෙලා තියෙන්නේ. මොකද එහෙම වුනොත් තමයි ඔවුන්ට පැවැත්මක් තියෙන්නේ.
ලංකාව කියන්නේ ඉන්දියාවේ තමිල්නාඩුව නෙමෙයි මහත්තයෝ. තමුන්නාන්සේලාට ඔන විදිහට රටේ නිතිය ක්‍රියාත්මක කරන්නයි,ආණ්ඩු කරන්නයි අවශ්‍යයි නම් ඉන්දියාවට ගියා නම් හොඳයි.
අපි ඡන්දෙන් පස්සේ දුමින්ද සිල්වාටත් දෙනවා. මොකද කියන්නේ ? ඒකටත් විරුද්ධ වෙනවද?
මෙක සිංහලයගේ රට....
කොරෝනාවට තරම් වැඩ කරන ත්‍රිවිධ හමුදාව ගැන වචනයක්වත් කතා නැහැ. දමල ජනතාවට යහපත් ජීවන රටාවක් ගෙන යන්න නම් යන්නම ඔන..
අහිංසක මිනිසුන් මරණ කෙනෙක්... මටත් දරුවෝ කිහිපදෙනෙක් සිටිනවා. ජාතික වීරයෙක්ද?