(මනෝප‍්‍රිය ගුණසේකර)
ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 10 ක් මිලදීගැනීමේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 20ක අල්ලසක් ලබාගන්නා ලදැයිද මුදල් විශූද්ධිකරණය කරන ලදැයිද කියන සිද්ධීන්වලට සම්බන්ධ බව කියන ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරීවරයාගේ හා ඔහුගේ බිරිඳගේ ජාතික හැඳුනුම්පත්වලින් ආරම්භ කර ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර ලබාගෙන පරීක්‍ෂණ කරන බව රහස් පොලිසිය කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය.
ඒ අතර මෙම සිද්ධීන්වලට සම්බන්ධ බව කියන ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරීවරයාට හා ඔහුගේ බිරිඳට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝගයක්ද නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළව විමර්ශන කරන අතරතුර අදාළ සැකකරුවන් රටින් පිටවීමට ඉඩ ඇතැයි කියමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත‍්‍රාත්වරයා ඔවුන්ට රටින් පිටවීම තහනම් කරමින් මීට පෙර අවස්ථාවක නියෝගයක් නිකුත් කර තිබු අතර එම නියෝගය ඉවත දමන්නැයි සැකකරුවන්ගේ පාර්ශවයෙන් කර තිබු ඉල්ලීම ඉවත් කරගැනීම නිසා රටින් පිටවීම තහනම් කරමින් පනවා ඇති නියෝගය බලාත්මක වේ.
මෙලෙස රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කොට ඇත්තේ මේ වන විට අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කොට සිටින ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයතු කළ කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳ වන ප‍්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මියටයි.
ප‍්‍රංශයේ Air Bus SAS සමාගම සමඟ 2013 මැයි මස 16 වැනිදා එළැඹි අවබෝධතා ගිවිසුමකට අනුව ශ‍්‍රී ලංකන් සමාගම ගුවන් සේවය ස`දහා A-330-900 ගුවන් යානා 04ක් සහ A-330-300 ගුවන් යානා 06ක් මිලදී ගැනීමේදී Air Bus SAS සමාගමේ මව් සමාගම වන EADS HQ - SSC FRANCE සමාගමෙන් ඇමරිකානු ඩෙලර් විසිලක්‍ෂයක අල්ලසක් ලබාගන්නා ලදැයිද මුදල් විශූද්ධිකරණය කරන ලදැයිද කියන සිද්ධීන් සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීට පෙර අවස්ථාවක රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
කපිල චන්ද්‍රසේන මහතා ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කළ 2011 අගොස්තු මස පළමුවැනිදාත් 2015 ජනවාරී මාසය දක්වාත් අතර කාලයේදී ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 02ක අල්ලසක් ලබාගත් බවට හා මුදල් විශූද්ධිකරණය කල බව හෙළි වී ඇතැයි අධිකරණයට දැනුම්දී ඇති රහස් පොලිසිය අධිකරණයෙන් මීට පෙර අවස්ථාවක කළ නියෝගයට අනුව සැකකාර යුවළගේ ජාතික හැඳුනුම්පත් වලින් විවිධ බැංකුවල ආරම්භ කොට ඇති බැංකු ගිණුම් සම්බන්ධයෙන් වාර්තා ලබාගෙන විමර්ශන සිදුකරන බවද දැනුම් දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිස් නිලධාරීන් සමඟ නීතීපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර ගනුදෙණුවක් කරපු කට්ටිය ලංකාවේ ඇතුලේ බැංකු ගිණුම් පවත්වාගෙන යයි කියලා නම් හිතන්න අමාරුයි.
හිටපු සහ දැන් ඉන්න ප්‍රභූබිරිඳකගේ මල්ලි විධායක නිලධාරී වෙලා හිටියා නේද? මේ කාල වකවානුවේ... ඒ වගේම අලුත්ම ආරංචිය තමන්ගේ ලේලිලාගේ දෙමව්පියෝත් අධ්‍යක්ෂක තනතුරු වලට දමළලු...
ජනාධිපතිතුමනි, අප සියල්ල දන්නා පරිදි ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගුවන්සේවා වල හිටපු හොරු ඔක්කොම අල්ලන්න. කපිලව පත්කරන්න අනුබල දුන්න හොරදෙටුවාව අල්ලා දේශපාලනයෙන්ම ඉවත් කරන්න.
මේවාගේ මුදලක් මේ ගොල්ලන් ලංකාවේ බැංකුවක තැනපත් කරයි කියලා හිතන්න පුළුවන්ද?
ඕක හොරකමක් නොවේ, පාඩුවක් විතරයි කියලා තර්ක කරන අයත් ඇති මගේ හිතේ. මෙම වංචාව සම්බන්ධ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත්තේ 2016 අගෝස්තු 05 වැනිදා කියලයි කියන්නේ. නමුත් කලක් යටගසා තිබුණු මෙම විමර්ශනය 2019 වසරේදී යළි කරළියට පැමිණීමේ හේතුව කුමක්ද කියලත් සමහරු ප්‍රශ්න කරනවා.
මේ දෙන්නව තවමත් අත්අඩංගුවට අරගෙන නැත්තේ ඇයි...? රැවුලාට බයේද...? එහෙමත් නැතිනම් බේබිට බයේද...?
අපේ ලංකාව හොරාකන්නේ ශ්‍රී ලන්කන්ස් නැතිව ඉන්දියන්ස් නොවෙයි... අපි පළමුව කරන්න ඕනෑ. රටේ නායකයා හොරකම් කෙරුවා නම් එයාට දඬුවම් දෙන්න ඕන එයාගේ කකුල ළඟට ගිහින් සැලියුට් ගහලා..., දාහක් දෙදාහක් නෙමේනේ හොරාකන්නේ... මෙයාලට වැඩිය ඉහළින් කතාවක් යන්න ඇති. ඒකයි මේ කුලප්පු වෙලා නාමල් බේබි යෝෂිත මේ කට්ටිය මොකද කරන්නේ මාමා ජනාධිපති නිසා හිරේ දමන්න ලැජ්ජයිද, බයයිද අනේ මේ කෝලන් වලට යන මුදල් එකතු කරලා. අවුරුදු පහෙන් විසඳන්න පුලුවන්නම් ලෝක පුදුමයක්... හොඳම දේ පන්සල් යන එක අඩු කරන්න හැමරටක්ම හොරට දඬුවම් දෙනවා. ලංකාවේ පිරිත් කියලා නූල් ගැට ගහනවා. වාසනාවන්ත මිනිස්සු...
වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසමිද ඒ අමාරුව..?
කිසිම උගත්කමක් නැති ප්‍රභූබිරිඳකගේ මල්ලි කෙනෙක් විධායක නිලධාරි කරලා මහා විනාශයක් කළා. අපිට නම් මතකයි. ඒවාට සම්බන්ධ අය උදේ, හවා රූපවාහිනී වල ඉන්නවා දැක්කමත් හිරිකිතයි...!
හොරුන්ට තරාතිරම නොබලා දඬුවම් කරනු...!!
මේ ගනුදෙනුවේ ලොකුම කොටස යන්න ඇත්තේ මැදමුලන සහෝදර සහ පුත්‍ර සමාගමට වෙන්න ඇති
මේ ඔයාලා කට්ටියටම මම මේ කියන්නේ. මේකත් අර මහා බැංකුවේ බැදුම්කර වාර්තාව වගේ වුනේ නැතිනම් ඉතින් මේ ලංකාව නෙමෙයි. මහ මැතිවරණේ නිසා හපන්න මොකක් හරි චුවින්ගම් එකක් අපිට විසි කරන්නේ. ඕක හප හප ඉන්න එපා. වැඩක් නැහැ. මේකත් ෆොගේට් ෆයිල් එකට නොගියොත් ඉතින්. බලාගෙන ඉන්නකෝ වෙන්නේ මොනවද කියලා.......