IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දුරකථන සම්බන්ධතා ගිළිහෙයි

(විනීතා එම් ගමගේ)
 
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොදු දුරකථන අංකය හා පැය 24 පුරා ක්‍රියාත්මක ක්‍ෂණික දුරකථන අංකය වෙනුවෙන් ගෙවිය යුතු දුරකථන ගාස්තු නොගෙවීම නිසා, විසන්ධි කරන ලද ප්‍රධාන දුරකථන අංක සඳහා මේ වනතුරුත් යළි සබඳතා ලබා දී නැත.
 
පැය විසිහතර පුරා ක්‍රියාත්මක 1989 කෙටි දුරකථන අංකය හා කාර්යංශයේ පොදු දුරකථන අංකය වන 0112880500 යන දුරකථන දෙක මෙසේ විසන්ධි කර ඇති අංක අතර වේ.
 
1989 අංකය පැය 24 පුරා ක්‍රියාත්මක අංකයකි. පොදු දුරකථන අංකය වන 0112880500 අංකය කාර්යංශයේ සියලු අංශ සම්බන්ධකර ගත හැකි අංකයකි. එය ද 1989 ට සම්බන්ධ කර ඇති අතර එම අංකය සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කරන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම විසිනි.
 
මෙම දුරකථන අංක විසන්ධි කිරීමෙන් පසු ඒ සඳහා වන රුපියල් 575,000ක් කාර්යංශය විසින් ගෙවා ඇතත් එම දුරකථන අංක කෙටි අංකයට සම්බන්ධ කර ඇති බැවින් මේ වනතුරුත් යලි සම්බන්ධතාව ලබා ගත නොහැකි වී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
 
විදේශ ගත ශ්‍රී ලාංකිකයන් මෙන්ම මෙරට වෙසෙන විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ද විවිධ උවමනාවන් සඳහා කාර්යංශය අමතන අතර ඒ සඳහා බොහෝ විට මෙම දුරකථන අංක දෙක භාවිතා වෙයි.
 
මේ තත්ත්වය යටතේ කාර්යංශයේ කටයුතු අද(05) දවස තුළ අඩාල වූ බව කාර්යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.  



අදහස් (9)

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දුරකථන සම්බන්ධතා ගිළිහෙයි

Dharmasiri Monday, 05 October 2020 09:34 AM

ඔය යක්කුන්ට ඕවා තිබ්බට වැඩක් නැහැ. මම කියන්නේබොරුනම් ඕවට කතාකරලා වැඩක් කරගන්න බලන්න එතකොට තේරෙයි. එක්කෝ ගිහින් වැඩක් කරගන්න බලන්න. නිකන් ඉඳන් අපේ සල්ලි කනවා.

:       0       7

anula Monday, 05 October 2020 10:16 AM

මෙච්චර ඇමතුම් ගත්තේ කවුද? වහාම දුරකථන අංක පරීක්ෂා කරන්න.. ඕකේ වැඩකරන සේවකයෝ තමන්ගේ පුද්ගලික ඇමතුම් ලබාගෙන ඇති.

:       0       9

pathirana Monday, 05 October 2020 10:26 AM

අනේ මන්දා, කොරෝනා නිසා පිටරට ඉන්න මිනිස්සුන්ට මෙච්චර කරදර වෙලා තියෙන අවස්ථාවක ඒ මිනිස්සුන්ගේ පවුල්වල උදවියට තියෙන එකම සම්බන්ධය මේ විදිහට නැතිකරන්න මේ උදවිය කාටවත්ම බය නැද්ද?

:       0       2

මොහමඩ් රිසවාන් සව්දි අරාබිය Monday, 05 October 2020 10:36 AM

විදේශයන්හි සිටින ශාපය. දැන් එහි වැඩ කරන අයට තේරෙනවා ඇති විදේශීය ශ්‍රමිකයින්ගේ අගය.

:       0       21

ශාලින්ද්‍ර Monday, 05 October 2020 10:41 AM

පිටරට ඉන්නා ළමයි. දැන් ලියන්නකෝ. මේ අමාත්‍යාංශේ අර කලිං හිටපු සභාපතියෙක් ලොකුගාණක් ගහලා මාරු වුණායි කිව්වා. යුක්තිය ඉටු උනැයි.

:       0       4

eresh S kumara Monday, 05 October 2020 10:54 AM

කිසිම වැඩක් නැති ආයතනයක් තමයි මේක.. රටට වැඩක් වුණෙත් නැහැ. මේ අයට වැඩක් වුණෙත් නැහැ. ඒජන්සි අයගේ පැත්ත තමයි මේ ගොල්ලොත් ගන්නේ. මිනිස්සු හැමදාම අසරණයි.

:       0       4

සරත් Monday, 05 October 2020 08:02 PM

තමන්ගේ දුරකථනය හරියට පවත්වාගෙන යන්න බැරි අය, පිටරට වැඩකරන අයගේ ප්‍රශ්න මොන විදියට විසඳා දේවිද.., කියලා හිතාගන්න පුලුවන්...

:       0       0

Sm chandralatha Friday, 02 December 2022 09:34 PM

වීසා තොරතුරු අනාවරණය කර ගැනීමට...

:       0       1

H.G.Geshan ravishka Friday, 17 February 2023 12:39 PM

මන් 2023 කොරියන් විභාගයට අයදුම්පත් දාන්න ඉන්නේ මට පස්ස්පොර්ට් එක හදාගන්න විදිහක් නෑ. විදේශ සේවා එකෙන් එවලා තිබ්බ රෙජිස්ටර් වෙන්න කියලා ම්න් ඒ්ක දැනුවත්ව හිටියේ නැ අ මට රෙගිස්ටෙර් වෙන්න විඩිහක් නැද්ද

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 403 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 446 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site