IMG-LOGO

2025 ජනවාරි මස 20 වන සඳුදා


‘‘වැඩ කරන්න කැබිනට් ඇමතිකමක් නොලැබුණහොත් තීරණයක් ගන්නවා‘‘

(රෝවන් පෙරේරා)

ආණ්ඩුව පිහිටවලා ඇමති මණ්ඩලය පත්කළත් තමන්ට කැබිනට් ඇමතිකමක් නොලැබුණු බවත් නියෝජ්‍ය,රාජ්‍ය,කැබිනට් නොවන ඒවාගේ වාඩි වෙන්න බැරි බවත් වැඩ කරන්න කැබිනට් ඇමතිකමක් අවශ්‍ය බවත් මාසයක් තුළ ප්‍රශ්නය නොවිසඳුනහොත් තීරණයක් ගැනීමට සිදුවන බව පාලිත රංගේ බංඩාර මන්ත්‍රීවරයා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ අදහස් පල කළේ ආණමඩුව නාගවිල සේරුකැලේ ප්‍රදේශයේ ජනතාවට ගම් පෙරලිය යටතේ භාන්ඩ ලබාදීමේ උත්සවයකට සහභාගී වෙමින් පැවති ජන හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.

       ‘‘හැමදාම මේවා කතා කර කර ඉන්න බැහැ මමත් බලනවා වැඩිකල් නොගොස් මේ ක්‍රියාදාමයන් වල අවසානය මොකක්ද කියලා.ඇති වෙත්ත පහුගිය දේශපාලන වාතාවරනය වෙලාවේ මම ජපානයේ ඉඳලා ලංකාවට ආවහම මට කතාකලා ඔබටත් තෑගිබෝග දෙන්නම් එන්න කියලා.

එක පැත්තකින් කැබිනට් ඇමතිකම දෙන්න කියලා රටේ ප්‍රධානියා කතා කරනවා. හිටපු අමාත්‍යවරුවරු කතා කරනවා කැබිනට් ඇමැති ධුරය දෙන්නම් අනිත් පැත්තෙන් රුපියල් කෝටි 50ක් දෙන්නම් කියලා කතාකරනවා රුපියල් කෝටි 50 කොහොමද ගණන් කරන්න කියල අහනකොට කියනවා ඇමරිකන් ඩොලර්වලින් රුපියල් මිලියන 2.8 ක් දෙන්නම්.සල්ලි ගෙදරට ගෙනත් දෙන්නම් එන්න අපිත් එක්ක කැබිනට් ඇමති කමක් ගන්න එකතු වෙනන් කියලා.

මුළු රටම කිව්වා රංගේ බණ්ඩාර ඇමති රංගේ බණ්ඩා බණ්ඩාර නොමැතිව ආණ්ඩුවක් නැත රංගේ බණ්ඩාර නැත්තං යූ එන්පියක් නැත. රංගේ බණ්ඩාර තමයි හැරවුම් ලක්ෂය කියලා.

රංගේ බණ්ඩාර තමයි කෙලින් මිනිහා රංග බණ්ඩාර තමයි හෙළි කළේ කියලා තව ඇමැතිවරුන් මන්ත්‍රීවලට ඕනතරම් කතා කරයි කියලා කියනවා. නමුත් එක්කෙනෙකුටවත් කොන්ද කෙලින් තිබුණේ නැහැ හෙළිකරන්න. රංගේ බණ්ඩාර මේක හෙළිකළා රංග බණ්ඩාර එඩිතර මිනිහා නිර්භීත මිනිහා අවංක මිනිහා කියලා රටේ හැම තැනම යන තැනක කියනවා.

මං මේ ඊයේ ගිහිල්ලා අද  යන හැම තැනකම දකින දකින මිනිස්සු අත ඉඹිනවා ඔබතුමා තමයි මේක බේරගත්තේ කියලා. දැන් අපි ආණ්ඩුවක් පිහිටවූවා ආණ්ඩුව පිහිටවන කොට මේ සේරම කරලා තිබෙන්නෙ කෙලින් ඉඳලා තියෙන්නේ රටේ ජනතාවට ගෞරවය ඇති කරලා තියෙන්නේ රංග බණ්ඩාර

හැබැයි ආණ්ඩුව පිහිටුවලා ඇමති මණ්ඩලයේ පිහිටවලාත් අවසානයට බොහොම චුට්ටයි කරන්න තියෙන්නේ දැන් හැරවුම් ලක්ෂය එලියෙ හැරවුණු කට්ටිය ඇතුළේ හැරවුම් ලක්ෂ තාම එලියෙ දැන් මට මිනිස්සු කියනවා.

අර කෝටි පනහත් අරගෙන ඇමතිකමකුත් අරගෙන ඇයි එස් බීට එකතු වුණේ නැත්තෙ කියලා එහෙම කරන්න තිබුණා නේද ඇයි එහෙම නොකලේ කියලා දැන් ඒවගේ ජංජාලයකට රංගේ බණ්ඩාරට මුහුණ දෙන්න වෙලා තිබෙනවා.

මේ අවුරුද්දත් අසන් වේගන යනවා 2019 වන කොට මේ ප්‍රශ්නය විසදෙන්නේ නැත්නම් හැරවුම් ලක්ෂය හරවන්න වෙනවා.නැතුව මේක කරන්න බැරුව යනවා.හැමදාම බේරලා දීලා පැත්තකට වෙලා ඉඳලා හරියන්නෙත් නැහැ.

පුත්තලම මගෙ මිනිස්සුන්ට වැඩ කරන්න තියෙනවා.අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවාහන වාරි ක්ෂේත්‍රයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ බරපතල ප්‍රශ්න වෘත්තීය ක්ෂේත්‍රයේ බරපතල ප්‍රශ්න අපේ මිනිස්සුන්ගෙ ආර්ථිකයෙ බරපතල ප්‍රශ්න මෙහෙම බලනකොට හැම තැනකම ප්‍රශ්න.

එහෙනම් නැවතත් මම රාජ්‍ය ඇමති වෙලා හරියන්නෙ නැහැ.නියෝජ්‍ය,රාජ්‍ය,කැබිනට් නොවන ඒවාගේ වාඩි වෙන්න බැහැ දැන් අපිට දිස්ත්‍රික්කය ගොඩ නගන්න වාඩි වෙන්න ඕනා කැබිනට් ඇමති ධූරයේ මේ තත්වය කඩිනමින් ලැබිය යුතුයි. එ

හෙම නැතුව හැරවුම් ලක්ෂය එලියෙ තියලා  අනිත් අය හරවලා හරියන්නෙ නැහැ.මේ මාසය තුල ප්‍රශ්නය විසඳුනේ නැති නම් හැරවුම් ලක්ෂය පිළිබඳ තීරණ ගන්න වෙනවා කියන එක සිහිපත් කරන්න ඕනා.‘‘



අදහස් (38)

‘‘වැඩ කරන්න කැබිනට් ඇමතිකමක් නොලැබුණහොත් තීරණයක් ගන්නවා‘‘

hasantha Wednesday, 26 December 2018 05:46 PM

දකුණු ඉන්දියානු චිත්‍රපටියක් වගේ. හරිම හිරිකිතයි ලංකාවේ දේශපාලනේ. පිටරට ගිහින් ජීවත් වෙනවා හැරෙන්න දැන් කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ

:       9       91

channa Wednesday, 26 December 2018 05:48 PM

ඇමතිකම නොදුන්නේ කවුද, ඔහුට පහර ගහන්න.

:       0       20

Amila Wednesday, 26 December 2018 05:55 PM

අනිවාර්යයෙන් මෙතුමාට ඇමතිකමක් ලැබෙන්න ඕන. අනික ජනාධිපතිවරණයේදි සහ මහ ඡන්දයෙදි දිනපු දිස්ත්‍රික්කයක්. හැබැයි කැබිනට් ඇමතිකමක් එම දිස්ත්‍රික්කයට නෑ. හරිනන් හැම දිස්ත්‍රික්කයකටම එක ගානේ දෙන්න ඔන හැම පලාතම නියෝජනය වෙන්න. අනික කුරුණෑගල, ගාල්ල සහ මාතර වගේ ඉහලින්ම පැරදුණ දිස්ත්‍රික්කයන්ට රනිල් ඇමති කම් දෙක දෙක වගේ දීලා තියෙනවා. ඡන්ද දිනන්න බැරි සහ ජන ප්‍රසදය අඩු හරි අඩුමගානේ එයාගේ ඉස්කෝලේට හරි ගිහින් තියෙනවානම් තමයි ඇමතිකම් දෙන්නේ.

:       29       102

lanka Wednesday, 26 December 2018 06:16 PM

කෙනෙකුට මහජනයාට වැඩ කරන්නට ඇමතිකමක් තියෙන්නටම ඕනෙද? ඡන්දෙ දෙන අය මේ අයව සනසන්නට බදු මුදල් ගෙවනවා.

:       1       115

Mahee Wednesday, 26 December 2018 06:17 PM

මෙන්න මේක තමයි ඔය සකල විධ 225 දෙනාගේම මානසිකත්වය. ඇමතිකමක්, නියෝජ්‍ය, රාජ්‍ය, කැබිනට් නොවන ඔය මොකක් හරි කමක් නෑ. හැබැයි, එක අතකට මෙයාගේ කතාවේ කිසියම් ඇත්තකුත් තියෙනවා. අර කුට්ටිය අරගෙන කරණමක් ගහන්න හොඳටම ඉඩ තිබුනනේ. ඒ වුනත් එහෙම නොකිරීමම කැබිනට ඇමතිකමකට සුදුසු කමක් වෙනවද? එක අතකට ලංකාවේ ඇමතිලට තියෙන එකම සුදුසුකම නම් ලොක්කට පන්දම් ඇල්ලීම විතරයි. මෙයා රෝයල් කල්ලියේ නොවීමේ විපාකය තමයි මේ.

:       17       46

Raveendra Wednesday, 26 December 2018 06:28 PM

ඔව් ඔව් ඒක ඉතාමත්ම නිවැරදියි . තමන් උපන් රටට සේවය කරන්න තනතුරු නම් ඕනෙම තමා නැතුව කිසිම වැඩක් කරන්න බැහැනේ . වොඩ්ක බෝතලේ තියෙන උණු කරලා නිවාගත්ත තැබිලි වතුර ටික බීල වෙන්න ඇති මේ අඩන්නේ. අනේද කියන්නේ .... නොදකින් මෙහෙමත් මහජන නියෝජිතයන් මහජනතාවට සේවය කරන්නේ තනතුරු ඕනේ....

:       1       227

V.warnakulasuriya Wednesday, 26 December 2018 07:24 PM

ගස් උඩ ඉන්න හැලි වදුරන්ද ගෙඩිය ඇති අත්තට පැනීම වදුරැ ලක්ෂණයකි. ඔවුන්ට සමාන දේශපාලන හැලිවදුරන්ද සිටිති. එඩිතරකම, නිර්භිතකම සහ අවංක බව කියා පලය බුක්ති විඳින්නට යති. ගහෙන් ගහට පනින වදුරන්ට කොන්දක් කෙලින් තබා ගත නොහැකිය. බඩ ගොස්තරය නිවාගැනීමට පොරබදන එවුන්ට අවංකමක්ද තිබිය නොහැකිය. ජනතා නියෝජිතයන් මෙවැනි තත්ත්වයකට පත් නොකරන පාලන ක්‍රමයකට අප ඉක්මනින්ම යායුතුව ඇත.

:       0       28

gomis Wednesday, 26 December 2018 10:10 PM

අවාසනාවකට අපේ මව් බිමේ තියෙන්නේ අසූචි දෙසපලනයක්. මේ බණ්ඩාගේ පුතා බීල ගිහින් වහනය හසුරුවා ගන්න බැරුව ගෙයක් ඇතුලට වහනය දැක්කුවම වොඩ්කා බෝතලයේ තිබ්බේ ඇල්වතුර කිව්වේ මේ බණ්ඩාර රාලේම තමා....

:       0       158

Bandara Wednesday, 26 December 2018 10:57 PM

වැඩ කරන්න නොවේ හම්බ කරගන්න.

:       0       166

දහම් Wednesday, 26 December 2018 11:32 PM

ලක්ෂ ගණනක් අරගෙන හැරුනෙ නැති නිසා හැරවුම් ලක්ෂය ට දුකයි වගේ

:       0       27

reks Wednesday, 26 December 2018 11:55 PM

මේ මොන විකාරයක්ද. ඇමතිකම් කියන්නේ එක එක්කෙනාට ඕනවට දෙන වරදාන නෙවෙයි. රටකට දේශපාලන විද්‍යාවට අනුව අවශ්‍ය ඇමතිකම් ස්ථිර ප්‍රමාණයක් නම්කර තිබිය යුතුයි. ආණ්ඩුවක් පිහිටවූ පසු සුදුසු මන්ත්‍රීන් තෝරා එම ඇමතිකම් බාරදිය යුතුයි. නැතුව ඇමතිකම් කියන්නේ තමන්ට අවශ්‍ය ආණ්ඩුවක් හදාගන්න පිරිස හොයාගන්න දෙන පගාවක් නොවිය යුතුයි.

:       0       148

Sathyayaa Thursday, 27 December 2018 12:51 AM

ඔය අන්දෝනා වලින් ඔබ පෙන්වූ තාවකාලික වීර කම බලා ඉන්දැද්දී හේදිලා යනවා. ඔබ දැන් ජනතාවට කියන්නේ ඔබ නැති පාර්ලිමේන්තුව පරිප්පු නැති හෝටලයක් වගෙයි කියලද? ඔබ පරිප්පු ඉල්ලගෙන කෑවට ජනතාව තවදුරටත් ඔයාල කන පරිප්පු කන්න සුදානම් නැහැ. රටට වැඩකරන්න ඇමති කමක් නැතුව බැහැයි කියන්න තරම් මෝඩ වූ පුද්ගලයෙකුට ඇත්තෙන්ම මන්ත්‍රී කමක් වත් සුදුසු නැහැ. අන්න ඒක හිතේ තියාගන්න.

:       0       146

gunarathna Thursday, 27 December 2018 01:15 AM

මොකක්ද කරන්ට හිතාගෙන ඉන්නේ. මමනම් හිතන්නේ ඔය ඉන්න විදියටම ඉන්ට තීරණය කරයි එහෙම නැතිනම් වෙන යන්ට තැනකුත් නැහැනේ. දෙමල සන්ධානෙට හේත්තු වෙන්ට තමයි වෙන්නේ.

:       0       49

lal Thursday, 27 December 2018 01:21 AM

මේ "කැබිනට් ඇමති" කියන කෑල්ල ඇයින් කරලා ඔක්කෝටම පොදුවේ 'ගරු අමාත්‍ය' කියල දුන්නා නම් මේ ප්‍රශ්ණය විසඳා ගන්න පුලුවන් වේවි කියලා මම හිතනවා. මෙය හීන මානය පිලිබඳ ප්‍රශ්ණයක්...

:       0       30

rajiv Thursday, 27 December 2018 01:39 AM

මෙයා නැතිනම් එජාපෙ නැහැලු. මම රනිල්නම් දැන් මෙයාව දොට්ට දානවා.

:       2       96

Thilina Thursday, 27 December 2018 01:46 AM

මොනවා කියලා කරන්නද? කොහේ කියලා යන්නද? අපිනම් ඕක ඔහොම වෙන බව දැනගෙන හිටියා .අනික එදා කතා කලේ තණතුරු වැඩක් නැහැ කියලනේ. දැන් මොකටද එහෙනම්. රංගේ යන්නැද්ද ?

:       1       47

Nishantha Thursday, 27 December 2018 01:52 AM

රංගේ නියමයි.

:       9       112

Nsha Thursday, 27 December 2018 01:52 AM

සල්ලි එපා කිව්වට මාධ්‍ය ඉස්සරහ, සල්ලි වලට බලයට කෑදරයි නේද.?

:       1       41

chandima Thursday, 27 December 2018 02:05 AM

දැන් ඔය ඇමතිකම තියෙද්දී කරපු වැඩ මොනවද කියන්න බලන්න.

:       1       78

ajith Thursday, 27 December 2018 02:32 AM

මොකක්ද ඔබතුමා ගන්න තීරණය? රටේ ජනතා පරමාධිපත්‍යය ප්‍රජාතන්ත්‍රවාදය සල්ලිවලට යට කරලා දාන්න හදපු ඒකාධිපතින්ට එකතු වෙන එකද කරන්න හදන්නේ?

:       5       8

amith Thursday, 27 December 2018 02:43 AM

එස් බී කීවදේ හරි නේද?

:       1       31

රවින් Thursday, 27 December 2018 02:59 AM

ඒක ඉතින් හැමදාම ලංකාවේ වෙච්ච දේ නේ. කෙලින් කතා කරන එකා අමාරුවේ. ඇමතිකම දීලා කැබිනෙට් එකේ තියන කුණුකන්දල් එලියට දැම්මොත් ? කොමිස් කාක්කන් කුඩුවෙන් එලියට එනවානේද? කෙලින්ම කොමිස් ඉල්ලපු නෑ පරපුර මාට්ටු වෙනවානේද? අනික අල්ලස් දීමට තැත් කිරීම? බෙල්ලට තොන්ඩුව ? ආඳා වගේ ලිස්සන්න බැරිවෙනවා නේද?

:       10       1

ඊටී Thursday, 27 December 2018 03:27 AM

මේ ඔක්කොම කලේ කැබිනට් ඇමත්කමක් බලාපොරොත්තුවෙන්ද?

:       1       125

Sathya Thursday, 27 December 2018 03:34 AM

හාමුලට සුවච සේවකයෝ ඉන්නකන් හොඳයි. පොඩි මිනිහගේ දාඩිය සුවඳ දන්නා , දේශීයත්වයමත ගොඩ නැගුන සජිත්, නවීන්, දයා වගේ යු.අන්.පී. නායකයන්ට උඩට එන්න දෙන්නේ නැතිව, හැමදාම විදේශීය ප්‍රතිපත්ති විස්වාස කරන කණ්ඩායමක නායකයන්ගේ පදයට නටනවා. හැබැයි ඒ නැටිල්ලට වේදිකා හදන්නේ, පාවඩ එලන්නේ මේ පොඩි මිනිස්සු. ගහන්න ගහන්න වඳින එකත් මෝඩයා, වඳින්න වඳින්න ගහන එකත් මෝඩය. ප්‍රශ්නේ තියෙන්නේ මේ එක කොට්ටශයකටවත් ඕක තේරුම් ගන්න මොලයක් නැති එකයි.

:       192       58

බංඳුල Thursday, 27 December 2018 04:23 AM

ඩබල් ගේම්කාරයන් කියන්නේ මේ අයට, මේකටද මිනිස්සු චන්දයකදී ඔයාලව පත්කොරන්නේ?

:       1       111

සුමනසිරි Thursday, 27 December 2018 05:27 AM

ඔබ වගේ දෙපිට කාට්ටු අයට ඇමති කම් ලැබෙන්නේ නැහැ. උතුරේ මන්ත්‍රී වරුන් ද්විත්ව පුරවැසිකම් තියාගන තවම පාර්ලිමේන්තුවේ ඉන්නවා . ද්විත්ව පුරවැසිකම් ඇති හතුරන් විතරක් නීති දාලා පාර්ලිමේන්තුවෙන් එලවනවා. අද පවතින ක්‍රමය මේකයි.

:       1       105

chamath Thursday, 27 December 2018 05:42 AM

ඕවා සෝබන කතා.

:       1       36

chamath Thursday, 27 December 2018 06:20 AM

ඔබ තුමා කවුද කියන්න මුළු රටම දන්නවා ඒ නිසා බොරු කතා කියන්න එපා

:       2       6

Ravi Thursday, 27 December 2018 06:26 AM

පුත්තලම් දිස්තිරික්කයේ ගොඩක් ප්‍රශ්න තියෙනවා කියලා දැන්ද දැනෙන්නේ ඔබතුමාට. එතකොට පහුගිය අවුරුදු 4 ඒ ප්‍රශ්න විසදන්න බැරි උනාද?

:       0       13

Ananda Thursday, 27 December 2018 07:12 AM

වැඩ කරන්න? ඇමතිකම් නැතුව වැඩකරන්න බැරිද?

:       0       16

Bamunuarachchi Thursday, 27 December 2018 07:18 AM

ජනතාවට තීරණ ගන්න ඉඩ ලැබුනානම් මෙලහකටත් ඔබතුමා ගෙදර නේද?

:       30       9

chamath Thursday, 27 December 2018 08:05 AM

මෙතුමා තමයි වොඩ්කා වතුර කලේ හිනා යනවා මහත්තයෝ.

:       1       9

tommy Thursday, 27 December 2018 12:03 PM

වොඩ්කා වතුර කිරීමට තරම් දක්ෂකමක් ඇති මොහුට ඇමතිකමක් නොදීම ජාතික අපරාධයක්....

:       0       0

Saththaya Thursday, 27 December 2018 04:44 PM

ඔය ආත්මයක් නැති කතාවක්..., අවංක නම් පෙරලා පට්ටම් ඉල්ලන්නේ නැහැ. මුදලට කෑදර නැතිනම්, බලයටත් කෑදර නැහැ. ඒ නිසා මේවායින් "අවංක " පට්ටම ගැලවිලා යනවා. මන් හිතන්නේ දැන් ගැලවිලා ගියා. ඔප්පු වුණා.

:       0       0

Bamunuarachchi Thursday, 27 December 2018 05:30 PM

මම දේශපාලකයන්ට තුමා කියා කතා කරන්නේ නැත..

:       0       0

chandima Thursday, 27 December 2018 05:47 PM

ඇත්ත. මන්ත්‍රී වැටුප ගෙවන්නේ පාර්ලිමේන්තු ගිහින් එනවට විතරයි. ජනතාවට වැඩ කරන්න තමයි ඇමති වැටුප ගෙවන්නේ.

:       0       0

Bamunuarachchi Friday, 28 December 2018 12:51 AM

හලෝ ඔහේගේ සද්දෙට බයේ ඇමතිකම් දෙනවා නම් ජනාධිපති නිවටයෙක්. ඔබ ඔය මන්ත්‍රීකමින් පන්නාදැමුවොත් ඔබත් නිකම්ම නිකන් නිකමෙක්. රටේ වැදගත් වෘත්තියක් කරන විජේදාස රාජපක්ෂ වගේ වැදගත් මහත්වරුන්ගේත් ඇමතිකම් නැතිවුනා. ඔවුන් ඔහොම තර්ජන කලේ නැහැනේ. ඔය කෝටි 50 දීලා එක එක පක්ෂවලට අඬ ගැසුවා කියන බයිලාව ඔහෙලව විශ්වාස කරන ගොබ්බ්යින්ටම කියන්න. අපිට සත 50 වටින්නේ නැත...

:       19       88

Bamunuarachchi Friday, 28 December 2018 01:00 AM

පුත්තලමේ මිනිසුන්ට වැඩකරන්න අවුරුදු 4ම බැරිවුණා නම් මේ අවුරුද්දේද වැඩ කොරන්න යන්නේ. ඔය කියන විදිහට ඡන්දෙ දීපු මිනිසුන්ට වැඩකරන්න 225 දෙනාම ඇමතියෝ වෙන්න ඕනේ. ඔහේ වොඩ්කා වතුර කලාට වතුර වොඩ්කා කරන්න බැරි බව අපි දන්නවා. ඔහේගේ ඇමතිකම නැතිකාලේ නායකයින් 2 ගේම කැමැත්තෙන්. දැන් ඔබ මොන බම්බුවක් කරන්නද?

:       18       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අදත් වැස්සේ අඩුවක් නෑ
2025 ජනවාරි මස 20 4 0

උතුරු,උතුරු මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලට පවතින වැසි තත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැස්ස නිසා උතුරු මැද පාසල් අද නෑ
2025 ජනවාරි මස 20 9 0

අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික් දෙකේ රජයේ සියලුම පාසල් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද (20) නිවාඩු දිනයක් ලෙස උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යංශය


“ ඔබට ගෙයක් රටට හෙටක්’’ව්‍යාපෘතියෙන් කෝටි ගණනක් ගහලා
2025 ජනවාරි මස 20 78 0

නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 842 කට අසන්න භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඒකක 14022ක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණද 2023 දෙසැම්බර් මා


ට්‍රම්ප්ගේ දිවුරුම් දීම අද
2025 ජනවාරි මස 20 415 0

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම් දෙයි. සාමාන්‍යයෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩ


දුම්රිය ආසන තත්පර 30න් අවසන්
2025 ජනවාරි මස 19 2301 0

උඩරට මාර්ගයේ දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමේදී ඊයේ (18) දිනට සියලුම ආසන තප්පර 30 ක් ගතවීමට පෙර අවසන් වූ බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.


මිනිරන් ආශ්‍රිත බැටරි නිෂ්පාදනය වාණිජකරණය කිරීමේ තීරණයක්
2025 ජනවාරි මස 19 11 0

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික මූලික අධ්‍යයන ආයතනය සොයාගත් දේශීය මිනිරන් බැටරි නිෂ්පාදනයට උචිත ලෙස ඉතාම පිරිසිදු තත්වයට පත්කිරීමේ නැ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 374 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 602 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 329 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site