(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා ආසාදනයවූ ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගේ සෞඛ්‍ය තත්වය යහපත් බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප ජයරුවන් බණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ දැන් සියල්ල යහපත් අතට හැරෙමින් පවතින බවයි.
තමාට වයිරසය ආසාදනය වී දින හතරක් ගතවන බවද හෙතෙම සඳහන් කළේය.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තෙකි.
ඔහු පළමු මාත්‍රාව ලෙස අස්ට්‍රාසෙනිකා එන්නතද දෙවෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නතද ලබාගෙන ඇත.
ශරීරය ඇතිවූ වේදනාකාරී තත්වයක් සහ උගුරේ ඇති වූ අපහසුතාවයක් නිසා ඇති වූ සැකය මත වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට තමා යොමු වූ බව සඳහන් කරන ඒ මහතා එහිදී තමාට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගත් බවත් පැවැසීය.
තමාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරුවීමත් සමග වෛද්‍යවරුන්ගේ උපදෙස්වලට අනුව දින 10ක කාලයක් නිවසේ සිට ප්‍රතිකාර ලබමින් නිරෝධානයට යොමු වු බව ඔහු වැඩිදුරටත් කීය .
COMMENTS
අනේ අපිට මොකද? මෙයා ලොකු කෙනෙක්ද? කොස්මටික් ට්‍රීට්මන්ට් කරන්න සැලුන්වලට යන කෙනෙක්නේ...
එතුමාට ඉක්මන් සුවය පතමි. කොරෝනා පටන්ගත් කාලයේම මහජනතාව දැනුවත් කිරීමට එතුමා කළ මෙහෙය ප්‍රශංසනීයයි. වෛද්‍ය පර්යේෂණ ආයතනය අද පවතින තත්වයට ගෙන ඒමට එතුමා කළ මෙහෙය සැවොම හැමදාම සිහිපත් කරනවා...
ජයරුවන් මහත්මයා සුවපත් වේවා. සුවවී නැවතත් එතුමාගේ විද්‍යාගාරයේ වැඩකටයුතු කරමින් කොරෝනා රෝගීන් සුවපත් කිරීමට ශක්තිය ලැබේවා...!!!
කළින් ඔය අසනීපයට කිව්වේ සෙම අමාරුව කියලා.. දැන් කොරෝනා... හැදුණාම පත්තරෙත් දානවා.