(තිළිණි ද සිල්වා)
සාමය සහ සංහිඳියාව අනතුරේ හෙළමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන දේශපාලනික හා ආගමික බලපෑම් පිළිබඳව දැඩි අවධානය යොමුව ඇති බව යුරෝපා සංගමය පවසයි.
යුරෝපා සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මාධ්‍ය මඟින් නොකඩවා ප්‍රචාරය කරනු ලබන අගතිගාමී සත්‍යතාව තහවුරු කර නොගත් තොරතුරු මඟින් සිදු වන්නේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වීම පමණක් බවයි.
ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය. නෙදර්ලන්තය, රුමේනියාව, ස්විස්ටර්ලන්තය සහ නෝර්වේ යන තානාපති කාර්යාල ද එක්සත් රාජධානී මහ කොමසාරිස් කාර්යාලයේ ද එකඟතාව මත මෙම නිවේදනය නිකුත් කර ඇත.
සියලු ප්‍රජාවන් අතර සාමකාමී සහ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන සියලු ශ්‍රී ලාංකිකයින්ට සහයෝගය ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි.
එකිනෙකා අතර ගරුත්වය, සාධාරණත්වවය ඇති කිරීමට සහ විශ්වාසය හෝ ජනවර්ගය යන සාධකවලින් තොරව සියලු දෙනාට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ කැපවීම තවදුරටත් තහවුරු කරන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු සියලු දේශපාලන නායකයින්ගෙන් තරයේ ඉල්ලා සිටින බව යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
ඉකුත්දා අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත් බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.
රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට බාධාවක් වූ, එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියු
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක
වැලිගම පැලෑණ හෝටලයකදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය සොයමින් සිටි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දැඩි ආරක්ෂාවක්
තිස්සමහාරාම ,පන්නෙගමුව රාජකීය විදුහලේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු අද(19)වන දා සවස 6.30 ට පමණ වෑන්
ග්‍රෑන්ඩ්පාස්, නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරකු කොස්ගස්
කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථාන අතර අද සවස ගැලවී
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව වෙතට යුරෝපා සංගමයේ අවධානය
Paparasi Thursday, 13 June 2019 06:36 AM
ඔක්කොම මුස්ලිම් ප්‍රජාව යුරෝපයට ගෙන්නගත්තනම් හරි!. මේක හොද අවස්තාවක් මුස්ලීම්වරුන්ට!
ET Thursday, 13 June 2019 06:37 AM
2100 දී යූරෝපයේ බහුතරයක් මුස්ලිම් වනු ඇත. එයට හේතුව මුස්ලිම් ජනතාවගේ වේගවත් වර්ධනය සහ සංක්රමනයයි. එවිට යුරෝපයේ ෂරියා නීතිය ක්‍රියාත්මක වීමට පුළුවන. යුරොපයේ සම ලිංගික විවාහ, ගබ්සාව, සම ලිංගීකයන් දරුවන් ගර්භාෂ කුලියට ගෙන සෑදීම මේ නිසා නැතිවී යතැයි බලාපොරොත්තු විය හැක.
Suresh Berminham Thursday, 13 June 2019 06:38 AM
ඉතා හොඳ ප්‍රවණතාවයක්. ශ්‍රී ලංකාව කියන්නෙත් ලෝකයේ කොටසක් බව නොදැන ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ බොහෝ අය වැඩ කරනවා. එය එසේ නොවන බව ඔවුන්ට දැන්වත් අවබෝධ විය යුතුයි
de silva berlin Thursday, 13 June 2019 06:49 AM
මේ ප්‍රහාරයට කලින් මෙහෙම ප්‍රශ්න තිබුණේ නැහැ , මනුෂ්‍යෙයා් 300 විතර මැරිලත් , ආර්ථිකය විශාල ලෙස කඩ වැටි තිබියදීත් මිනිස්සු 83 කළු ජූලියේ වගේ හැසිරුනේ නැහැ .....
Shashika519 Thursday, 13 June 2019 07:12 AM
ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය. නෙදර්ලන්තය, රුමේනියාව, ස්විස්ටර්ලන්තය සහ නෝර්වේ රටවල් සමග අයිසිස්ලට සංහිදියාවෙන් ජීවත්වීමට කටයුතු උදා කල යුතුය..
Indunil Thursday, 13 June 2019 07:14 AM
මුස්ලිම් අයටද වැරැද්ද උනේ ?
sharm warn Thursday, 13 June 2019 07:16 AM
යුරෝපා සංගමේ බළලෙක් මල්ලෙන් එලියට පැන්නලු ඔන්න. එයාලට ඉස්ලාම් ත්‍රස්තවාදෙන් බැටේ වැදෙනකොටත් අනුන්ගේ කිල්ලෝට වල හුණු හොයන්න එනවා. වැඩි කල් නොයා යුරෝපය ඉස්ලාමිකරණය වෙන්නේ මේ මෝඩ වැඩ නිසා තමයි. අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. අප්‍රේල් 21 මැරුනේ සිංහල සහ දෙමල මිනිස්සු. නැති භීෂණයක් මවන්න උත්සහ කරන අන්තර්ජාතික අවස්තාවාදින්ගෙන් රට බේරා ගැනීම රජයේ වගකීමක්. ප්‍රශ්නේ තියෙන්නෙත් එතන. අපිට වගකීමෙන් වැඩ කරන රජයක් නැතිකම..
chithranandaThursday, 13 June 2019 11:26 PM
මෙහිදී මෙම ගැටලුව පිළිබඳව අප නිවැරදිව තේරුම් ගත යුතුය.මෙය සිංහල ජනතාව ඉලක්ක කරමින් මුස්ලිම් ජනතාව කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයක් නොවේ.ආගමික පාඨ අවභාවිතයේ යොදවමින් අන්තවාදී කොටසක් විසින් ලොව පුරා අන්තවාදයක් නිර්මාණය කර ඒ තුලින් මුස්ලිම් ලොවක් එසේත් නැතිනම් කලිෆාතයක් බිහි කිරීමට ගන්නා උත්සහයක් ලෙසයි.අප තේරුම් ගත යුත්තේ.බටහිර වැසියන්හට ප්‍රහාර එල්ල කර ඔවුන් අස්ථාවර කිරීම මොවුන්ගේ ඉලක්කයයි.අප මෙහි චුදිතයන් ලෙස සමස්ත ශ්‍රී ලාංකික මුස්ලිම්වැසියන් වෙත පැටවීම නිවැරදි නොවේ.මෙහි ප්‍රධාන චුදිතයන් වන්නේ රටක ජාතික ආරක්ෂාව නිසි ලෙස ක්‍රියාත්මක නොකළ පාලක පැලැන්තිය වේ.
sharm warnFriday, 14 June 2019 09:06 AM
.. ඊට හොදම උදාහරණය තමයි ඊයේ තේරීම් කාරක සභාවේදී රාජකාරි ඇදුම් සම්බන්ධව රවුෆ් හකීම් නැගු ප්‍රශ්න . බෝම්බ පිපිරුණු විගසම මුස්ලිම් පුජකවරු ප්‍රසිද්ධියේම කියා සිටියා කාන්තාවන් මෑතකදී භාවිතයේ තිබුණු ලෝගු ඇදුම් සහ හිස් ආවරණ තව දුරටත් භාවිතා කිරීම අනවශ්‍ය බවත් ඒවා පළදින්නට අත්‍යවශ්‍ය නම් තමන්ගේ නිවසේ ඒවා පැළදගෙන සිටිය හැකි බවත්. නමුත් ඊයේ හකීම් රාජ්‍ය පරිපාලන නිලධාරියාගෙන් පුන පුනා අසා සිටියේ ඇදුම් ප්රශ්නය නිසා රැකියාවට එන්නට නොහැකිව සිටින කාන්තාවන් සිටින බව දන්නවද කියා ය. රටේ ආරක්ෂාව පසෙක ලා මෙවැනි කරුණු උළුප්පමින් ක්‍රියා කිරීම අන්තවාදී නොවෙමින් එයට සහය දැක්වීමක් නොවේද ?
Nishantha Thursday, 13 June 2019 07:19 AM
බෝම්ව ප්‍රහාර වලින් දුක් විඳින ජනතාව ගැනත් අවධානය යොමු කරනවනම් හොඳයිනේ.
Prabath Thursday, 13 June 2019 07:21 AM
සාමය සහ සංහිඳියාව අනතුරේ හෙළමින් ශ්‍රී ලංකාවේ සිංහල (කතෝලික) ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ මුස්ලිම් දේශපාලනික හා ආගමික ත්‍රස්තවාදී ක්‍රියාව පිළිබඳව දැඩි අවධානය යොමු කලොත් වඩා හොඳයි. ඒ පිළිබඳව අපි යුරෝපා සංගමය පිළිබඳව දැඩි අවධානයෙන්. හොඳේ.
Amarabandu Thursday, 13 June 2019 07:26 AM
මේකේ ඉන්න අයට පේන්නෙම ලොකු ගානක් මැරුණට පස්සේ තත්ත්වය විතරයි.
සේන Thursday, 13 June 2019 08:09 AM
පාස්කු ප්‍රහාරය , පල්ලිවල තිබූ අසීමිත ආයුධ , ඔවුන්ගෙන් කියැවෙන අන්තවාදී ප්‍රකාශන මෙයාලා දැකලා නෑ. මේක තමයි මෙයාලාගෙ න්‍යාය .පුදුම විය යුතු දෙයක් නෑ
Neel Perera Thursday, 13 June 2019 08:59 AM
අපිත් කියන්නේ ඕකම තමයි
de silva berlin Thursday, 13 June 2019 09:01 AM
මෙම රටවල් එකතුවෙලා ලංකාවෙන් කරන ඉල්ලීම අනුමත කල නොහැක , මේක ලංකාවේ විතරක් තිබෙන ප්‍රශ්නයක් නොවේ යුරෝපයේත් තිබෙන ප්‍රශ්නයක්, ලෝකයේ මුස්ලිම් සුළුතරයක් ලෙස ජිවත්වන මුස්ලිම්වරු බහුතරය සමග සුහදව එකට ජිවත් වුන, නමුත් දැනට අවරුදු 10 ක පමණ කාලයක් සිට මේ සුළුතර ප්‍රජාව බුර්කා වැනි ඇදුම් අදින්නත් , බහුතරයෙන් ඈත්ව කල්ලි ගැසෙන්නත් පටන් ගත්තා, ඉන්පසු is වැනි කල්ලිවලින් එම රටවල ජනජීවිත වලටද කරදර සිදු වුණා, ප්‍රංශය ,ඉතාලිය ස්විස්ටරලන්තේ වැනි රටවල් එක්ක සන්සන්ධනය කරනකොට ලංකාවේ සුළුතරයක් වන මුස්ලිම් ජනතාවට පසුගිය ආණ්ඩු සහ මෙම ආණ්ඩුව උපරිම අයුරින් සලකලා තිබෙනවා , මෙහෙ මුස්ලිම් වරුන්ගේ ආගමික උත්සව වල නිවාඩු රජයේ නිවාඩු දින බවට පත්කරලා තිබෙනවා , මුස්ලිම් කටයුතු භාර ඇමති කෙනෙක් ඉන්නවා, මුස්ලිම් අයට විශේෂ නීතියක් තිබෙනවා, පසුගිය කාලේ ඔවුන් ඔවුන්ට ඕනේ විදිහට රටපුරා පල්ලි හදන්න නිදහස දීලා තිබෙනවා, මුස්ලිම් ආණ්ඩුකාරවරු , මුස්ලිම් ඇමතිවරු රටේ ඉන්නවා. තත්වය මෙසේ තිබියදී මේ රටවල් අපෙන් කරන ඉල්ලීම අයුක්තිසහගතය .
Naushad Thursday, 13 June 2019 10:28 AM
මහජනතාවගේ හැසිරිම ඉතා ප්‍රශංසනියයි, මාධ්‍ය හැසිරිම ඉතා අසතුටුදායකයි.
Perakum Thursday, 13 June 2019 11:44 AM
මෙහෙ ඉන්න කට්ටිය එක්කොම ගෙනිහින් යුරෝපා සංගමයේ පදිංචි කරගන්න කියන්න. එතකොට ප්රශ්නය ඉවරනේ. හැබැයි ඉතින් ඒගොල්ල දැනටමත් මුස්ලිම් ප්‍රජාවගේ ග්‍රහණයට අහු වෙච්ච බව තවම දන්නේ නෑ.
priyantha Thursday, 13 June 2019 11:50 AM
අර 254 මරුණ හේතුව ගැන කිසිම අවදානයක් නැද්ද මුන්ගේ රට වල නගර වල බෝබ්බ පුපුරද්දී අගමැති වරිය කෑගහනවා... අපි නීති වෙනස් කරලා ත්‍රස්තවාදය නවත්වනවා කියල මේවට කියන්නේ වැදී බන
SHAN Thursday, 13 June 2019 12:45 PM
ලංකාවේ කාටවත් අවදානය යොමු කරන්න දෙයක් නැහැ අපේ රටේ ප්රශ්නය අපි බේරා ගන්නම්.
menna Thursday, 13 June 2019 12:53 PM
යුරෝපයෙයි, ඇමරිකාවෙයි බෝම්බ පිපිරෙද්දී ඒ රටවල් වලට මිනිසුන් යන්න බය වෙනවා. ලංකාව ස්ථාවර නම් ලංකාවෙන් යන මිනිස්සුත් අඩු වෙනවා, ලංකාවට විනෝදෙට සංචාරයට එන මිනිස්සුත් වැඩිවෙනවා. එතකොට ආර්ථිකය ඉබේටම ස්ථාවරයි. ලංකාවේ යුද්දේ නතර වෙලත් මේ වගේ දෙකට ඉඩ ලැබීම ගැන මට තියෙන්නේ කනස්සලක්. මේ වෙච්චදේ අවුරුදු තිහක යුද්දය හා සමාන සුදුවක්. අනික ආගම්වල උගන්වන දේවල් වලින් මානසික අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගෙන. අනවශ්‍ය ලෙස ආගම ඉස්සරහට දාගෙන රටේ නිදහසට බලපෑම් කිරීම සුදුසු දෙයක් නොවේ.
[email protected] Thursday, 13 June 2019 01:26 PM
මෙයාලා මේ දේවල් තේරුම් ගත්ත නම් අද මෙහෙම දේවල් වෙන්නේ නැහැ. මෙයාලා තමයි ලෝකයේ ත්‍රස්තවාදය වපුරන්නේ.
Umar Thursday, 13 June 2019 02:20 PM
අපිට අපේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. මෙච්චරකල් අපිම තමා ප්‍රශ්න විසඳ ගත්තේ. අප හැමෝටම ප්‍රශ්න තියෙනවා.
Chanak los angeles Thursday, 13 June 2019 09:09 PM
බඳුනක් කැඩුනට පසුව අලවා සවිකරන්න පුළුවනි . නමුත් පෙර තිබුණු තත්වයට එය කිසිම ලෙසකින් ගන්න බැහැ.. අද වෙලා තිබෙන්නේ ඒ දෙයයි.අසුහාරදහසක් දර්මස්කන්ධය දේශනා කල බුදුවහන්සේ පිරිනිවී යන මොහෙතේ එම දේශනා සමුහයෙන්ම එක් දේශනාවක් අවසාන දේශනාව හැටියට ගෙන හැර සබ්බ පාපස්ස අකරනන් කියා වදාලන්න සිත්වූ පමණින් වරදේ තිබෙන අයහපත් ස්වභාවය තේරුම් ගත හැකියි.
Manoh Thursday, 13 June 2019 11:44 PM
සියලු මුස්ලිම් වරුන්ට සාධාරණයක් ලෙස ලන්කාවේ මුස්ලිම්වරුන් යුරොපයට යවන්න. Isis ප්‍රදාන කාර්යාලය යුරෝපයේ පිහිටවන්න.
Rohana Friday, 14 June 2019 03:02 AM
යුරෝපා සංගමයට මුස්ලිම් අන්තවාදීන්ගෙන් ප්‍රහාර එල්ලවුණා දාට මේ ප්‍රකාශය වෙනස් කරන්න සිදුවෙය්.
Rajesh Kumar Friday, 14 June 2019 07:06 AM
යුරෝපා සංගමය මහන්සි වෙන්න ඕනෑ නැහැ. මුස්ලිම් ජාතිකයන් සුරකින්න ඕන තරම් මැද පෙරදිග රටවල් තියෙන්නෙ...
Bamunuarachchi Friday, 14 June 2019 11:05 AM
සුරේෂ් බර්මිංහැම්, ලංකාවෙන් යුරෝපයට ගිය බොහෝදෙනෙකුට ඔය ලෙඩේ තදින්ම හැදෙනවා. කියන්නකෝ ලංකාවේ සිටින අපි අවබෝධ කරගත යුත්තේ මොනවාද කියලා? හම්බයින්ටයි, දෙමළුන්ටයි රට දීලා සිංහලයන් රටේ පැත්තකට යායුතුයි කියලද?