IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විමර්ශන නිලධාරී පත්වීම් මුදල් නැතිකමින් හිරවෙලා

(බිඟුන් මේනක ගමගේ)

මුදල් අමාත්‍යාංශ අනුමැතිය හිමි නොවීම හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නව විමර්ශන නිලධාරීන් බදවා ගැනීමේ ක්‍රියාවලිය ඇනහිට ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  පැවැසීය.

මෙසේ ප්‍රමාද වෙමින් තිබෙන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා එම කොමිසම මගින් පැවැත්වූ ලිඛිත හා සම්මුඛ පරීක්ෂණවල ඉහළම ලකුණු ලබා ගත් පිරිසකගේ පත්වීම් යැයිද එම නිලධාරියා කීය.

ඒ අනුව විධිමත්ව හා විනිවිදභාවයෙන් යුතුව තනතුරුවලට බඳවා ගැනීමේ පූර්ව කටයුතු සියල්ල අවසන් කර ඇතත් මෙම ප්‍රමාදයට හේතුව වී ඇත්තේ ඊට අදාළ මුදල් වෙන් නොවීම යැයි ද ඔහු කීය .

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරී දෙසීයක් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය මැයෙන්  2018 ජුනි මසදී අදාළ විභාගය සඳහා ඉල්ලුම්පත් කැඳවා තිබූ අතර 2018 ඔක්තෝම්බර් මස පැවති එම විභාගයට  10 000කට ආසන්න පිරිසක් පෙනී සිට තිබේ.

එම විභාගයෙන් සමත් වූවන් 407 දෙනකුට අදාළව ලිඛිත හා සම්මුඛ පරීක්ෂණ 2019 ජූලි 4 හා 6 වෙනි දින පවත්වා ඇති අතර එම ප්‍රතිඵල මත ⁣ තෝරාගත් 200ක පිරිසකගේ නිශ්කාශන වාර්තා ලබාගැනීම 2019 දෙසැම්බර් මස සිදු කර ඇත.

 



අදහස් (1)

විමර්ශන නිලධාරී පත්වීම් මුදල් නැතිකමින් හිරවෙලා

M.A.GUNARATHNE Monday, 20 December 2021 09:27 AM

රජයෙන් සිදුවිය යුතු අත්‍යාවශ්‍ය කටයුත්තක් වන දූෂණය තුරන් කිරීම ඉටුකිරීමට අත්‍යාවශ්‍ය ස්වාධීන විමර්ශන නිලධාරීන් සිටිය යුතුය. එය ඉටු නොකිරීම රජයේ දුර්වලකමකි. පළමුව දූෂණය ඉවත්කිරීම රජයක වගකීමක් වනු ඇත.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site