( +++ අංජුල මහික වීරරත්න)
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතාට නිවෙසක්, වාහන දෙකක් සහ සේවකයන් පස්දෙනකු දුන්නේ රටේ අවශ්‍යතාව සහ යුගයේ අවශ්‍යතාව අනුවයැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
ඔහු මෙසේ පැවැසුවේ ටී.එන්.ඒ. නායකයා ලෙස සම්පන්දන් මහතාට නිවෙසක් ඇතුළු අදාළ වරප්‍රසාද දීමේ පදනම කුමක්දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ රංගෙ බණ්ඩාර මහතා මෙසේ ද කීය.
“රටේ හා යුගයේ අවශ්‍යතාව අනුව අප කටයුතු කර තිබෙනවා. ඒ තීරණය ගන්නා විට රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය එක්වෙලයි ආණ්ඩු කළේ. අපිට සංහිඳියාව අවශ්‍යයි. සංහිඳියාවෙන් තොරව කටයුතු කළොත් වැඩි කල් නොගොස් යුද්ධවලට මුහුණ දෙන්න වෙනවා.
ආර්. සම්පන්දන් යනු ජන කණ්ඩායමක් නියෝජනය කරන නායකයෙක්. එතුමා අතිවිශාල ප්‍රදේශයක් සහ ජනතාවක් නියෝජනය කරනවා. සියලු ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම පවතින රජයේ යුතුකමක්.” යැයි පාලිත රංගෙ බණ්ඩාර මහතා කීය.
COMMENTS
මිට වඩා කතා කලයුතු මාතෘකාවන් ඕනේ තරම් ඔය රටේ ඇත.මේ ආණ්ඩුවක් නොව පාණ්ඩු රෝගෙන් පෙලෙන රෝගියෙකි. පටන් ගැන්ම මෙහෙම නම් මාස 6ක් යන කොට කොහොම හිටීවිද?
මම හිතන්නේ මේක කතා කළ යුතු මාතෘකාවක් . රනිල්ට කඩේ ගිය නිසා විපක්ෂ නායක කම නැතුවත් වරප්‍රසාද දුන්නේ බුදලේ කියල හිතාගෙන වෙන්න ඇති. රටේ අවශ්‍යතාවයක් කියලා අනිත් එක්කෙනා කියන්නේ රටේ කොයි කට්ටියගේ අවශ්‍යතාවයක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. අපිට නම් එහෙම රුදාවක් තිබුනෙම නැත. එක එක මගුල් නටලා රටේ ජනතාවගේ පිටින් අරින්න එන්න එපා. එහෙම කරලා තමයි ගෙදර යන්න ලැබුනේ කල් ඇතුවම.
ගිය ආණ්ඩුව එක එක දේවල් කළත් මේ ආණ්ඩුව වගේ මිනිස්සුන්ට පටි තද කරගන්න කිව්වද? කොළඹ වටිනාම ඉඩම් කුණුකොල්ලෙට සින්නක්කර ඇවිත් මාසයක් යන්නත් කලින් වික්කද? ඒවා ගැන සිතන්න. බඩුමිල උඩ යැව්වද? රජයේ සේවකයින්ගේ පඩිත් වැඩිකරලා සංවර්ධනයත් කළා නේද? මේ මනුස්සයාගේ කාලසීමාව ඉවර වුනාම ඒක ගෙදර ගෙනියනවද?කාලකන්නි නොවී හිතන්න ජාතිවාදී,ආගම්වාදී නොවී.............රටට ඕක හෙණයක්.
ජනතාව ගොනාට අන්දවන්න ?
රටේ අවශ්‍යතාවයට අනුව අපිට බදු අඩු කරලා, සහන දීලා, එදිනෙද ජිවිතේ ඕන කරන බඩු වල ගණන් අඩු කරලා , ජිවන වියදම පහතට දාන්න. නැතුව ඔය ජන කොට්ඨාසේ කුලප්පු කරන කෙනෙක්ට සහන දෙන එක නෙමෙයි. අලි ආණ්ඩුවට කෙල උනේ ඕව කරන්න ගිහින් තමයි.
සංහිඳියාව කියමින් සම්බන්ධන්ට මෙහෙම වරප්‍රසාද දුන්න එක හරිද? උතුරු නැගෙනහිර නිවාස නැති මිනුස්සුන්ට කරන ලොකු අසාධාරණයක් මේක. අනික උතුරේ ජනතාව වෙනුවෙන් ඉන්දියාවෙන් දීපු නිවාස හදන්නත් දුන් නැහැ. ඔතනත් නිවාස ඇමති සජිත් ඉඳිද්දීත්, ස්වාමිනාදන් දාගෙන කල් මැරුවා.
නෑ............ උන්ට තියන බයට තමයි දුන්නේ. ඇත්ත කතා කරන්න.
විශාල ජන සංඛ්‍යාවක් නියෝජනය කරන නිසා වෙන්න ඇති. පහුගිය ජනාධිපතිවරණ සමයේ මේ අයට දමිළ අය සෙරෙප්පුවෙන් ගැහුවා.
රටේ අවශ්‍ය තාවයට ගෙවල් දෙනවනම්, මොනතරම් පැල්පත් වල දුක් විදනා මිනිස්සු ඉන්නවද ? මේ උදවියට දෙන්නේ රට කඩන අවශ්‍යතාවයට සහ එන්.ජී.ඕ වල අවශ්‍යතාවයට.
රටේ අවශ්‍යතාවය කුමක්ද කියන එක ජනාධිපතිවරණයේදී ජනතාව පෙන්වා දී ඇත.
මාර කතාවක්නේ. එතකොට මේ සම්බන්ධන් යුද්ධයක් කරයි කියලා බයට මේ දේවල් දුන්නා කියලද? ප්‍රභාකරන් ජීවත්ව හිටියනම් මේ යක්කු මොනවා දෙයිද දන්නේ නෑ.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතාට නිවෙසක්, වාහන දෙකක් සහ සේවකයන් පස්දෙනකු දුන්නු එක වැරදි වෙන්න පුළුවන්. ඒත් ඉස්සර සමහර දේශපාලකයන් තමන්ගේ පවුල් වල අයට ගෙවල් සහ වාහන දුසිම් ගණන් දීලා තිබුණු එක ගැන කවුරුවත් කතා නැහැ. එම කට්ටිය අදත් හොඳට වැජඹෙනවා.
ඊළඟට රටින් කෑල්ලක් දීලා කියයි එ්කත් දුන්නේ රටේ අවශ්‍යතාවයට කියලා. සිංහල බෞද්ධයාගේ අවශ්‍යතාවය තමයි නොවැම්බර් 16 පෙන්නුවේ. රටේ අවශ්‍යතාවය අපි 2020දී පෙන්වනවා.