කොරෝනා වයිරසය ආසාදනය වූවන් වෙනුවෙන් ප්‍රතිකාර සැපයීමට තාවකාලිකව වූහාන්, හුබෙයි ප්‍රාන්තයේ ඉදි කර තිබූ රෝහල් 15ක් වසාදැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.
දෛනිකව වයිසරය ආසාදනය වන පුද්ගලයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස අඩුවෙමින් පවතින බැවින් ඔවුන් මෙම පියවර ගෙන ඇත.
ප්‍රතිකාර ලැබූ අවසාන රෝගීන් 49දෙනෙකු සුවවී රෝහලෙන් පිටත්වයාමත් සමඟ වූචන් තාවකාලික රෝහල ද ඊයේ වසාදැමිණි. එම රෝහල බවට පත්කර තිබූයේ ක්‍රීඩාංගණයකි. දින 2ක් තුළ ඉදිකළ එම රෝහලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා දින 35කදී ආසාදිතයෝ 1,124ක් ඇතුළත් ව සිටියහ.
ප්‍රතිකාර ලැබූ කිසිවකු මිය නොගිය අතර, රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කිසිවකුට හෝ වයිරසය ආසාදනය වී නොතිබිණි.
තාවකාලික රෝහල් 15 බවට පත් කළ ප්‍රදර්ශන ශාලා, ක්‍රීඩාංගණ, ගබඩා සංකීර්ණ සඳහා ආසාදිතයන් 12,000කට වැඩි පිරිසක් ඇතුළත් වී තිබිණි.
වූහාන්හි සෑම ආසාදිතයන් 4දෙනෙකුගෙන් ම එක් අයෙකු මෙම රෝහල්වලින් ප්‍රතිකාර ලබා ඇතැයි චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමෙහි අමාත්‍ය මා ෂිඅඕවෙයි මහතා පැවසීය.
ඉකුත් පෙබරවාරියේදී වේගයෙන් ව්‍යාප්ත වූ වයිරසයට ගොදුරුවූවන්ට ප්‍රමාණවත් ආකාරයට රෝගී සයන වූහාන්හි රෝහල්වල නොතිබීම හේතුවෙන් මෙම තාවකාලික රෝහල් ඉදිකරන ලදී.
කෙසේවුවත්, ආසාදිතයන් සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් මාර්තු මාසය මුලදී මෙම රෝහල් වසා දැමීම ආරම්භ කිරීමට ඔවුන්ට හැකිවිය.
වූචාන් තාවකාලික රෝහල වසාදැමීමේ අවස්ථාව සඳහා ඊයේ පස්වරුවේදී වෛද්‍ය මණ්ඩලය සහ රෝගීන් සහභාගී වූ සරල උත්සවයක්ද සංවිධානය කර තිබිණි.
“තාවකාලිකව ඉදි කළ වූචාන් රෝහල වසාදැමීමට හැකිවීම ගැන අපි සතුටුවනවා. පෙබරවාරි 5 වැනි දා රෝහලට ආසාදිතයන් රැගෙන ආ අවස්ථාවේ දී තිබුණු මානසික තත්වයට වඩා අද තත්වය සම්පූර්ණයෙන් වෙනස්. කොහොමවුණත් අපිට විවේක ගන්න බැහැ. තවමත් වූහාන්වල රෝගීන් 13,000ක් ප්‍රතිකාර ලබමින් සිටිනවා. අවසාන රෝගියාත් එම රෝහලෙන් පිටවයන තාක් අපි මේ සටන අතහරින්නේ නැහැ” යැයිද වෛද්‍ය කාර්ය මණ්ඩලය සඳහන් කළේය.
(චයිනාඩේලි ඇසුරිනි)
16844





COMMENTS
චීන ජාතිකයන්ගේ සාමුහික කැපවීම ඉතා විශිෂ්ටයි !
මේ මිනිස්සු තමන්ට පහසුකම් මදි කියලා කෑගැහුවෙ නෑ . බොහොම පරිස්සමින් ඉදලා සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ආචාර කරලා පිටවෙලා ගියා.
අපේ වගේ නර්ස්ලා නැතුව ඇති. හිටියනම් ස්ට්‍රයික්.
මෙහෙ කවුරුවත් ඇවිත් නැහැනේ.
රටක්, ජාතියක් වශයෙන් එකා පිට එකා වැටෙමින් මේ කරපු ක්‍රියාව ලෝකෙටම ආදර්ශයක්. ඒ මිනිස්සු දියුණුවෙලා තියෙන්නෙත් ඒකයි. මොනවා වුණත් ඊයේ ඉතාලියෙන් ගිය පිරිසගේ ක්‍රියාව ඉතාමත් පිළිකුල්.. මාත් ඉතාලියේ... කියන්නේ අපි රටට, ජාතියට ආදරේ කියලා.. ඒක නිසා ලංකාවට අවදානමක් දෙන්න යන්නේ නැහැ කියලා හැබැයි කලින්ම යන්නේ එයාලා ඒ මදිවට මෙහෙ එක කාමරේ 7/8 ඉන්නවා.. එහෙගිහින් තනි කාමර ඉල්ලනවා. ඒ දවස් 14ත් පිනට කාලා යන්න හදන්නේ අවංකව මම කියන්නේ පිටරට ඉන්න කවුරුත් රට, ජාතියට ආදරේට රටට විදේශ විනිමය උපයන්න මෙහෙ අැවිල්ලා නැහැ. තමන්ට හම්බ කරගන්න මිසක් මා ද ඇතුලුව.. හැබැයි ඒ හරහා රටේ ජාතික ආදායමට යමක් එකතුවෙනවා. නමුත් අපි නිසයි රට දුවන්නේ... ඒක නිසා අපිව තරු 5හේ කාමරවල තියන්න කියනවා නම් ඒක මොලේ අමාරුවක්.. ඊයේ සිදුවුණු සිදුවීමට අවංකවම මම අපේ රණවිරුවන්ගෙන් සමාව ඉල්ලනවා. මොකද අපිත් ඉතාලියේ සේවය කරන නිසා... ඒ වගේම ඉතාලියේ ඉන්න සමස්ත ශ්‍රී ලාංකිකයින්ම ඒ පිරිසට අයත් නොවන බවත් කරුණාවෙන් මතක් කරනවා. චීනය ආදර්ශයට ගෙන හැමෝම එකාවන්ව මේ අභියෝගය ජයගමු.... තෙරුවන් සරණයි...
එන්න මිතුරනි, අපේ රටට. අපිට කොයින්ද ඔබලා වැනි ශ්‍රේෂ්ඨ ක්‍රියාශීලි වෘත්තිකයන්? අපට ඉන්නවා මොනරු ඉන්න කොල කන වෘත්තිකයින්. අපිට ඉන්නවා විරයෝ හැම තැනකම. එක සිතින් ඔබලාට සුබ පතනවා ඔබලාගේ අරමුණ සාර්ථක වෙන්න...!!!