( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ජනතාව රැස්වන සංඛ්‍යාව සීමා කිරීම් ඇතුළු රෙගුලාසි ගණනාවක් අඩංගු කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ජනතාවගේත් තමන්ගේත් , මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සදහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටියක් ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ශ්‍රේස්ඨාධිකරණය හමුවේ අද (10) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වහයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අසේල ගුණවර්ධන , පොලිස්පති සී.ඩී .වික්‍රමරත්න යන මහත්වරුන් සමග නීතිපති නම් කරනු ලැබ සිටිති.
මල්ලවආරච්චි ඇසෝසියේට් නීතීඥ සමාගම මගින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.
පෙත්සම්කරු සමගි ජනබලවේගයේ මහලේකම්වරයා වේ.
සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පසුගිය වසරේ මාර්තු 20 වැනි දින සහ අප්‍රේල් 20 යන දිනයන්හිදී කොවිඩ් -19 මර්දනයට සහ කොවිඩ් මෘත ශරීර ආදාහනයට අදාළ විධි විධාන අඩංගු අතිවිශේෂ ගැසට් පත්‍ර තුනක් නිකුත් කෙරිණි.
මෙවැනි ගැසට් නිවේදන නිකුත් කිරීමේ බලය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාටය.වෙනත් අයෙකුට එම බලතල පැවරිය නොහැක.කෙසේ නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඉකුත් නොවැම්බර් 09 වැනිදා 2253/10 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.
මෙම ගැසට් නිවේදනයේ අඩංගු රෙගුලාසි වන්නේ ජනතාව ඒකරාශි වීම සීමා කිරීම , සහ ඊටපටහැනිව ජනතාව රැස් වුවහොත් ඊට පොලීසියටද මැදිහත් වීමේ අයිතිය ලබා දී ඇත.
ඊට අමතරව මෙම රෙගුලාසි වලට පටහැනිව රැස්වීම් පැවත්වුවහොත් නීතිමය පියවර ගන්නා ලෙසට උපදෙස් දෙමින් නොවැම්බර් 12 වැනි දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ලිපියක් මගින් පොලිස්පතිට දැනුම් දී ඇත.
සමගි ජන බලවේගය විසින් මෙරට ජනතාව මුහුණදෙන අධික ජීවන වියදම , පොහොර හිගවීම ඇතුළු ජනතා ගැටලු වලට විසදුම් නොදීමට එරෙහිව පසුගිය නොවැම්බර් 16 වැනි දින කොළඹ හයිඩ් පිටියේ පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධාතා රැළියට සතියකට පෙර මෙම රෙගුලාසි නිකුත් කරනු ලැබිණි.
මෙම රෙගුලාසි නිකුත් කිරීමේ යටි අරමුණ වන්නේ විරුද්ධ පක්ෂයේ නීත්‍යානුකූල රැස්වීම් කඩාකප්පල්කාරී කිරීමයි.කෙසේ නමුත් නොවැම්බර් 04 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා කොළඹ තුරග තරග පිටියේ පැවැත්වෙන ජාතික පාපන්දු සම්මේලනයට රාජ්‍ය අනුග්‍රහය ලැබිණි.
තවද පසුගිය නොවැම්බර් 18 වැනි දින පැවැත්වූ ''සදහිරු'' සෑය අගාමික උළෙලට විශාල පිරිසක් සහභාගී වීමට ද රජයෙන් අවසර ලැබී තිබිණි.
මෙවැනි තත්ත්වයක් තුළ පෙත්සම්කරුගේත් , රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.
එබැවින් මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස ද , අදාළ ගැසට් නිවේදනයෙන් තමාගේ මූලීක අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිට නිකුත් කල ලිපිය මගින් තම මූලීක අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද , රුපියල් කෝටියක වන්දි මුදලක් ලබා දෙන ලෙසද පෙත්සම්කාර සමගි ජන බලවේගයේ මලේකම් , පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ චක්‍රලේඛය නිකුත් කලේ සජබ රැස්වීම කඩා කප්පල් කිරීමට බව ඉතා පැහැදිලියි
කෝටියක් ඇද්ද? මහදැන මුත්තා එක්ක මේ ගෝලයෝ ටික පහුගිය කාලෙම බෝඩ් උස්සන් දගලපු විදියට රට්ටුන්ට තියෙන ප්‍රස්න විසදිලා කිරියෙන් පැනියෙන් ඉතිරෙනවා දැන්.
කෝටියක් ඇද්ද? මම නම් කොටි 100 ක් විතර ඉල්ලනවා...
ජනතාවගේ අයිතිවාසිකම් කඩවෙනවා නම් මේ අය වන්දි අරන් හරියනවාද?
මේ මිනිස්සුන්ට පිස්සුද? නැත්නම් අමනකමද?
මේ හාල්පාරුවන්ට වෙන වැඩ නැතිවද මන්දා...?
අපොයි දෙයියනේ... මේ වගේ කෙනෙක් ආනන්ද විදුහලෙන් බිහි වූවාදැයි සැක පහළවේ. මරණයේ අයිතිය, තමාට පමණක් ඉල්ලා උසාවි ගියාට අපට කම් නැත. මෙයා හදන්නේ අපටත් මරණය උසාවිය මගින් ලබා දෙන්නටයි. කොරෝනාව බිලි ගත යුතුව තිබූ අපතයින් අතහැර රටට වැඩදායක අය පමණක් බිලි ගන්නේ අපේම අවාසනාවටයි...
අර අයිතිවාසිකම්, මේ අයිතිවාසිකම් ගැන කතාකිරීමට පෙර මිනිසුන් ජීවත්වෙලා ඉන්න ඕන බවවත් මේ අයට නොතේරීම පුදුමයකි. මේ තමයි අප රටේ තිබෙන උගත්, බුද්ධිමත් විපක්ෂයේ කාලකන්ණි. මේ සෑම දෙයකින්ම තේරෙන එක් දෙයක් ඇත. එනම් "226 ම ගොන් බඳින කණු නොව ගොන් බඳින බූරුවන් බවය"...
මේකට පිස්සු . සීමා වැඩි කරන්නේ සෞඛ්‍ය ආරක්ෂාව ට. කොවිඩ් වලින් ජනතාව මැරුණ ට කමක් නැහැ මෙයාලට බලය ගන්න ඕන ජඩ වැඩක් කරනව. මෙවැනි දේශපාලකයන් රටටම විනයක් .
සහතික ඇත්ත... දශක කීපයක සිටම අප රටේ විපක්ෂ පට්ටියේ ඉන්න හරකුන්ගේ ප්‍රධාන කාර්යබාරය වනුයේ... බලයේ ඉන්න හරකුන් ගෙනෙන ඕනෑම යෝජනාවකට හෝ තීරණවලට විරුද්ධවීමය. එබැවින් මේ ඉන්නේද එවැනිම විපක්ෂ හරකුන් ටිකකි. මෙම අදහස් අපේ අයට ඍජුවම වෙනසකින් තොරව කියවීමට හැකි වේවා...!!!