IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ශ්‍රීලංකා නිදහස් පොදුජන සන්ධානයේ අපේක්ෂකයන් තේරීමට නාමයෝජනා මණ්ඩලයක්

(අජන්ත කුමාර අගලකඩ)

ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා නාමයෝජනා මණ්ලඩයක් පත් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එහි සභාපති මහාචාර්ය ජී.එල්.පිරිස්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන් සහ සන්ධානයට සම්බන්ධ සෙසු පක්ෂවල නායකයන් ද එම නාම යෝජනා මණ්ඩලයට පත්කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 10 ක එකතුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ඉකුත් දා පිහිටුවනු ලැබීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා නව සන්ධානයේ නායකයා ලෙස ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි සභාපති ලෙසද හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මහලේකම් ලෙස ද, දයාසිරි ජයසේකර සහ විමල් වීරවංස යන මහත්වරු එහි ජාතික සංවිධායකවරුන් ලෙස ද පත්ව සිටිති.

දිනේෂ් ගුණවර්ධන මහතා නව සන්ධානයේ නියෝජ්‍ය සභාපති ලෙසත්, මහින්ද අමරවීර මහතා නියෝජ්‍ය මහලේකම් ලෙසත් කටයුතු කරන අතර උදය ගම්මන්පිල මහතා උප ලේකම් ලෙස කටයුතු කරයි.



අදහස් (5)

ශ්‍රීලංකා නිදහස් පොදුජන සන්ධානයේ අපේක්ෂකයන් තේරීමට නාමයෝජනා මණ්ඩලයක්

Pradeep Friday, 21 February 2020 12:40 PM

මොන මණ්ඩලයකින් අනුමත වුණත් හරක් නම් එවන්න එපා.. පක්ෂ, පාට බලපු කාලේ ඉවරයි. දැන් ඕන උගත්, බුද්ධිමත්, අනාගත දැක්මක් (රට ගැන) ඇති ප්‍රායෝගික මිනිසුන් මිසක් එක එක නායකයාට කඩේ යන හෙන්චයියලා නොවේ.

:       0       0

Nimal Friday, 21 February 2020 01:03 PM

එකම කුට්ටම ආයෙත් අනන්න මණ්ඩලයකුත් ඕනිද?

:       0       0

Achini Friday, 21 February 2020 04:04 PM

දැන් බෝම්බ ගහපු උන් බෝම්බ ගහනකම් බලාගෙන හිටපු උන් ඔක්කෝම එකතුවෙලා

:       0       2

chandima Friday, 21 February 2020 05:43 PM

රටේ අපුරුවට ප්‍රධාන පක්ෂ දෙකක් කරගෙන ගිය දේශපාලනෙට වෙච්ච දේ?

:       0       0

isiru Saturday, 22 February 2020 01:06 PM

මොනදේ කළත් පොහොට්ටුවේ කට්ටිය දිනයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෝ ගෙදර. සුභ අනාගතයක් පොහොට්ටුවට !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 156 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site