(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
දරු ප‍්‍රසූතියෙන් පසු කාන්තාවන් වඳභාවයට පත්කළැයි චෝදනා ලත් මොහොමඩ් සාෆි විශේෂඥ වෛද්‍යවරයාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ද, ඔහුව ආරක්‍ෂා කිරීමට ක‍්‍රියා කරන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලා ඇඹිලිපිටිය නගරයේ අද (9) විරෝධතාවක් සහ විරෝධතා පෙළපාළියක් පැවැත්විණි.
දේශයේ උතුම් මව්වරුන්ට සාෆි කළ අපරාධයට ජනතා ශාපය ‘ඇඹිලිපිටියේ මාතාවෝ’ යනුවෙන් සදහන් බැනරයක් පෙරටු කරගෙන කළු කොඩි අතැතිව කාන්තාවෝ පිරිසක් පෙළපාළියේ පෙරමුණේ ගමන් කළහ.
ඇඹිලිපිටිය නගරයෙන් ආරම්භ කළ පෙළපාළිය නව නගරයේ සතිපොළ දක්වා පැමිණියේය. 150ත් 200ත් අතර පිරිසක් ඊට එක්ව සිටියහ. සාෆි වෛද්‍යවරයාගේ සහ රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ අනුරූ ද පෙළපාලියේ රැගෙන යනු දැකගත හැකිවිය.
පෙළපාළිය අවසානයේ සාෆි වෛද්‍යවරයාගේ අනුරුවේ ගෙලට තොණ්ඩුවක් දා විදුලි කණුවක එල්ලනු ලැබීය. රාජිත සේනාරත්න ඇමතිවරයාගේ අනුරුවට පොලූවලින් සහ පොල් හනසුවලින් පහරදී පසුව ගිනි තබනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිකරුවන්ට හා ඒවාට අනුබල දෙන්නන් හට මෙවැනි විරෝධතා දැක්විය යුතුමයි.
සාධාරණය ඉටු වනතුරු අපි බලා සිටිමු. මේ රටේ නීතිය සැමටම එක සමාන යැයි අපි තවමත් විශ්වාස කරමු.
කිසිම තේරුමක් නැති පෙළපාලි යන්නේ නැතිව ගම්වල දියුණුවට ශ්‍රමදානයක් කළොත් හොඳ නැද්ද? කුරුණෑගල රෝහලේ ප්‍රශ්නය විසඳිය හැක්කේ එම විෂය ගැන දන්නා බුද්ධිමතුන්ට පමණයි.
පරීක්ෂණයකින් අනතුරුව තහවුරු කරගෙන මිසක් දෙයක් ඔප්පු වෙන්න කලින් මේ කරන්නේ දේශපාලනික උවමනාවක් ඉෂ්ඨ කිරීමක් වෙන්න පුළුවන්.අපේ බහුතරයක් ගැහැණු උදවිය මහින්ද සමග පන ඇරලනේ.
මේ කාන්තාවන්ට සිසේරියන් සැත්කම් වලට නොගියානම් මෙවැනිදේ නොවෙන බව නොතේරෙන්නේ ඇයි.
මෙවන් අර්ථ ශුන්‍ය ජනතා පෙළගැසීම්වලින් පෙනෙන්නේ, රටේ චින්තන බෙලහීනතාවයයි. සංස්කෘතික පරිහානියයි. ගෝත්‍රික වහල්බාවයයි. රට මෙසේ තවත් ඉදිරියට ගමන් කරනතාක්, මේ දූෂිත දේශපාලනයට ආයුෂ ඇතිබව ඒකාන්තයි.
හැබැයි මේක වෙලා තියෙන්නේ ඇඹිලිපිටියේ නේද?
දේශපාලකයන් මේවායින් සැලෙන්නේ නැත. සැලෙනවානම් ඔවුනට දේශපාලනය කොරන්න බැරිය. ඔවුන් මේවා දිහා බලන්නේ අවඥාවෙන්.....
අනුන්ට ඇඟිලි දික් කරන්න කලින් ලංකාවේ සමාජය කාන්තාවන්ට සලකන්නේ කොහොමද කියලා මෙනෙහි කරන්න. දරුවෙකු නැති කාන්තාවන්ට ඇනුම් පද කියමින්, ගරහමින්, පවුලේ සුබ කටයුතු වලින් කොන් කරමින් කුඩම්මාගේ සැලකිලි දක්වන්නේ ඊනියා දොස්තරලද? ළමයෙකු ලැබෙනකන් බැඳපු ගැහැනියකට කන් ඇහිල්ලක් නැහැ. නැන්දම්මාගේ සිට කාර්යාලයේ ඕපාදූප අම්මණ්ඩිලා දක්වා අහන ප්‍රශ්න කෙළවරක් නැහැ. ඒ මානසික පීඩාව හොඳටම ඇති දරුවෙකු ලැබීම ප්‍රමාදවෙන්න. අමුතුවෙන් දොස්තර ශාෆි අත ගහන්න ඕනෑ නැහැ.
ඒ මිනිස්සු ඩිග්රි ගහලා නැතුව ඇති. ඒත් නූගත් කියා නිගරු කරන්න එපා. හිතේ වේදනාව ආවේගයක් වෙලා එලියට එන්නෙ නැද්ද මේ වගේ සිද්දියකදි?