(විනීතා එම් ගමගේ)
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළකට අවතිර්ණ වීමට ජාතික භික්ෂු පෙරමුණ කටයුතු කරන බව එම පෙරමුණේ ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ පැවැසූහ.
මෙම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුව තුළ විවාදයට ගන්නා අවස්ථාවක හෝ ඒ වෙනුවෙන් වු ජනමත විචාරණයක් සඳහා රජය සුදානම් වන අවස්ථාවක මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන අන්දමේ කරුණු පැහැදිලි කෙරෙන පත‍්‍රිකාවක් සෑම විහාරස්ථානයකටම ලැබෙන්නට සලස්වන බවත් ඒ හරහා ජනතා නියෝජිතයන් ද ජනතාව ද දැනුවත් කිරීම ඉතා පහසුවෙන් කළ හැකි වන බවත් උන් වහන්සේ කියා සිටියහ.
මේ අතර දේශපාලන කෙෂත‍්‍රයේ සිටින සියලූ දෙනාට ද මේ පිළිබඳ බලපෑම් කිරීමට ජාතික භික්ෂු පෙරමුණ කටයුතු කරමින් සිටින බව ද උදිත හිමියෝ තව දුරටත් කියා සිටියහ.
තමන් ගොඩ නගන මතය සමාජ ගත කිරීම පහසුවෙන් කළ හැකි වෙතැයි බලාපොරොත්තු වන බව ද උන්වහන්සේ තවදුරටත් කීහ.
විධායක ජනාධිපති ක‍්‍රමයේ අත්තනෝමතික බව අප නිරන්තරව සියලූ කි‍්‍රියාකාරකම්වල දී අත් විඳින බවත් විවිධ අංශ විසින් එම ක‍්‍රමය රටට නොගැලපෙන බව කියා සිටියේ 1977/78 තරම් ඈත කාලයක සිට බවත් උදිත හිමියෝ කීහ.
විධායක ජනාධිපති ක‍්‍රමය නැතිව බැරියැයි සිතන සංඝයා වහන්සේට ත‍්‍රිපිටකය සමාජ ගත කිරීමට කිසිසේත්ම නොහැකිවනු ඇතැයි ද උදිත හිමියෝ කීහ.
උන්වහන්සේ මේ අදහස් පළ කළේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී අද (07) පැවැති ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.
2025 දෙසැම්බර් මස 04
47
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
343
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
362
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විධායක ජනාධිපති ක‍්‍රමය එපා යයි දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක්