(යොහාන් භාසුර)
ක්‍රිකට් තරග මුදලට පවාදීමට යෝජනා කළ බවට චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගෙන් දෙවැනි ප්‍රකාශය ලබාගැනීමට නියමිත යැයි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසයි.
සචිත්‍රගේ වත්කම් පිළිබඳ වාර්තාව එම පොලිස් ඒකකයට ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බවත් ජගත් ෆොන්සේකා මහතා කියයි.
‘කොවිඩ්’ වයිරස් අවදානම හේතුවෙන් කිසිවකු කැඳවීමට නොහැකි බවත් සෞඛ්‍ය අවදානම පහව ගිය පසුව සචිත්‍ර නැවත කැඳවන බවත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
සචිත්‍ර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මාර්තු මස 3 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණ සංකීර්ණයේ පිටිහි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන්නේය.
හම්බන්තොටදී පසුගිය වසරේ පැවැති ශ්‍රී ලංකා ප්‍රීීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයකුට තරග පාවාදීමට යෝජනා කළ බවට සචිත්‍රට චෝදනා එල්ල විය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකා ටෙස්ට් ක්‍රීඩක සචිත්‍රගෙන් තවත් ප්‍රකාශයක් ගන්න යයි