(යොහාන් භාසුර)
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ දෙදින සංකේත වැඩ වර්ජනය අද (2) පෙරවරු 8.00 ට ආරම්භ කළ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන් සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.
ජනතාවට ඇතිවන අපහසුතාව පිළිබඳව අවධානය යොමුකරමින් පිළිකා, ළමා මාතෘ, වකුගඩු යන රෝහල්, මධ්‍ය ලේ බැංකුව, ජාතික බෝවන රෝග මධ්‍යස්ථානය සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ඇතුළු රෝහල් 10 ක වර්ජනය ක්‍රියාත්මක නොවන බව ද කුමුදේෂ් මහතා කීය.
සෞඛ්‍ය සේවාව වැටීමකින් තොරව ප්‍රශ්නය විසඳාගැනීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන් සංකේත ක්‍රියාමාර්ගවලට අවතීරණ වීමේදී සේවකයන් අහවල් දින නැවත සේවයට එනවානේ යන අදහසින් සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කිරීමෙන් විසඳුම් නොලැබෙන බව කී රවී කුමුදේෂ් මහතා ඒ හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට අනිවාර්යෙන් තව දින 10 කින් අඛණ්ඩ වර්ජනයට යෑමට සිදුවන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd