IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සමඟ ලාංකිකයන් දෙදෙනෙකු නයිජීරියාවේදී අත්අඩංගුවට

( තිළිණි ද සිල්වා )

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙකක් භාවිතයෙන් නයිජීරියාවේ සිට ලන්ඩන් නුවර බලා පිටත්ව යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නයිජීරියාවේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.

නයිජීරියාවේ අබූජාහි පිහිටි නැම්ඩ් අසිකියු ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් ව්‍යාජ මලයාසියානු ගුවන් ගමන් බලපත්‍ර දෙකක් යොදාගනිමින් ලන්ඩන් හීතෲ ගුවන්තොටුපල වෙත පිටත්ව යාමට සූදානම්ව සිටියදී නයිජීරියානු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වසර තුළ නයීජිරියාවේ දී ව්‍යාජ ගුවන් බලපත්‍ර ළඟ තබාගැනීමේ වරදට ශ්‍රී ලාංකිකයින් අත්අඩංගුවට ගත් දෙවන අවස්ථාව මෙය බව වාර්තා වේ.

නිති විරෝධී ගුවන්ගමන් බලපත්‍ර භාවිත කරමින් රටින් පිටවීම සඳහා මෙම සැකකරුවන්ට නයිජීරියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ සහය ද ලැබී ඇති බව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත්සැකකරුවන් රදවා තබාගෙන වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.



අදහස් (4)

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සමඟ ලාංකිකයන් දෙදෙනෙකු නයිජීරියාවේදී අත්අඩංගුවට

kusal Tuesday, 03 March 2020 05:20 AM

හිරේ යන්න නම් කියාපු රට ... !!! අපගෙන් උණුසුම් සුබ පැතුම්.

:       0       11

raheem Tuesday, 03 March 2020 05:59 AM

Kusal, නයිජීරියාවේ බන්ධනාගාර ගැන දන්නේ කොහොමද.?

:       85       8

පිටිගල මිලානෝ Tuesday, 03 March 2020 07:34 AM

එන්න එන්න.... එංගලන්තේ බොහෝ ලාංකිකයෝ මෙන් පැට්‍රොල් ෂෙඩ් වල වැඩ කර සන්ග්ලාස්ස් දෙකකුත් දාගෙන ලංකාවට ගොස් තමා ඉන්ජිනේරුවෙක්ද කියා තරුණම තරුණ නංගියෙක්ද දෑවැද්දකුත් එක්කම බැඳගෙන ආපහු එන්න. ඇවිල්ලා ගේ පොඩ්ඩකුත් ඒ සල්ලි වලින්ම ගන්න.

:       0       2

Dinesh Tuesday, 03 March 2020 11:24 AM

ලංකාවේ පාස්පෝර්ට් එක දැක්ක ගමන් එංගලන්තයට ඇතුල්වීම බොරු... ඒ තරම් පීචන් වෙලා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 306 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2127 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1616 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site