(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මෝය මේ වන විට යෝධ වැලිපරයකින් වැසි ගොස් ඇති නිසා තමන්ට මසුන් මැරීම සඳහා ඈත දියඹට යාමේ දුෂ්කරතාවකට මුහුණ දීමට සිදුව ඇති බව හලාවත ප්‍රදේශයේ ධීවරයෝ පෙන්වා දෙති.
දැදුරු ඔය සහ හලාවත කලපුව මහ මුහුදට පිවිසෙනුයේ හලාවත මෝය ඔස්සේය. හලාවත වෙරළ තීරය උතුරු ප්‍රදේශයේ සිට දකුණු ප්‍රදේශය දක්වා ගල්වැටියක් විහිද පවතින නිසා කිසිදු යාත්‍රාවකට වෙරළ ඔස්සේ මුහුදට පිවිසීම දුෂ්කර වී ඇති බවත් ඔවුහු කියති.
මේ නිසා ඈත අතිතයේ පටන් හලාවත නගර සභා සීමාවේ ජීවත් වන සියලු ධීවරයින් මසුන් මැරිමට යොදා ගන්නා එක් දින හෝ බහු දින යාත්‍රා මහ මුහුද කරා පිවිසෙනුයේ හලාවත කලපුව ඔස්සේ මෝය හරහාය.
සෑම වසරක දිම වාරකන් සමය සක්‍රියවීමත් සමග මෝය යෝධ වැලි පරයකින් වැසි යන අතර ඒ අනුව වාරකන් සමය අවසන් වන තෙක් ප්‍රදේශයේ ධීවර යාත්‍රා දෙදහසකට පමණ මුහුදු යාමට නොහැකි වන බවත් එක් දින යාත්‍රා පමණක් එම වැලි පරය හරහා බලවත් පරිශ්‍රමයක් යොදා තල්ලු කර මහ මුහුද කරා ගෙන යා යුතු බවත් ධීවරයෝ කියති.
ධීවර අමාත්‍යාංශය හෝ හලාවත නගර සබාව මෙවන් අසීරු අවස්ථාවල දි බැකෝ යන්ත්‍රයක් යොදා වැලි පරය ඉවත් කිරීමට පියවර ගන්නා නමුත් මෙවර එලෙස වැලි පරය ඉවත් කිරිමට කිසිවකු හෝ අවශ්‍යය පියවර ගෙන නැති බවත් මේ නිසා ප්‍රදේශයේ ධීවරයින් විසින් වැලි පරය කපා මෝය ඔස්සේ යාත්‍රා කිරිමට කටයුතු කරණු ලබන නමුත් එය සාර්ථක නොවේ. වැලි පරය ඉවත් කළත් මොහොතින් එම වැලි පරය යළි පැමිණෙන බවත් කියති.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මදුනි ප්‍රනාන්දු මහත්මියගෙන් මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි ඇය මෙසේ කීවාය.
"වැලි ගෝනි යොදා මෝය රැක ගැනිමේ වැඩ පිළිවෙළ සාර්ථක නොවන බව කියන්න පුළුවන්. ඊයේ පෙරේදාත් දමා තිබු වැලි කොට්ට මුහුදට ගසා ගෙන ගිහින් තිබුණා. දැනට එම ව්‍යාපෘතිය නවත්වා තියෙන්නේ. මේ වන විට මෝය වැලිපරයකින් වැසි යාම ආරම්භ වෙලා කියලා වාර්තා ලැබී තිබෙනවා. මේ සම්බන්ධයන් පරික්ෂා කර බලා බැකෝ යන්ත්‍ර යොදා වැලි පරය ඉවත් කිරිමට ඉදිරියේදී පියවර ගන්නවා" යැයැි පැවසුවාය.



COMMENTS
ඉස්සර නම් බටහිර පැත්තට වාරකන් තියනකොට නැගෙනහිර පැත්තට ගොස් ධීවරයින් තම රැකියාව කරනවා. අනික් විදියට කිව්වොත් ඊසාන දිග මෝසමට නිරිත දිගත්, නිරිත මෝසමට ඊසාන දිගත් ධීවර කර්මාන්තය කරනවා. දැන් එහෙම නැද්ද? ස්වභාවධර්මය වෙනස් කරනවාට වඩා ස්වභාවධර්මයත් එක්ක ජීවත් වෙන එක හොඳ නැද්ද?
රට වටේම මහා සාගරය.. ධීවරයින් බහුලව ඉන්න පැති ටිකේවත් තම ධීවර වරායවල් ටික හදාගන්න බැරි, රටක අපි මේ 21 වැනි සියවසේ ජීවත් වෙන්නේ...