අංජුල මහික වීරරත්න
ව්‍යවස්ථාවට පයින් ගසා පැත්තකට දමන්නට නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු වූ බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ අරලිය ගහ මන්දිරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (13) පැවැසීය.
පාර්ලිමේන්තුවේ ජයග්‍රහණය යනු ජනතාවගේ ජයග්‍රහණයක් බව කී වික්‍රමසිංහ මහතා හෙට (14) පාර්ලිමේන්තුවට පැමිණ බහුතරය පෙන්වා රජයේ වැඩකටයුතු තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව ද පැවැසීය.
පාර්ලිමේන්තුව විසුරුවීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් වීමෙන් පසුව මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.
“ජනතා පරමාධිපත්‍යයට විජයග්‍රහණයක් ලැබුණා. ව්‍යවස්ථාව නැවත වතාවක් තහවුරු වුණා. දේශපාලන ශීලාචාර බව පියවරකින් ඉදිරියට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අපි අගය කරනවා. ව්‍යවස්ථාව ඉරා දමන්නට ගිය අවස්ථාවක ව්‍යවස්ථාවට පයින් ගසා පැත්තකට දමන්නට නොහැකි බව පෙන්වා දී තිබෙනවා.
පාර්ලිමේන්තු බලය ආරක්ෂා කරන්නට ක්‍රියාකළ කතානායක කරු ජයසූරිය මහතාට ද අපගේ ස්තූතිය පළ කරනවා. මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය, සියලුම ආගමික නායකයන් මෙන්ම සිවිල් සංවිධාන මේ ජයග්‍රහණය පිටුපස සිටිනවා. අප කළේ ජනතා අයිතීන් රැක දීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ පාපන්දු ගැසීමට කාටවත් බැහැ.
රටේ නීතිය කාටත් පොදුයි. අපේ මේ සටන ජයග්‍රහණය කරනවා. අපේ බහුතරය පාර්ලිමේන්තුවේදී පෙන්වනවා. ජනාධිපතිවරයා විසින්ම හෙට (14) පාර්ලිමේන්තුව කැඳවා තිබෙනවා. ඒ අනුව අද පාර්ලිමේන්තුවට ගොස් අපේ බලය පෙන්වනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරන්නැයි සියලුම රාජ්‍ය සේවකයන්ට දන්වා සිටිනවා. අධිකරණ තීන්දුවට අනුව ක්‍රියා කරන ලෙස ද අවධාරණය කරනවා. කතානායකවරයා හමු වී ගත යුතු පියවර තීරණය කරන ලෙස ද පොලිසියට දන්වා සිටිනවා.
අපේ බහුතරය තවත් වැඩිවෙනවා. පාර්ලිමේන්තු ජය යනු ජනතා ජයක්. ලබන 15 වැනිදා දහවල් ලිප්ටන් වටරවුමේදී මේ ජයග්‍රහණය සැමරීම සඳහා විශාල රැළියක් පැවැත්වීමට අපි තීරණය කර තිබෙනවා”.
2025 නොවැම්බර් මස 21
14
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
133
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
980
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
‘ව්‍යවස්ථාවට පයින් ගසා දමන්න බැරි බව ඔප්පු වුණා’
Bamunuarachchi Tuesday, 13 November 2018 03:51 PM
යම්කිසි ක්‍රියාදාමයකට විරුද්ධව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණාම ඒ ක්‍රියාදාමය අධිකරණය විසින් තාවකාලිකව නැවැත්වීම සාමාන්‍ය අධිකරණ සිද්ධාන්තයක්... එමනිසා ඔබලාගේ පෙත්සම් වලංගු වුණා කියන අදහස බුද්ධිමත් ජනයා පිළිගන්නේ නැත. මෝඩ රැලකට නම් මේ තාවකාලික තහනම විජයක් ග්‍රහණයකි. දෙසැම්බර් මස ලැබෙන තීන්දුව කාගේ වාසියට ලැබෙනවාද කියන දේ වෙනම කාර්යයකි.
Nandalal DE SILVA - France Tuesday, 13 November 2018 05:32 PM
යළිත් වරක් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණ පද්ධතිය ජයගෙන ඇති බව මෙම "තාවකාලික" ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මගින් මොනවට පැහැදිලි කර තිබෙනවා. ලබන දෙසැම්බර් 7 වැනිදා මීටත් වඩා තීරණාත්මක තීන්දුවක් ලැබී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයට යලිත් ඔසවා තැබීමට අවස්ථාව ලැබේවායි පතමු!
vipula Wednesday, 14 November 2018 03:01 AM
මහ බැංකුවට ගහපු පහර හොඳටම ඇති...