IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


සාමකතාවලට කලින් බෝම්බ ප්‍රහාර නවත්වන්න

රුසියානු යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාමකතා පවත්වනවා නම්, යුක්රේනයේ නගරවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම වහා නවත්වන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රුසියාවට පවසා තිබේ.

යුන්රේන ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ යුක්රේන බෙලරූස් දේශසීමාවේ රුසියන් රජයේ සහ යුක්රේන රජයේ නියෝජිතයන් අතරේ දෙවැනි වටයේ සාම සාකච්ඡා පැවැත්වීමට ඔන්න මෙන්න කියා තිබියදීය.

රුසියානු සහ යුක්රේන නියෝජිතයන් අතරේ සාම සාකච්ඡා පළමු වටය පැවැත්වූයේ පසුගිය 28 වැනිදාය. සාකච්ඡා පැවැත්වීම සිදුවන්නේ යුක්රේන බෙලරූස් දේශසීමාවේය. බෙලරූසය යුක්රේනයේ මෙන්ම රුසියාවේ ද අසල්වැසියාය. බෙලරූස ජනාධිපති ලුකෂෙන්කෝ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම හිතවාදියෙකි. සාම කතා සඳහා අනුග්‍රහය ලබා දෙන්නේ බෙලරූස් ජනාධිපතිවරයාය.

මේ අතර, රුසියන් ජනාධිපති පුටින්ට සහ රුසියන් හමුදාවට සහාය පළ කරමින්, බෙලරූස් හමුදාව ද යුක්රේන හමුදාව සමඟ සටනට පිවිස ඇතැයි යුක්රේනය චෝදනා නගයි.

කෙසේ නමුත් බෙලරූසය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. බටහිර රටවල් දිගින් දිගටම පෙන්වා දෙන්නේ බෙලරූසය රුසියාවේ රූකඩයක් බවය.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (0)

සාමකතාවලට කලින් බෝම්බ ප්‍රහාර නවත්වන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 196 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 376 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site