
(තිස්ස කොටින්කඩුව)
වත්තල-මාබෝල නගර සභාවේ දේපල වලට අලාභහානි සිදු කිරිම සහ වත්තල මාබෝල නගර සභාවේ ලේකම් ගීතානි දිල්රුක්ෂ ලොකුවැල්ල මහත්මිය ඇතුලු තවත් නිලධාරින් දෙදෙනකුගේ රාජකාරියට බාධා කළැයි කියන එම නගර සභාවේ එජාප නාගරික මන්ත්‍රිවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වත්තල-මාබෝල නගර සභාවේ ලේකම් ගීතානි දිල්රුක්ෂි ලොකුවැල්ල මහත්මිය කළ පැමිණිල්ලකට අනුව පරික්ෂණයකින් අනතුරුව අදාල නාගරික මන්ත්‍රි වරයා අත්අඩංගුවට ගෙන ඇත.
සූම් තාක්ෂණය ඔස්සේ ව්‍යාපෘති පිළිබඳව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකමි ජයන්ති විජේතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රගති සමාලෝචන රැස්විමකට සහභාගී වෙමින් සිටියදී සැකකාර මන්ත්‍රීවරයා පිටස්තර පුද්ගලයකු සමග පැමිණ ඔහුගේ වරිපනම් සමිබන්ධව යම් කිසි කාර්යයක් වහාම ඉටුකර දෙන්නයි ඉල්ලා සිටි අවස්ථාවේ තමා වැදගත් රාජකාරියක යෙදි සිටින හෙයින් ටික වෙලාවක් සිටින ලෙස ඉල්ලා ඇත.
මේ අවස්ථාවේ අධික ලෙස කෝපයට පත් මන්ත්‍රිවරයා තමාට තර්ජනය කරමින් තමාගේ බඩු බාහිරාදියට හානි කරමින් දැඩි ලෙස ආවේගශීලිව හැසිරිණු බව ද ලේකම්වරිය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
කාර්යාල කාර්ය සේවක මහතාත් තවත් නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනකුත් ඉදිරියට පැමිණ තමා බේරාගත් බව පොලිසිය කියයි.
මේ හේතුවෙන් සභාවට අයත් රුපියල් 2 ලක්ෂ 76000 ක පමණ දේපළවලට හානි සිදුව ඇතැයි ද ලේකම්වරිය කියයි.



2025 දෙසැම්බර් මස 04
210
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
382
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වත්තල-මාබෝල නගර සභා ලේකම්ගේ රාජකාරියට බාධා කළ නාගරික මන්ත්‍රි අල්ලයි
මුණසිංහ Thursday, 15 July 2021 02:06 PM
මේ අයට ඇප දෙන්න එපා... මෙන්න නියම කාලකණ්ණි...