(අජන්ත කුමාර අගලකඩ)
සේනා දළඹුවා මර්දනයට වහාම වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් රැස්වීමේදී අද (14) ප්‍රකාශ කර ඇත.
සේනා දළඹුවා මර්දනය නොකළහොත් රටේ ආහාර සංස්කෘතියටද බරපතල ගැටලුවක් ඇතිවිය හැකි බව ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.
රට තුළ හොඳ අස්වැන්නක් ලැබෙමින් තිබියදී සේනා දළඹුවාගේ ක්‍රියාකලාපය කෘෂි ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් තිබෙන බව පවසා ඇති ජනාධිපතිවරයා එය මර්දනය කිරීමට හැකි ඉක්මණින් පියවර ගත යුතු බව සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම උවදුර කුමන්ත්‍රණයක් විය හැකියි.
ඔය කියන නම තියන දළඹුවා නේද සල්ලි දීලා ගත්තේ?
මම දැක්කා අන්තර් ජාලයේ සැරිසරනවා රටේ වගාවන්ට විතරක් නෙවේ සියලුම දේවල් වලට විනකරන "සේනා" කියන නමට මුලින් "සිරි" කියලා දාපු අලුත්ම දළඹුවෙක් ඉන්නවා කියන කාටුන් වගයක්.