IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


‘ශ්‍රී ලංකා සාම සාධක භටයන් අඩු කරන්නේ නෑ’

ශ්‍රී ලංකා සාම සාධක භටයන් තවදුරටත් අඩු නොකරන බවට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම් ජීන් පියරේ ලැක්‍රොයික්ස් මහතා තහවුරු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහ ලේකම් ජීන් පියරේ ලැක්‍රොයික්ස් මහතා හමුවී දැක්වූ කරුණුවලට පිළිතුරු දෙමින් ඔහු එසේ පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙයුම් සඳහා අනුයුක්ත කර සිටින ශ්‍රී ලංකා හමුදා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතාගේ නියෝජ්‍ය ප්‍රකාශකවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා එලෙස කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා සාම සාධක භටයන් තවදුරටත් අඩු නොකරන බවට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම් ජීන් පියරේ ලැක්‍රොයික්ස් මහතා පවසා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් එක්සත් ජාතීන්ගේ 74 වැනි මහ මණ්ඩලය සැසිවාරයට සහභාගී වී සිටින ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය හොබවන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා වන අතර හෙතෙම නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඉකුත් දා (27) එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම් ජීන් පියරේ ලැක්‍රොයික්ස් මහතා හමුව වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. 

ශවේන්ද්‍ර සිල්වා මහතාට එල්ල වී ඇති චෝදනා කිසිවක් ඔප්පු වී හෝ සනාථ කර හෝ නැති බවත් එම චෝදනා තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්කි හමු වී නොමැති බවත් මෙහිදි රවිනාථ ආර්යසිංහ මහතා සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් මාධ්‍ය නිවේදනයේ මෙසේද දැක්වේ. 

055



අදහස් (1)

‘ශ්‍රී ලංකා සාම සාධක භටයන් අඩු කරන්නේ නෑ’

upali Monday, 30 September 2019 04:52 AM

මේක දැන් රටේ දැවෙන ප්‍රශ්නයක්ද?

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 327 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 356 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1289 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site