
(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොදු දුරකථන අංකය හා පැය 24 පුරා ක්‍රියාත්මක ක්‍ෂණික දුරකථන අංකය වෙනුවෙන් ගෙවිය යුතු දුරකථන ගාස්තු නොගෙවීම නිසා, විසන්ධි කරන ලද ප්‍රධාන දුරකථන අංක සඳහා මේ වනතුරුත් යළි සබඳතා ලබා දී නැත.
පැය විසිහතර පුරා ක්‍රියාත්මක 1989 කෙටි දුරකථන අංකය හා කාර්යංශයේ පොදු දුරකථන අංකය වන 0112880500 යන දුරකථන දෙක මෙසේ විසන්ධි කර ඇති අංක අතර වේ.
1989 අංකය පැය 24 පුරා ක්‍රියාත්මක අංකයකි. පොදු දුරකථන අංකය වන 0112880500 අංකය කාර්යංශයේ සියලු අංශ සම්බන්ධකර ගත හැකි අංකයකි. එය ද 1989 ට සම්බන්ධ කර ඇති අතර එම අංකය සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කරන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම විසිනි.
මෙම දුරකථන අංක විසන්ධි කිරීමෙන් පසු ඒ සඳහා වන රුපියල් 575,000ක් කාර්යංශය විසින් ගෙවා ඇතත් එම දුරකථන අංක කෙටි අංකයට සම්බන්ධ කර ඇති බැවින් මේ වනතුරුත් යලි සම්බන්ධතාව ලබා ගත නොහැකි වී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
විදේශ ගත ශ්‍රී ලාංකිකයන් මෙන්ම මෙරට වෙසෙන විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ද විවිධ උවමනාවන් සඳහා කාර්යංශය අමතන අතර ඒ සඳහා බොහෝ විට මෙම දුරකථන අංක දෙක භාවිතා වෙයි.
මේ තත්ත්වය යටතේ කාර්යංශයේ කටයුතු අද(05) දවස තුළ අඩාල වූ බව කාර්යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය යක්කුන්ට ඕවා තිබ්බට වැඩක් නැහැ. මම කියන්නේබොරුනම් ඕවට කතාකරලා වැඩක් කරගන්න බලන්න එතකොට තේරෙයි. එක්කෝ ගිහින් වැඩක් කරගන්න බලන්න. නිකන් ඉඳන් අපේ සල්ලි කනවා.
මෙච්චර ඇමතුම් ගත්තේ කවුද? වහාම දුරකථන අංක පරීක්ෂා කරන්න.. ඕකේ වැඩකරන සේවකයෝ තමන්ගේ පුද්ගලික ඇමතුම් ලබාගෙන ඇති.
අනේ මන්දා, කොරෝනා නිසා පිටරට ඉන්න මිනිස්සුන්ට මෙච්චර කරදර වෙලා තියෙන අවස්ථාවක ඒ මිනිස්සුන්ගේ පවුල්වල උදවියට තියෙන එකම සම්බන්ධය මේ විදිහට නැතිකරන්න මේ උදවිය කාටවත්ම බය නැද්ද?
විදේශයන්හි සිටින ශාපය. දැන් එහි වැඩ කරන අයට තේරෙනවා ඇති විදේශීය ශ්‍රමිකයින්ගේ අගය.
පිටරට ඉන්නා ළමයි. දැන් ලියන්නකෝ. මේ අමාත්‍යාංශේ අර කලිං හිටපු සභාපතියෙක් ලොකුගාණක් ගහලා මාරු වුණායි කිව්වා. යුක්තිය ඉටු උනැයි.
කිසිම වැඩක් නැති ආයතනයක් තමයි මේක.. රටට වැඩක් වුණෙත් නැහැ. මේ අයට වැඩක් වුණෙත් නැහැ. ඒජන්සි අයගේ පැත්ත තමයි මේ ගොල්ලොත් ගන්නේ. මිනිස්සු හැමදාම අසරණයි.
තමන්ගේ දුරකථනය හරියට පවත්වාගෙන යන්න බැරි අය, පිටරට වැඩකරන අයගේ ප්‍රශ්න මොන විදියට විසඳා දේවිද.., කියලා හිතාගන්න පුලුවන්...
වීසා තොරතුරු අනාවරණය කර ගැනීමට...
මන් 2023 කොරියන් විභාගයට අයදුම්පත් දාන්න ඉන්නේ මට පස්ස්පොර්ට් එක හදාගන්න විදිහක් නෑ. විදේශ සේවා එකෙන් එවලා තිබ්බ රෙජිස්ටර් වෙන්න කියලා ම්න් ඒ්ක දැනුවත්ව හිටියේ නැ අ මට රෙගිස්ටෙර් වෙන්න විඩිහක් නැද්ද