දැනට පවතින වැසි තත්ත්වය ඉදිරියේදී ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර, උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ.
සබරගමුව,බස්නාහිර, මධ්‍යම, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.
සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
වයඹ, උතුරු සහ දකුණු පළාත්වල පැ.කි.මී. 40 ක විටින් විට හමන තරමක් තද සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව එම නිවේදනයේ දැක්වේ .
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වහිනවානම් කොච්චර හොඳද?