



(ප‍්‍රදීප් කුමාර)
වවුනියාව ඊච්චන්කුලම් ප‍්‍රදේශයේ පිහිටි කල්ලිකුලම වැවේ බැම්ම කඩාගෙන යෑම හේතුවෙන් එම ප‍්‍රදේශයේ කුඹුරු විනාශ වී ඇතැයි ගොවීහු පවසති.
මේ වන විට පීදෙමින් තිබු ගොයම් සහිත කුඹුරු යායක් ජලයෙන් යටව විනාශ වී ඇති බවත්, ඉදිරියේදී ජලය හිඟ විය හැකි බවත් ඔවුහු කියාසිටිති.
කෙසේ වෙතත් ගොවි සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙන්නේ වැව් බැම්ම කඩාගෙන වැවෙන් ජලය පිටවීම හේතුවෙන් එම ප‍්‍රදේශයේ කුඹුරු අක්කර 120 ක පමණ ප‍්‍රමාණයක් අවදානමේ ඇති බවයි.
මෙම වැවේ වැව් බැම්මෙන් කලක සිට කුඩා ජල කාන්දුවක් පැවති බවත් ඊට නිසි පිළියම් නොයෙදීම නිසාවෙන් බැම්ම කඩාගෙන ගොස් ඇති බවත් ඔවුහු පවසති.
පසුගිය දින වල ප‍්‍රදේශයට ඇදහැලූණු අධික වර්ෂාවත් සමග වැවේ ජල ධාරිතාව ඉහළ මට්ටකමක තිබූ අතර මේ වන විට වැවේ ජලය බැස ගොස් තිබේ.
COMMENTS
[...මෙම වැවේ වැව් බැම්මෙන් කලක සිට කුඩා ජල කාන්දුවක් පැවති බවත් ඊට නිසි පිළියම් නොයෙදීම නිසාවෙන් බැම්ම කඩාගෙන ...] දැනට කතාබහට ලක්වී ඇති එහෙත් චීන්නු විසින් කඩතුරාවකින් මුවාකර තිබෙන මොරගහකන්ද ජලාශයේ වැව් බැම්මටත් මෙහෙම අවාසනාවන්ත සිද්ධියක් උනොත්....ඒ අවට පහත් බිම්වල සිටින අසරණ ජනතාවට තිබෙන්නේ උඩ සිටින දෙවියන්ගේ පිහිට පමණයි... පරාක්‍රම සමුද්‍රයටත් වඩා විශාල ජල ධාරිතාවක් රඳවාගෙන තිබෙනවා කියා හිටපු ජනපති පාරම්බෑ මේ මොරගහකන්ද ජලාශයේ බැම්ම ඉතා ඉක්මනින් යථා තත්වයට පත් නොකොළොත්, සිදුවිය හැකි විනාශය රට මැද සුනාමියකටත් වඩා අන්ත විය හැකිය ...