




පකිස්ථානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන අමාන් නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික සයුරළ නෞකාව කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත් විය.
එම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා සහභාගී වූහ.
නෞකාව පෙබරවාරි 07 වන දින පකිස්ථානයේ කරච්චි වෙත ළඟා වීමට නියමිතය.
බහුපාර්ශවික අමාන් පුහුණු අභ්‍යාසය 2019 පෙබරවාරි මස 08 වන දින සිට 14 වන දින දක්වා පකිස්ථානයේ කරච්චිහිදි පැවැත්වේ.
ඕස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, ජර්මනිය, ඉන්දුනීසියාව, ඉතාලිය, ජපානය, මැලේසියාව, මාලදිවයින, නයිජීරියාව, පිලිපීනය, කටාර්, රුසියාව ඇතුළුව රටවල් 44 ක නාවික හමුදාවන්වලට අයත් නෞකා සහ ගුවන් යානා විශාල ප්‍රමාණයක් මෙම අභ්‍යාසය සඳහා යොදාගැනීමට නියමිතය.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකා රජය රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙන පුද්ගලික ගෞරවය නිසා ලංකාවට තෑගි දීපු නෞකාවක් ඕක - සයුරළ