IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


වෙළේ සුදාව බන්ධනාගාරයෙන් පිටතට ගෙන යාම තහනම් කරයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මරණ දඩුවම් නියමව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'වෙළේ සුදා' නොහොත් සමන්ත කුමාර නැමැත්තා ලබන 24 වැනිදා තෙක් බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළකාලමින් අභියාචනාධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාට අද (17) නියෝගය කළේය.

හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කොට අධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටින සිය පුතා ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බැවින් ඔහු පොලිස් භාරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෙළේ සුදා නැමැත්තා ගේ මව ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේය.

පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුණ ඔබේසේකර හා රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේදී අද (17) කැඳවීය.

පෙත්සමේ සඳහන් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 24 වැනදා යළි කැඳවීමට තීරණය කළ විනිසුරු මඩුල්ල එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා, පොලිස්පතිවරයා හා නීතිපතිවරයා එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටිති.



අදහස් (7)

වෙළේ සුදාව බන්ධනාගාරයෙන් පිටතට ගෙන යාම තහනම් කරයි

sharm warn Monday, 17 May 2021 08:38 AM

මේ නාඩගම් ඉවර කරන්නේ නැද්ද? මේ මිනිස්සුන්ට විරුද්ධව නඩු දාන්නේ නැතුව බොරුවට තියාගෙන ඉන්නේ.

:       0       0

Rata Perata Monday, 17 May 2021 09:59 AM

දන් නම් නියමයි. රජයෙන් අපරාධකරුවන් බේරගන්න වෙලා තියෙන්නේ..

:       0       0

Sri Lanka Monday, 17 May 2021 12:56 PM

මෙච්චර අපරාධකාරයෙකුට කොච්චර කඩේ යනවාද? අපි මොනවා හරි දෙයක් දාන්න ගියාම කීයක් අයකරනවද? කලු සල්ලිවලට බළලුත් සාක්කිලු. මිනීමරුවන් ඇතුලේ ඉන්නවා කියන්නේ අපිට බරක්... උන්ට කන්න දෙන්නේ අපේ සල්ලිවලින්..

:       0       0

විජේ Monday, 17 May 2021 01:20 PM

සුදා අනිත් අය වගේ නොවේ.. පට්ට කට්ටයි. ලොවෙත් මැරෙන තැනට වැඩ කරන්නේ නෑ.

:       0       0

මුණසිංහ Tuesday, 18 May 2021 02:12 AM

මෙයාලා වෙනුවෙන් පෙනී සිටින උගත් නීතිඥ මහත්වරුන්ගෙන් ඉල්ලනවා. අර අනුරාධපුරේ ඉන්නවා ඇම්බියුලන්ස් එකක් ගෙනියපු වරදට හිරේ ගියපු දොස්තර මහත්මයෙක්... කරුණාකරලා අන්න එයාට පිහිට වෙන්න. කුඩු කාරයින්ට උදව් කරනවාට වඩා ඔය කරන පව් එතැනින්වත් අඩු කරගන්න පුළුවන් වේවි...!!!

:       2       1

Bamunuarachchi Tuesday, 18 May 2021 03:12 AM

මරණීය දණ්ඩනයට නියම වූ අපරාධකරුවන් ඒ තීන්දුව ක්‍රියාත්මක කරනවා වෙනුවට ඔවුන් තවදුරටත් මහජන මුදලින් රකින්නේ අපේ මොන කරුමයකටද?

:       2       1

Bamunuarachchi Tuesday, 18 May 2021 03:14 AM

මරණීය දණ්ඩනයට නියම වෙලා නම් ඝාතනයක් ගැන හිතන්නේ මොකටද?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 177 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 243 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site