IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශක්තිමත් ආණ්ඩුවක් තිබුණානම් ලක්ෂ 6ක ජනතාවකට සමෘද්ධිය දෙන්න බැරි වුණේ ඇයි

(අංජුල මහික වීරරත්න)

වසර 21 ක් තිස්සේ රටට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දුන්නා යැයි අපේ විරුද්ධ වාදීන් පවසනවා. දැන් රටට ආණ්ඩුවක් නැතැයිද ඔවුන් කියනවා. ඔච්චර ශක්තිමත් ආණ්ඩුවක් තිබුණානම්  සුදුසුකම් ඇති ලක්‍ෂ හයක ජනතාව සඳහා  සමෘද්ධිය දෙන්නට නොහැකි වුයේ ඇයි දැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෝමාගමදී අද (19) ප්‍රශ්න කළේය.

අප ගමට මුකුත් කළේ නැතැයි එදා කෑ ගසමින් සිටි කල්ලිය දැන් ආණ්ඩුව ගමට කරන සංවර්ධනය ඉවසා ගන්නට නොහැකිව ජාතිවාදය අදිමින් සංවර්ධනය කඩාකප්පල් කරන්නට උත්සාහ දරන බවද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පවුල් ලක්‍ෂ හයක් සඳහා අලුතින් සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

හෝමාගම විල්ෆ්‍රඩ්  සේනානායක ක්‍රීඩාංගනයේදී පැවතී මෙම උත්සවය ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළේය.



අදහස් (0)

ශක්තිමත් ආණ්ඩුවක් තිබුණානම් ලක්ෂ 6ක ජනතාවකට සමෘද්ධිය දෙන්න බැරි වුණේ ඇයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 69 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 935 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site