(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පාකිස්තාන ජනතාවට ආරාධනා කරන බව දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා පවත්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (24) ප්‍රකාශ කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාකිස්තාන අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් අතර කොළඹ ජනාධිපති මන්දිරයේදී අද (24) පෙරවරුවේ ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්විණි.
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.
ගොවියාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන ආකාරයෙන් කෘෂි ආර්ථිකය නගා සිටුවීම සිය ඉලක්කය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි ප්‍රකාශ කළ අතර එය තමන්ගේ ද ඉලක්කයක් බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා කීය.
දෙරටේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හුවමාරුව පිළිබඳව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ අදහස් හුවමාරු කරගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාකිස්තානය මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවකු යැයි ද කීය.
දෙරට අතර වෙළෙඳාම ප්‍රවර්ධනය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ ගැන ද ජනාධිපතිවරයා, පාකිස්තානය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වීය.
කොවිඩ් වසංගතය මර්දනයත් සමඟ මෙරට සංචාරය සඳහා පාකිස්තාන ජනතාවට ආරාධනා කරන බව මෙහිදි ප්‍රකාශ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙරටේ සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළේය.
පාකිස්තානයේ කෘෂි ආර්ථිකය බෙහෙවින් ශ්‍රී ලංකාවට සමාන බව මෙහිදි පැවැසූ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙරටේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හුවමාරුව සඳහා එකඟතාව පළ කළේය.
තාක්ෂණික දැනුම හුවමාරුව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි රාජ්‍ය නායකයෝ දෙදෙනා මෙම ද්විපාර්ශවීය සාකච්ඡාවලදී අවධානය යොමු කළහ.
විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධිකරණ අමාත්‍ය අලි සබ්රි, පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය මක්දුම් ෂා මෙහෙමුඩ් කුරේෂි, වාණිජ කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක අබ්දුල් රසාක් ඩාවුඩ්, විදේශ කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය විශේෂ සහායක බුකාරි සෙයිඩ් ෂුල්ෆිකාර්, විදේශ කටයුතු ලේකම් සොහෙයිල් මෙහමුඩ්, ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස්මේජර් ජෙනරල් (විශ්‍රාමික)මොහොමඩ් සාඩ් කටක් , ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද්විපාර්ශ්වික සාකච්ඡාවට එක්ව සිටියහ.
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ශ්රී ලංකාවේ සංචාරය කරන්න’යි පාකිස්තානු ජනතාවට ජනපතිගෙන් ආරාධනාවක්
sharm warn Wednesday, 24 February 2021 10:31 AM
අමුතුවෙන් ආරාධනා කරන්න දෙයක් නැහැ. අර මීගමුවේ ඉඳන් ජාඇළ දිහාට එනකල් ලස්සනට ඇවිල්ලා පදිංචි වෙලා ඉන්නේ. අපේ ඊළඟ ව්‍යවසනය.. බයියන්ට නම් සතුටු ඇති. සර් කිව්වනේ..
රජින්ද Wednesday, 24 February 2021 10:55 AM
හයියෝ.. ආරාධනා කරලා ගෙන්න ගන්න හිතුවද පාකිස්තානේ කියන්නේ යුරෝපා හරි... උතුරු ඇමෙරිකා රටක් කියලා. ඒ අයත් අපි වගේම තමයි. චීන ලෝන්වලින් රිම් එකෙන් යන්නේ. හිඟන්නෙක් තවත් හිඟන්නෙක්ගෙන් හිඟමන් යදිනවා දැක්කාමයි..
siri Wednesday, 24 February 2021 11:38 AM
සංචාරය කරන ගමන් පදිංචි වෙන්න හොඳ තැන් ගැන සොයාබලන්නත් පහසුකම් ලබාදෙන්නද දන්නේ නැහැ සාකච්ඡා කලේ. රටවල් දෙකක රාජ්‍ය නායකයින් දෙදෙනෙකු කතා බස් කරන තැනකට සහභාගි වෙන්න එක රටක අධිකරණ ඇමතිට බාරදුන්න භූමිකාව මොකද්ද කියන එකයි ප්‍රශ්නය...?
beau Wednesday, 24 February 2021 11:52 AM
අපොයි ඒ ගොල්ලෝ ගෙන්වන්න ඕනෑ නැහැ. මද්‍රසා කාරයින් වැහි වැහැලා වගේ හිටීවි ලංකාව පුරා... මේ අය අපිට කරපු දේ අමතකද? මෝඩ වැඩ කරන්න එපා.
බද්රානි Wednesday, 24 February 2021 11:59 AM
දන්සල් දෙන කාලෙට ලංකාවට ගෙන්වා ගන්න නම්, කියපු සංචාරකයින් තමයි පාකිස්තානයේ ඉන්නේ... කොහොමත් අපේ ජනාධිපතිතුමාට ලෝක සංචාරකයින් ගැන හොඳ අවබෝධයක් තියන පාටයි...
fairoos Wednesday, 24 February 2021 12:31 PM
යුද්දේ කාලේ පාකිස්තාන් උදව් හොඳයි. දැන්නම් එපා.
NuwanWednesday, 24 February 2021 01:52 PM
තමුන්ට උදව් කළ පමණින් රට කන්න හදන අයට ඉඩ දෙන්නද කියන්නේ? ඔහෙලා නම් ඉතින් උසේ, හවස අරාබියට, පාකිස්තානයට නැමෙන අයනේ...
fairoosWednesday, 24 February 2021 02:22 PM
නුවන්, කොහේද යන්නේ මල්ලේ පොල්ද?
samanThursday, 25 February 2021 03:26 AM
ලංකාවට විවිධ රටවල් වලින් යුද උපකරණ මිලදී ගත්තා. එහෙම නම් ඊශ්‍රායලයත් අපට උදව් කරලා තියෙනවානේ..
Nuwan Wednesday, 24 February 2021 01:51 PM
පැතුවේ දියසෙන් කුමරෙක්... නමුත් ලැබුණේ...
Banda Wednesday, 24 February 2021 02:01 PM
මොකද ලංකාවේ කුඩු බිස්නස් තවතවත් දියුණු කරන්නද?
sunil Wednesday, 24 February 2021 02:18 PM
ගඟ පලාගෙන ආවේ මේකටද දෙයියනේ...?
de silva Wednesday, 24 February 2021 03:05 PM
මොලේ හොඳ නැද්ද? අපේ පුරවැසියන්ට රටට ඇතුල්වෙන්න බැරිවිදිහට තහංචි දමලා පාකිස්තානයේ මිනිස්සුන්ට මෙහෙ ජොලි කරන්න එන්න කතා කරන්නේ...?
kamalThursday, 25 February 2021 09:04 AM
හා හා ... කට කට... අතමාරුවක් ඉල්ලගන්න තියෙන අවස්ථාව නැති කරන්න එපා..
Rata Perata Thursday, 25 February 2021 07:39 AM
ජනතාව පැතුවේ දියසේන ... නමුත් ආවේ...!!!