(අජන්ත කුමාර අගලකඩ)
දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගොඩනැගීමට යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (17) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන්ගෙන ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා අද පැවැති කැබිනට් රැස්වීමේදී දීර්ඝ පැහැදිලි කිරීමක්ද කර ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉකුත් අප්‍රේල් මස 30 වැනිදා වනවිට රුපියල් කෝටි 10,255 ක පමණ මුදලක් ණය වී ඇති බවද ඉන් සියයට 70 ක්ම රාජ්‍ය බැංකුවලට හා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය බවත් රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දී ඇත.
ගුවන් සමාගමේ සමස්ත ණය වාරිකය මෙරට ජාතික ආදායමෙන් සියයට එකක් පමණ වන බව පවසා ඇති එරාන් වික්‍රමරත්න මහතා එම ප්‍රමාණය අනුව සෑම පුරවැසියෙක්ම රුපියල් 7300 ක පමණ මුදලක් ණය වී ඇති බව පවසා තිබේ.
පාඩු ලබමින් පවතින ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා උපායමාර්ගික ආයෝජකයකු සොයමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්ගේ දෑවැද්ද දෙන්න තියාගන්න.
අලුතින් බිලියන තුන හතරකට අලුත් යානා ගමු කියයි. යන වෙලාවේ සුද්දෙකුත් දිීගෙනම යන්න. පස්සේ එන ආණ්ඩුවනේ ඒ ඇණවුම් අවලංගු කරලා වන්දි ගෙවන්නේ.
මෙතන පාඩු වෙන්න විදිහක් නැහැ. ලොක්කෝ සල්ලි මාටියා ගහනවා.එහෙම කියලා කීයක්වත් අඩු නෑ ටිකටි. හොරු ටික අල්ලගෙන එළියට දැම්මම පාඩු වෙන එකක් නැහැ.
වහලුන්ට අමතකයි, එමිරේට්ස් යටතේ, හොඳට ලාභ ලබපු අපේ ගුවන් සේවය, අප්පච්චි සහ නඩයට හදිසි ආසන වෙන් කිරීමක් ප්‍රතික්ෂේප කළ නිසා ආපහු 'ජාතියට' පවරගත්ත බව. මේ එකේ ප්‍රතිඵල තමයි, දැන් කිසිම ගුවන් සේවයක් නිකං දුන්නත් ශ්‍රී ලංකන් බාරගන්නේ නෑ...
ඕක ඉස්සෙල්ලා කාපු කට්ටියටම දුන්නා නම් දෙකින් එකක් වෙනවනේ...
අමුතු යෝජනා මොකටද? මේකේ පරිපාලනය ගුවන් සමාගමක් හරියට ගෙනියන්න දන්නා සමාගමකට භාර දෙන්න.
ඩොලර් කොටි 63 වන්දි වෙනුවට 83 ගෙවල දැන් කරුණු අහනවා. අලුත් ගුවන් යානා හයක යන්න අපි ආඩම්බරයෙන් බලාගෙන හිටිය එකත් නැහැ. බැරි හොරු වහාම ඉවත් වෙනු ජනතාවගේ පිළිතුරය .
හොරකම් කරලා දැන් 7300 ණය වෙලාලු. හොරාගේ අම්මගෙන් පේන අහන්න අපිට සිදුවෙලා. වහාම ඉවත් වෙනු .
දැන් කාටවත් විකුණා ගන්නත් බැහැ නේ ඉතින් කවුද මේක භාර ගන්නේ අන්තිමේ ... තමන්ගේ බුදලේ වගේ රටේ තියෙන සම්පත් විකුණන් කන මේ අය එළවලා අපි හරි ගමනක් යන්නේ කවදද ?
ඇත්තටම දැන් ඉන්න ශ්‍රී ලන්කන් සේවකයන් දැන් ඉතාම දුර්වල මට්ටමේ පුහුණුවක් සහිත කට්ටියක්. ආහාර අඩු ගුණාත්මකතාවයකින් තියෙන්නේ. (ජනාධිපති තුමන්ම කියනවා වගේ බල්ලෙකුට කන්න බෑ කියලා) මම මේ අන්තිම අවුරුදු 15ම ශ්‍රී ලන්කන් එකෙන් යනවා. එමිරේට්ස් කලමනාකරණය යටතේ තියනකොට ගුවන් සේවකයෝ ඉතාම හොඳ පුහුණුවක් සහිත කණ්ඩායම වුණා. ආහාරපාන අනෙකුත් සේවා ඉතාම හොඳ මට්ටමක තිබුණා.. දැන් එන්න එන්නම පහළට වැටෙනවා. අපේ බදුසල්ලි වලින් නඩත්තු වෙනවා.
ඔය හොරු ඉන්නකම් ඕක තියා රජයේ කිසි ආයතනයක් ගොඩ ගන්න බැහැ. සේරම කාබාසිනියා කරලා තියෙන්නේ කොමිස් ගහලම. ඒ මදිවට තව එකක්...
මගේ අදහස නම් මේ ආයතනය වසා දැමිය යුතු බවයි. මේවා මහජන මුදල් කා දමන නාස්තිකාර වියදම් . සුදු අලි .මේ ආයතන නඩත්තු කරගෙන යනවට වඩා ටිකට්පත් නොමිලේ දුන්නත් ලාභයක් තියේවි.