IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වීසා කාලය ඉක්මවා රැඳී සිටි ඉන්දියානු ජාතිකයින් 11 දෙනෙකු අත්අඩංගුවට

(ජයන්ත සමරකෝන්)

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා කාලය ඉක්මවා මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ රන් භාණ්ඩ නිපදවන වෙළඳසැල්වල සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයින් 11 දෙනෙකු ආගමන විගමන නිරීක්ෂණ හා බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (04) අත්අඩංගුවට ගෙන ඇත.

සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති මෙම කණ්ඩායම වයස අවුරුදු 23 ත් 45 ත් අතර වයස් වල පසුවන්නන් බව විමර්ශන වලදී හෙළිවී තිබේ.

ලැබුණු තොරතුරකට අනුව මෙම හදිසි වැටලීම සිදුකර ඇති අතර එම අවස්ථාවේදී ඉන්දියානු ජාතිකයින් 11 දෙනා වෙළඳසැලේ සේවයේ යෙදී සිට ඇතැයි එහි නිලධාරියෙකු පැවසීය.

වැඩිදුර පරීක්ෂණ  සඳහා මෙම 11 දෙනා මිරිහාන රැඳවුම් කඳවුරවෙත රැගෙන විත් තිබේ.

ආගමන විගමන පාලක ජනරාල් සරත් රූපසිරි මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පාලක විපුල් කාරියවසම් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.



අදහස් (0)

වීසා කාලය ඉක්මවා රැඳී සිටි ඉන්දියානු ජාතිකයින් 11 දෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 407 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 568 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 233 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site