IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වීසා නොමැති නයිජීරියානුවෝ 4ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි නයිජීරියානු ජාතිකයන් සිව්දෙනෙකු දෙහිවල ගුවන්පාලම අසළදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
 
දෙහිවල ගුවන් පාලම අසළ මාර්ග බාධකයක් යොදා සැක කටයුතු වාහන පරීක්ෂණ කරමින් සිටියදී කොළඹ දෙස සිට පැමිණ මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනෙකු 2017 වසරේ ඔක්තෝම්බර් මාසයේදී මාස තුනක සංචාරක වීසා මත මෙරටට පැමිණි අයකු බවත්, තවත් පුද්ගලයෙකු 2018 වසරේ ජූනි මස මාස තුනක සංචාරක වීසා මත පැමිණි අයකු බවත් අනෙක් දෙදෙනා මෙම වසරේ ජනවාරි මස සංචාරක වීසා මත පැමිණි අය බවට අනාවරණය වී ඇති බවත් පොලිසිය කියයි.
 
මොවුන් සිව්දෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී නයිජීරියාවේ යුද්දයක් තිබෙන බැවින් මෙරටට සරණාගතභාවය ලබාගැනීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගොස් නැවත පැමිණෙමින් සිටින බවට අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (3)

වීසා නොමැති නයිජීරියානුවෝ 4ක් අත්අඩංගුවට

ලුම්බිණි Tuesday, 14 May 2019 04:57 AM

නයිජීරියාවේ විතරක් නොවෙයි ඇෆ්රිකාවේ හැම රටකම මොකක් හෝ අවුලක් තිබෙනවා. ඇත්තටම නයිජීරියාව අවුල් අඩු රටක්.

:       14       5

ravi Tuesday, 14 May 2019 05:55 AM

මෙයාල තමයි .... ත්‍රස්තවාදීන්ට ... වතුර යටින් ගින්දර ගෙනියන්නේ ...මොවුන් සල්ලි වලට නොකරන දෙයක් නැහැ .

:       0       13

Aru Tuesday, 14 May 2019 06:36 AM

ලංකාව දැන් හැමොගේම සරණාගත කඳවුර බවට පත්වෙලා තියෙනවා. ඉදිරියේදී මේවා විශාල ප්‍රශ්න බවට පත්වීමට ඉඩ නොදී දැන්ම මොවුන් ගැන තීරණයක් ගත යුතුයි. අපිට අපේ රටේ නිදහසේ ජීවත්වීමේ අයිතිය නෑති කරන්න කිසිවෙකුටත් අයිතියක් නෑ.

:       0       162

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 903 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site