(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දෙන්නැයි ඉල්ලමින් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට පුද්ගලයකු අද (22) පෙරවරුවේ සත්‍යග‍්‍රහයක් ආරම්භ කරනු ලැබීය.
‘‘රනිල් මැතිතුමනි දැන් ඇති සජිත්ට නායකකම දෙන්න’’ යනුවෙන් විරෝධතා පුවරු ප‍්‍රදර්ශණය කරමින් අද උදෑසන සිට මෙම පුද්ගලයා සත්‍යග‍්‍රහයේ නිරත විය.
සජිත් පේ‍්‍රමදාස මහතාට නායකත්වය ලබා දෙන තෙක් තමන් මෙම සත්‍යග‍්‍රහය අඛණ්ඩව සිදු කරන බවත් එම පුද්ගලයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඡායාරූප : ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට ඇත්තෙන්ම වැඩක් නැද්ද මේ අනවශ්‍ය විදිහට දගලන්නේ ? මේ යක්කු තමා එජාපය කන්නේ.
ෆෙඩරල් ඉල්ලපු සජිත්ට සෙබළෙක් පස්සේ යනඑක හොඳ නැහැ. දැන් රට ගොඩගන්න ගෝඨාභයට ඉඩදෙමු.
රනිල්ගේ නායකත්වය දුර්වල නිසා තමයි පක්ෂයට ඡන්ද ගන්න අමාරු... හොඳම දේ තමයි නායකත්වය සුදුසු කෙනෙකුට පවරා නායකත්වයෙන් ඉවත්වෙන එක...
අනේ මෙහෙමත් මෝඩයින්...!!
අං තට්ටුව නැහැ. මෙහෙමත් බත්කන හරක් ... ගෙදර ගිහින් මඤ්ඤොක්කා ගහකුයි, මිරිස් ගහකුයි හිටවා ගන්න. ඒකෙන් කන්න ලැබෙනවා... මේ වගේ මිනිස්සු හිනස්සවන බූරු වැඩ නොකර...
මම අහල තිබෙනවා කැහි ගැහැණි දීලා හොටු ගැහැණි ගන්නවා කියන කතාව. රටේ උගත් බුද්ධිමත් ජනතාවට සජිත් නායකයෙක් නොවෙයි.
අසරණ මිනිස්සු නෙවේ..අර සජිත් එනවා සජිත්.එනවා කියලා ලතෝනී දීගෙන.දගලපු කට්ටිය ඔනා..ඔතන වාඩී කරවන්න..තවමත් මිනිසුන්ව අන්දන්න හදනවා.
මෙතන කමෙන්ට් දාපු දෙන්නෙක් ඡන්දෙට පෙර අලුත් ආණ්ඩුවට හෝ ගාලා කමෙන්ට් දාපු අය දැන් බොර දියේ මාලු බාන්න මෙතන කමෙන්ට් දානවා. එජාපයේ ප්‍රශ්න විසඳා ගනී ඒ අය... ඔයාලා දෙන්නා ගිහිල්ලා දැන් අලුත් ආණ්ඩුවේ වැඩ බලන්න..
මහත්තයා ඔයා නැගිටලා ගෙදර යන්න. රනිල් මහත්තයා මැරෙනකම් විපක්ෂ නායක. පක්ෂ නායක ලබන ඡන්දයෙන් සජිත්ට කපන අය මනාප වලින් පරදලා ගෙදර යවමු.
මේ මිනිස්සුන්ව තවත් රවට්ටනවා නම් ඒ ගැන කණගාටුයි. පැරදුණාට පස්සෙද මතක් වෙන්නෙ රනිල්ට බෑ කියල. ඇයි කලින් නොකිය උන්නේ.. කකුලෙන් අදිනවා කියලා. තමන්ගේ ආසනේ දිනා ගන්න බැරි කයිවාරු කාරයින්ට රනිලුත් මුව හමක් වගේ.. තමන්ගේ නොහැකියාව වහගන්න රනිල්ට ගහන එක විතරයි කරන්න පුළුවන්. ආර්.ප්‍රේමදාස මහත්මයා පොඩි මිනිසුන් එක්ක හිටියේ රඟපෑමට නොවෙයි. ඔහු හදවතින්ම ඔවුන් වෙනුවෙන් අවංකව කටයුතු කල අයෙක්. ඔහුගේ සියළුම දේ නිවැරදි නොවන බව ඇත්තක් වුණත් මේ රටේ දුප්පතුන් වෙනුවෙන් දැනෙන යමක් නිවැරදිව කළේ ඔහු පමණයි. සජිත් මහතාත් ඔහුගේ කල්ලියත් මුලින්ම ප්‍රේමදාස චරිතය ගැන සිතිය යුතුයි. බල තන්හාවෙන් සටන් කරනවාට වඩා එය යහපත් වේවි...
අනුන්ගේ කොන්ත්‍රාත්තු ගන්න එපා...
කාලෙ කනවා. රස්සාවක් කරන්නෙත් නැහැ. දේශපාලකයන් වෙනුවෙන් පාරේ ඉන්නවා.
නායකකමට දමමු. නියම පොරක් ...
අනාගත ආපදා කළමනාකරණ ඇමතිතුමාට ජයවේවා...!!!
ඒ පියාණන්ගේ මාවතේ අපිත් යමු.
පටන් ගත්ත පමණි. රනිල් යා යුතුමයි.
කාලය නාස්ති කරමින් රටටත්, පවුලටවත් වැඩක් නොකර අනාථ දේශපාලුවන් වෙනුවෙන් තවමත් කඩේ යනවා.
අනේ ඔය සජිත්ව ගිහිං ගෙදරම තියා ගන්න. ඒ අය විතරද දේශපාලනේ කරන්න ඕනේ....?
ඉස්සෙල්ලාම ලංකාවේ දේශපාලනය කරන්න උගත්, බුද්ධිමත්, මහත්මා ගතිගුණ ඇති පිරිසක් අලුතෙන් හොයාගෙන කඩේ යන්න. අනාගතයේදී රට බාරගන්න පුළුවන් සුසුසු අය බිහිවෙලා නැත්තේ මුදලාලිලාට සහ සල්ලාලයන්ට කතිරය ගහපු නිසයි. දැන් ගොඩ එන්න විදියක් නැහැ. කාවවත් විවේචනය කරලා ඵලක් නැහැ . වර්තමාන නායකයන්ගේ කාලය ඉවර වුනාම මොනා වෙයිද ???????
සජිත්ගේ පිළනම් පුදුම විදිහට හිතන්නේ. එක පාරක් අපේක්ෂකකම ඉල්ලලා හාමුදුරුවරු පෙළපාලි ඇරියා. දැන් පක්ෂ නායකකම ඉල්ලලා නහිනවා. බලෙන් ඉල්ලන් කන්න විතරද දන්නේ ?