IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වැස්සෙන් මාතර පවුල් 124 ක් පීඩාවට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දින කිහිපයක සිට මාතර දිස්ත්‍රික්කය තුළ ඇති වී තිබෙන වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පවුල් 124 කට අයත් පුද්ගලයින් 514 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවට තොරතුරු ලැබී ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රභාත්කළුබෝවිල මහතා පැවසීය.

දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙන නිසා දහස් ගණනක්දු පිරිසක් දුෂ්කරතාවට පත්ව සිටිති.

මාතර-කඹුරුපිටිය, අකුරැස්ස-සියඹලාගොඩ, මුලටියන-කඹුරුපිටිය, කද්දුව-අකුරැස්ස, කඹුරුපිටිය-අකුරැස්ස, කනංකේ-නලවන ආදී ප්‍රදේශ මාර්ග රැසක් තවදුරටත් වැසි ජලයෙන් යටවී තිබේ.

මීට අමතරව කඹුරුපිටිය ආදපාන රජයේ රෝහලට පිවිසෙන ප්‍රවේශ මාර්ගය ද යට වී තිබෙන අතර රෝගීන් සඳහා යුද හමුදා විශේෂ රථයක් ගමනාගමන කටයුතු වෙනුවෙන් යොදවා ඇත.

අසාධ්‍ය රෝගීන් එම රථය මගින් රෝහලේ සිට ගෙන්වා ගෙන ගිලන් රථවලින් මාතර මහ රෝහල වෙත මාරුකර යැවීම සිදු කරයි.

කිරම ආර පිටාර ගැලීම නිසා ද පවුල් විශාල ප්‍රමාණයක් දැඩි පීඩාවට පත්ව සිටිති.

අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් මෙවර මාතර දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණයක් වාර්තා වන අතර අර්ධ හානි වූ නිවාස ගණන 52 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මාතර උඩ පීක්වැල්ල කන්දේ ද නායයාමේ අවදානමක් ඇති වී තිබෙන අතර ආපදා කළමනාකරණ නිලධාරීහු පැමිණ එම ස්ථානය නිරික්ෂණය කළහ. ඒ අවට පවුල්වලට අවධානයෙන් සිටින ලෙසට ද ඔවුන් දැනුම් දී තිබේ. වැඩිදුර පරීක්ෂණ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණීමට නියමිතය.



අදහස් (0)

වැස්සෙන් මාතර පවුල් 124 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site