(යොහාන් භාසුර)
ලෝක සෞඛ්‍ය සංවිධායනයේ අනුමැතිය තියෙන එන්නතක් ලබාගත් ඕනෑම කෙනෙකුට විදේශගත විය හැකි තත්වයක් උදාවිය හැකි බවත් මීට පෙර එක මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් යැයි නිර්දේශ කර තිබූ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත ද මාත්‍රා දෙකක් ගතයුතු යැයි දැන් නිර්දේශ කර ඇතැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්ජුන ද සිල්වා මහතා පැවසීය.
විදේශ රැකියාවලට යන අය ‘ෆයිසර්’ එන්නත සොයන තත්වයක් තිබුණ ද එන්නත පිළිබඳව නීති රීති වරින් වර වෙනස් වන නිසා එන්නත් වර්ගයේ ප්‍රශ්නයක් නොවිය හැකි බව කී මහාචාර්ය ආර්ජුන ද සිල්වා මහතා එන්නතේ වර්ගය පිළිබඳව අවධානය යොමු නොකර එන්නත් දෙකම ලබාගැනීම වඩාත් වැඳගත් බව සඳහන් කළේය.
ලෝකයේ බෙහෝ පිරිසක් එන්නත් ලබාගනිමින් සිටින නිසා දැන් තියෙන සමහර නීති පසුව වෙනස් වියහැකි බවත් ඩුබායි වගේ රටවල්වල වැඩි ප්‍රමාණයක් චීන එන්නත් භාවිතා කර ලෝකයේ බොහෝ රටවල්වල සංචාරය කරන බවත් මහාචාර්ය ආර්ජුන ද සිල්වා මහතා කීය.
COMMENTS
ෆයිසර් සහ මොඩර්නා නැත්තං සමහර රටවල් ඇතුළට එකපාරට ගන්නේ නැහැ කියලයි අපි අහල තියෙන්නෙ .
මෙයත් ජයසුමන ඇමැතිවරයාට දෙවනි වෙන්නෙ නැහැ වගෙයි.
යුරෝපා සංගමය චීන, රුසියා එන්නත අනුමත කර නැත. ඔය රටවල් දෙකටම ඉර්ශියයි නේ එකයි.