(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව එහි මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා නිල වශයෙන් මැතිවරණ කොමිසන් සභාවට අද (03) දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මහ මැතිවරණය ප්‍රකාශ කර දින 7ක් ඇතුළත දී මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දිය යුතු වේ.
ඒ අනුව මෙම දැනුම්දීම කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහප්‍රාණ පක්ෂවල නමවල් මටවත් තේරෙන්නේ හෝ හඳුනාගන්න බැරිනම් අහිංසක මිනිස්සු මොනා කරන්නද?
පුටුව පෙරලුනද?
අනේ ඉතින් මගේ අත වෙන කාට දෙන්නද. මට පොහොට්ටුවේ පිහිට තමයි.
මොනවද මේ කතා.