(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුරුවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පූර්ණ කාලීනව වෘත්තීය සමිති කටයුතු වල යෙදෙමින් රාජ්‍ය සේවයේ වැටුප් ලබා ගැනීම සහ අනෙකුත් වරප්‍රසාද ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන කරාපිටිය ශීක්ෂණ රෝහලේ හෙද නිලධාරිවරයෙකු ලෙස 2003 වසරේ රාජ්‍ය සේවයට එක් වී ඇති බව මූලික විමර්ශන වලදී හෙළි වී ඇත.
ඒ බව අනාවරණය වී ඇත්තේ රත්නප්‍රිය මහතා ඉතුත් දෙසැම්බර් මස 9 වැනි දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජනාධිපතිවරයාට මරණීය තර්ජනයක් ඇති වන අන්දමින් සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමින් සිදු කළ බව පවසන ප්‍රකාශය සම්බන්ධයෙන් පිවිතුරු හෙල උරුමයේ ප්‍රධාන සංවිධායක උපුල් නිශාන්ත මහතා පොලිස් මූලස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණ වලදී බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
COMMENTS
මේ අය එන්ජීඕ කාරයින්... ඇස්දෙකේ ඉඳන් පට්ට ගහන්න ඕනේ. ඔබලා මෙයාව ගෝල් ෆේස් පිටියට ගෙනෙන්න අපි ගල්ගැහිල්ල කරන්නම්. දාන්න සාක්කුවට කුඩු ටිකක්. ඉතිරි හරිය කියන්න ඕනේ නැහැනේ...
මෙයා හරියන්නේ සූතිකාගාර සේවයටයි.
එතකොට ස්වාධීන රූපවාහිනියේ වැඩකරන අය වැඩ නොකර දේශපාලනයම කිරීම ගැනත් පරීක්ෂණයක් තියන්න.
දියෙහි යන දණ්ඩට පිහිටක් වෙතත් පෙරසිට දුදනන් හට පිහිට නොවෙව් යන බස සබැ කලේ මට, ඔන්න සමන් මහත්තයෝ ඔබ විදපු නින්දා අපහාස , මරණ තර්ජන වලට ඔබට ලැබෙන තෑග්ග . ගුණමකුවන්ට උදව් කරන්න යන්න එපා කීයක් දෙනවා කිව්වත්.
වෘත්තීය සමිතිවල කටයුතු සඳහා පූර්ණකාලීනව නිදහස් කරන අයෙකුට රජයෙන් වැටුප් ලැබීමට හිමිකම ඇතිබව අහල තියෙනවා. එය වෘත්තීය සමිති අයිතිවාසිකමක්... එම අයිතිවාසිකම ඉවත්කළාද බලන්න..?