(අංජුල මහික වීරරත්න)
ෆේස්බුක්, වට්ස් ඇප්, වයිබර්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාලා මුළුමණින් රටටම තහනම් කිරීමට රජය කිසිසේත් කටයුතු නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයේදී සඳහන් කළේය.
කිසියම් සිද්ධියක් මතුවුවහොත් අදාළ බල ප්‍රදේශයට පමණක් බලපැවැත්වෙන පරිදි සමාජ මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීමට රජය තීරණය කළද මුළු රටේම සමාජ මාධ්‍ය අවහිර කිරීමට තීරණය නොකළ බව ද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ අරලියගහ මන්දිරයේදි පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමතිවරුන් මතු කළ කරුණු හමුවේය.
මුළු රටට බලපාන ලෙස සමාජ මාධ්‍ය අවහිර කළද විකල්ප මාර්ග ඔස්සේ සමාජ මාධ්‍ය වෙත සම්බන්ධ වන සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි තමන්ට ද වාර්තා වූ බව අගමැතිවරයා ඇමති මණ්ඩලයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලනයේ දුර්වල කම , සමාජ ජාල අවහිර කරීමෙන් හා සමාජ මාධ්‍ය අවරණයෙන් පිරිමහ ගත නොහැක
මේක තනිකරම බොරු වැඩක්. කොයි තරම් බ්ලොක් කලත් බලන්න ක්‍රම තියනවා නේ.
දැන් ලොක්කන්ට බෝම්බ ටික මතක නැහැ තිබ්බ කට්ටිය මතකත් නැහැ කඩු වෙඩි බෙහෙත් මතකත් නැහැ නමුත් කෝලාහල කරන බෞද්ධ,ක්‍රිස්තියානි කට්ටිය පස්සේ යනවා.රටේ විනාශයේ ඇරඹුම 2015.ඒ වගේම ඊට කලින් හිටපු අයත් මීට දෙවෙනි නැහැ.
ළඟදිම ඒකත් කරයි වගේ පය බරවාවට පිටකර බෙහෙත් බදින්න වගේ.....
ආයෙමත් නාගෙන නේද? අන්තර්ජාලය හරහා එන සමාජ මාධ්‍ය වලට අදාල පැකට් සේවා සම්පදකයට විතරයි අහක් කරන්න පුළුවන්. දැනට හැම අන්තර්ජාල සේවා සම්පදකයෝම මේක කරන්නේ තමන්ගේ එක මධ්‍යස්තානයකින්. මෙය කියන විදිහට අහක් කරානම් හැම ග්‍රාම සේවා වසමටම ඩේට සෙන්ටර් දාන්න වෙයි. අනික වීපිඑන් හරහා අන්තර්ජාලයට එන එක අලුත් දෙයක් නෑ. එකේ වාසි වගේම අවැසි තියෙනවා.
එතකොට දැන් මේ බ්ලොක් වෙලා තියෙන්නෙ?
අනේ ඇත්තට රටටම නොමිලේ වයි-පයි දෙන්න නේද ආවේ. අනේ අපේ හැට දෙකේ වැඩ නිසා මේ රට දැං කොච්චර දියුණුද.කියන්න ආඩම්බරයි ඔබ සහ ඔබේ මරි සේනාව අපි ලංකා ඉතිහාසයේ රන් අකුරන් ලියා පාසැල් ඉතිහාසය විෂයටද එක් කරන්නම් මේ යුගය ගැන.
පය බරවාට පිටිකර බදිනා බෙහෙතෙන්... එය සුව නෙවේ නිසැකැයිනේ ඇත්තෙන්... නිසි පිළියම් නොදැන කරනා මේ විදියෙන්.... ගැටළුව තව තවත් පැටලෙනවා සත්තෙන්....
එතුමාගේ බොරු දැන් හුරු පුරුදු නිසා කමක් නෑ
අමු බොරු. කොළඹත් මේ කොමෙන්ට් එක ලියන වෙලාවෙත් තාම සමාජ ජාල අවහිරයි.
කොහොමත් VPN දාලා ගොඩක් අය ඇක්සස් කරනවා. මේකවැඩක් ඇති වැඩක් නෙමේ මේ රජය කරන්නේ.. කොහොමත් වැඩක් ඇති දෙයක් කලේ නැහැනේ.. කරන්න ඕනේ.. මේ සමාජ මාධ්‍ය අධ්‍යයනය කරලා එ්කේ තියෙන මිනිස්සුන්ගේ අදහස් රටේ යහපතට යොදා ගන්න.. මිනිස්සුන්ගේ සැබෑ හැඟීම් පිටවෙන්නේ සමාජ මාධ්‍ය තුළින්. නීතිය හරියට ක්‍රියාත්මක කරනවා නම් මිනිස්සු කවුරුවත් කලබල වෙන්නේ නැහැ.
තහනම ඉවත් කර අධීක්ෂණය යටතෙ සමාජයට අහිතකරව භාවිතය සීමා කරන්නේ නමි වැදගත් ...තාම අපේ මුහුණු පොත අවහිරයි