
(තිලකරත්න දිසානායක)
ගම්පහ, වීරගුල පොලිස් බල ප්‍රදේශයට අයත් කහබිළිහේන හුලං කන්ද මුදුනේ නිධානයක් ගැනීමට කැනීම් සිදු කරමින් සිටි බව කියන පුද්ගලයින් හය දෙනෙකු ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය (1) මගින් අත් අඩංගුවට ගෙන ඇත.
මොවුන් සන්තකයෙහි තිබූ නවීන මෝටර් රථයක්, යතුරු පැදි 5 ක් සහ ගල් හෑරීමට යොදා ගත් බව කියන වෙඩි බෙහෙත්, ඩෙටනේටර්, ගල් විදීමේ උපකරණද පොලිස් බාරයට ගනු ලැබූ බව වැටලීම මෙහෙයවූ අපරාධ විමර්ශන කාර්යාංශය (1) පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත මහතා පැවසීය.
සැකකරුවන් යාගොඩ , උඩුතුත්තිරිපිටිය, මුදුන්ගොඩ, මොරගොඩ සහ යක්කල යන ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 42, 43, 45, 48, 27 සහ 24 වයසේ පසුවන්නවුන් බවද පොලීසිය පවසයි.
කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් පී වනසිංහ මහතාට ලැබී ඇති තොරතුරක් මත ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම් සිදු කොට ඇති අතර වැඩි දුර පරීක්ෂණ සිදු කෙරේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව හොර ගුහාවක් වෙලානේ... අයියෝ මෙහෙමත් රටක් ... ලැජ්ජයි..!!!