(ජේ.කේ.එල්. චාමින්ද)
වඳුරඹ නාවල කෝකාවල ප්‍රදේශයේ පස්කන්දකට යටවී මියගිය තිදරු මවගේ පවුලේ ඥාතීන්ට ලක්ෂ 10ක මුදලක් ලබාදීමට නියමිත බව බද්දේගම ප්‍රදේශීය ලේකම් ජානක ගුරුසිංහ මහතා පැවසීය.
එම සිද්ධියට පෙර ඉඩමක් මිලදීගැනීම සඳහා රජය ලක්ෂ හතරක මුදලක් හා නිවසේ අත්තිවාරම දැමීම සඳහා ලක්ෂ දෙකක මුදලක් ලබාදී ඇති බවද ලේකම්වරයා කීය.
මේ පිළිබඳව අප කළ විමසුමකදී ප්‍රාදේශීය ලේකම්වරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේ ද කීවේය.
“ඇත්තටම මේ අය පදිංචිවෙලා සිටියේ අනවසර ඉඩමක. 2017වර්ෂයේ මේ කන්ද නාය ගියා. ඉන්පසුව මේ අයට මෙම ස්ථානයෙන් ඉවත්වන ලෙස දැනුම් දීලා තිබුණා. නමුත් වසර දෙකක් යනකම් මේ අය ඉවත්වුණේ නැහැ. 2019 වර්ෂයේ පෙබරවාරි මාසයේ තමයි එම ස්ථානයෙන් ඉවත්වන බව කියලා දිවුරුම් පෙත්සමක් ගෙනත් දුන්නේ. හිටපු ප්‍රාදේශීය ලේකම්වරිය මේ පවුලේ අයට බද්දේගමින් ඉඩමක් ලබාදීමට කටයුතු කරලා තිබුණා. නමුත් දුර වැඩිනිසා ඒ අය එම ඉඩම භාරගෙන නැහැ.
එම ස්ථානයෙන් ඉවත්වන බවට දිවුරුම් ප්‍රකාශය ලබාදුන්නාට පසු ඉඩම මිලදීගන්න ලක්ෂ 4ක මුදලක් ලබා දුන්නා. දැනට සති දෙක තුනකට කලින් තමයි නිවසේ අත්තිවාරම දමලා තිබුණේ. ඒ සඳහා ලක්ෂ 2ක මුදලක් ලබා දුන්නා නිවසේ වැඩකරලා පෙන්නුවාට පසු තමයි මුදල් නිදහස් කරන්නේ. තවත් ලක්ෂ 10ක මුදලක් ලබාදීමට තියෙනවා. ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් තමයි මෙම මුදල වෙන් කරලා තියෙන්නේ” යැයිද ප්‍රදේශීය ලේකම්වරයා සඳහන් කළේය.
මිය ගිය තැනැත්තියගේ සැමියා වන තෙලිකඩ පල්ලියගුරුගේ නලින් වසන්ත මහතා(45) මෙසේ කීවේය.
“2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 07 වැනිදා තමයි මේ කන්ද මුලින්ම නාය ගියේ. අපට ඉවත් වෙන්න කීවා. නමුත් අපට යන්න තැනක් තිබුණේ නැහැ. නායගිහින් වසර දෙකක් ගියාට පස්සේ තමයි, ඒ කියන්නේ 2019 වර්ෂයේ මැයි මාසයේ විතර ඉඩමක් ගන්න ලක්ෂ 4ක් රජයෙන් දුන්නා. හිතවත් අයකුගෙන් ලක්ෂ 8කට තමයි ඉඩම ගත්තේ. නිවසේ අත්තිවාරම දමන්න ලක්ෂ තුනහමාරක් විතර ගියා. දැනට රජයෙන් ලැබිලා තියෙන්නේ ලක්ෂ දෙකයි. මමත් නෝනාත් ඒකාබද්ධව සණසේ ගිණුමක් ඇරලා ණයක් ඉල්ලුම් කරලා තිබුණා. දැන් ණය ගන්න විදියක් නැහැ” යැයි ඒ මහතා කීවේය.
2025 නොවැම්බර් මස 21
62
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
159
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1014
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වඳුරඹ නායයාමෙන් මියගිය කාන්තාවගේ පවුලට ලක්ෂ 10ක වන්දි
Ruhunu Wednesday, 25 September 2019 08:15 AM
රජයෙන් හැකි පමණ ඔබට උදව් කර ඇත.නමුත් ඔබ නිසි විසදුම් නොගැනීම නිසා මෙවන් ඛේදවාචකයක් වී ඇත.
shantha Qatar Wednesday, 25 September 2019 09:23 AM
මමත් රුහුණු මහතාගේ අදහස් වලට එකඟවෙනවා. හැම දෙයක්ම රජයෙන් දෙනකල් බලාගෙන ඉන්න ඕනේ නැහැ. රජයෙන් කරන්න පුළුවන් දේ කරලා තියෙනවා. නොසැලකිලිමත්කම සහ වගකීමෙන් තොර නිසා සිදුවූ අවාසනාවන්ත මරණයක්...