IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිප තීන්දුව 3 වැනිදා

(ඩයනා උදයංගනී)

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගන්නා තීන්දුව එළඹෙන සැප්තැම්බර් 3 වැනිදා පැවැත්වෙන පක්‍ෂයේ 68 වැනි සංවත්සර උළෙලේ දී ප‍්‍රකාශයට පත්කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.

රට සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙළක් පක්‍ෂය මගින් සකස් කර ඇතැයි කී මහලේකම්වරයා එයට සහය දෙන අපේක්‍ෂකයකුට සහය ලබාදෙන බවද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කරගෙන යන බව කී මන්ත‍්‍රීවරයා මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවත් පක්‍ෂයක් තුළ දියවීමට ඉඩ නොතබන බව ද කීවේය.

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 68 වැනි සංවත්සර සමුළුව සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 3 වැනිදා පැවැත්වෙන අතර පක්‍ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා අදහස් දක්වන බව ද මහලේකම්වරයා කීවේය.

ශ්‍රී.ල.නි.පයට වැදගත් වන්නේ අපෙක්‍ෂකයා කවුරුන්ද යන්න නොව වැඩපිළිවෙලට එකඟවන්නේ කවුරුන්ද යන්න යැයි කී අමරවීර මහතා සියල්ල කරන්නේ පක්‍ෂ අනන්‍යතාව ආරක්‍ෂා කරගනිමින් බව ද පැවසීය.

 ‘පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්‍ෂයක නායකත්වය ගත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අහිමි වෙන්නේ නැද්ද? එතුමාට විපක්‍ෂනායකධූරය දැරිය හැකිද?’ යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් මහින්ද අමරවීර මහතා පැවසුවේ එතුමාගේ පක්‍ෂ සාමාජිකත්වය අහිමිවීම මෙන්ම විපක්‍ෂනායක ධූරය සම්බන්ධයෙන් ද ප‍්‍රශ්නයක් මතුවන නමුත් දෙපාර්ශවය අතර සාකච්ඡාවලට බාධාවන ආකාරයේ තීන්දුවක් තම පක්‍ෂය මේ අවස්ථාවේදී නොගත යුතු බවයි.

එය තමාගේ පෞද්ගලික මතය බව කී අමරවීර මහතා අවසන් තීරණයක් ගතයුත්තේ පක්‍ෂ මධ්‍යම කාරක සභාව බවත් එය ලබන සතියේ රැස්වන බවත් සඳහන් කළේය.

නිදහස් පක්‍ෂය මගින් ජනාධිපතිධූරය ඇතුළු බොහෝ දේ ලබා ගත් මහින්ද රාජපක්‍ෂ මහතා වෙනත් පක්‍ෂයක සාමාජිකයකුවීම ගැන ගණගාටුවක් තිබෙන බව ද මහලේකම්වරයා කීවේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය දීමේ තීන්දුවක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව මෙතෙක් ගෙන නැතැයි කී මන්ත‍්‍රීවරයා මධ්‍යම කාරක සභාව දැනට තීරණය කර ඇත්තේ පක්‍ෂයෙන් ජනාධිපති අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බව යැයි ද ප‍්‍රකාශ කළේය.

 



අදහස් (4)

ශ්‍රීලනිප තීන්දුව 3 වැනිදා

saliya Thursday, 15 August 2019 11:29 AM

වෙල්ගමටවත් බාරදෙන්න දැන්මම... අරයා 3 වැනිදාට තීන්දු ගන්න ශ්‍රීලනිපයක් ඉතුරු කරාවිද මහත්තයෝ?

:       0       14

sirimal Thursday, 15 August 2019 11:50 AM

ඔය තීන්දුව ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිවෙක් තරඟ නොකර පොහොට්ටුවේ අපේක්ෂකයාට සහය දෙන එකනේ. අපි දන්නේ නැද්ද? ජනාධිපතිවරයාට අලුත් ආණ්ඩුව යටතේ " නම්බුකාර තනතුරක් " ලබාදෙන්නනේ පොරොන්දු වෙලා තියෙන්නේ. අනේ අපොයි මහත්මා දේශපාලනය වෙනුවට බල ලෝභය සහ තණ්හාව තෝරාගැනීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙච්ච දෙයක්. අපට ආරංචියි චන්ද්‍රිකා මැතිණිය අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගොඩ වැදුණා කියලත්. ඒ මොන ජන්ජාලයකටද කියලා එතුමියම තමයි දන්නේ...

:       5       105

Hafeel Thursday, 15 August 2019 03:22 PM

රට සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙළක් පක්‍ෂය මගින් සකස් කර ඇති බව කියනවා. නමුත් ජනාධිපතිවරණයට තරඟ කරන්න බැරි තත්වයකට අද මේ පක්ෂය පත්වෙලා. ඔය පක්ෂය දැනටම දිය වෙලා ඉවරයි.

:       0       2

isuru Friday, 16 August 2019 06:35 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවට බාලගිරි දෝසේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

නුවරඑළියෙත් 26ක් ප්‍රතික්ෂේපයි
2025 මාර්තු මස 20 959 0

නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ක් සදහා ලබා දුන් නාමයොජනා පත්‍ර 26ක් ප්‍රතික්ෂේප වූ බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ තේරිම් භාර නිළධාරි තුෂාරි තෙ


මාතලේ කණ්ඩායම් 14ක් ප්‍රතික්ෂේපයි
2025 මාර්තු මස 20 1356 0

2025 පළාත් පාලන මැතිවරණයේදි මාතලේ පළාත් පාලන අයතන 13ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම්වලින් නාම යෝජනා පත්‍ර 14ක් ප්‍රතික්ෂේප වූ බව මාතලේ තේර


ත්‍රීරෝද රථ අනතුරින් 5ක් රෝහලට
2025 මාර්තු මස 20 360 0

තිනියාවල පොලිස් වසමේ 07 කණුව උපේක්ෂා පෙර පාසල අසල දී අද සවස සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා පුද්ගලයින් 05 දෙනෙකු මීගහතැන්න මූලික රෝහල වෙත ඇතුලත් කර


දැන් බෝඩ් අල්ලන අය නැති නිසා ආයෝජකයන්ට එන්න කියන්න
2025 මාර්තු මස 20 436 1

රටට ආයෝජකයන් එන විට දැන් විරෝධතා බෝඩ් අල්ලන්නට කවුරුත් නැති නිසා කඩිනමින් ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා:-(න.ප


මෙන්ඩිස් සමාගමෙන් සල්ලි ගත්තු මන්ත්‍රීරු
2025 මාර්තු මස 20 1696 2

බැඳුම්කර සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වෙන අතරතුරේදී මෙන්ඩිස් අරක්කු සමාගම සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා සහ දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක


’’විපක්ෂය හැමදාම එකම දේ මතුරනවා’’
2025 මාර්තු මස 20 335 2

පරණ ක්‍රමයෙන් අයුතු ප්‍රතිලාභ ලැබූ අය හැර සමාජයේ සියලු ජන කොටස් අයවැයෙන් සතුටට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 456 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1032 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 351 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site