(රෝවන් පෙරේරා)
ආණ්ඩුව පිහිටවලා ඇමති මණ්ඩලය පත්කළත් තමන්ට කැබිනට් ඇමතිකමක් නොලැබුණු බවත් නියෝජ්‍ය,රාජ්‍ය,කැබිනට් නොවන ඒවාගේ වාඩි වෙන්න බැරි බවත් වැඩ කරන්න කැබිනට් ඇමතිකමක් අවශ්‍ය බවත් මාසයක් තුළ ප්‍රශ්නය නොවිසඳුනහොත් තීරණයක් ගැනීමට සිදුවන බව පාලිත රංගේ බංඩාර මන්ත්‍රීවරයා පැවැසීය.
මන්ත්‍රීවරයා මේ අදහස් පල කළේ ආණමඩුව නාගවිල සේරුකැලේ ප්‍රදේශයේ ජනතාවට ගම් පෙරලිය යටතේ භාන්ඩ ලබාදීමේ උත්සවයකට සහභාගී වෙමින් පැවති ජන හමුවකදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.
‘‘හැමදාම මේවා කතා කර කර ඉන්න බැහැ මමත් බලනවා වැඩිකල් නොගොස් මේ ක්‍රියාදාමයන් වල අවසානය මොකක්ද කියලා.ඇති වෙත්ත පහුගිය දේශපාලන වාතාවරනය වෙලාවේ මම ජපානයේ ඉඳලා ලංකාවට ආවහම මට කතාකලා ඔබටත් තෑගිබෝග දෙන්නම් එන්න කියලා.
එක පැත්තකින් කැබිනට් ඇමතිකම දෙන්න කියලා රටේ ප්‍රධානියා කතා කරනවා. හිටපු අමාත්‍යවරුවරු කතා කරනවා කැබිනට් ඇමැති ධුරය දෙන්නම් අනිත් පැත්තෙන් රුපියල් කෝටි 50ක් දෙන්නම් කියලා කතාකරනවා රුපියල් කෝටි 50 කොහොමද ගණන් කරන්න කියල අහනකොට කියනවා ඇමරිකන් ඩොලර්වලින් රුපියල් මිලියන 2.8 ක් දෙන්නම්.සල්ලි ගෙදරට ගෙනත් දෙන්නම් එන්න අපිත් එක්ක කැබිනට් ඇමති කමක් ගන්න එකතු වෙනන් කියලා.
මුළු රටම කිව්වා රංගේ බණ්ඩාර ඇමති රංගේ බණ්ඩා බණ්ඩාර නොමැතිව ආණ්ඩුවක් නැත රංගේ බණ්ඩාර නැත්තං යූ එන්පියක් නැත. රංගේ බණ්ඩාර තමයි හැරවුම් ලක්ෂය කියලා.
රංගේ බණ්ඩාර තමයි කෙලින් මිනිහා රංග බණ්ඩාර තමයි හෙළි කළේ කියලා තව ඇමැතිවරුන් මන්ත්‍රීවලට ඕනතරම් කතා කරයි කියලා කියනවා. නමුත් එක්කෙනෙකුටවත් කොන්ද කෙලින් තිබුණේ නැහැ හෙළිකරන්න. රංගේ බණ්ඩාර මේක හෙළිකළා රංග බණ්ඩාර එඩිතර මිනිහා නිර්භීත මිනිහා අවංක මිනිහා කියලා රටේ හැම තැනම යන තැනක කියනවා.
මං මේ ඊයේ ගිහිල්ලා අද යන හැම තැනකම දකින දකින මිනිස්සු අත ඉඹිනවා ඔබතුමා තමයි මේක බේරගත්තේ කියලා. දැන් අපි ආණ්ඩුවක් පිහිටවූවා ආණ්ඩුව පිහිටවන කොට මේ සේරම කරලා තිබෙන්නෙ කෙලින් ඉඳලා තියෙන්නේ රටේ ජනතාවට ගෞරවය ඇති කරලා තියෙන්නේ රංග බණ්ඩාර
හැබැයි ආණ්ඩුව පිහිටුවලා ඇමති මණ්ඩලයේ පිහිටවලාත් අවසානයට බොහොම චුට්ටයි කරන්න තියෙන්නේ දැන් හැරවුම් ලක්ෂය එලියෙ හැරවුණු කට්ටිය ඇතුළේ හැරවුම් ලක්ෂ තාම එලියෙ දැන් මට මිනිස්සු කියනවා.
අර කෝටි පනහත් අරගෙන ඇමතිකමකුත් අරගෙන ඇයි එස් බීට එකතු වුණේ නැත්තෙ කියලා එහෙම කරන්න තිබුණා නේද ඇයි එහෙම නොකලේ කියලා දැන් ඒවගේ ජංජාලයකට රංගේ බණ්ඩාරට මුහුණ දෙන්න වෙලා තිබෙනවා.
මේ අවුරුද්දත් අසන් වේගන යනවා 2019 වන කොට මේ ප්‍රශ්නය විසදෙන්නේ නැත්නම් හැරවුම් ලක්ෂය හරවන්න වෙනවා.නැතුව මේක කරන්න බැරුව යනවා.හැමදාම බේරලා දීලා පැත්තකට වෙලා ඉඳලා හරියන්නෙත් නැහැ.
පුත්තලම මගෙ මිනිස්සුන්ට වැඩ කරන්න තියෙනවා.අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවාහන වාරි ක්ෂේත්‍රයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ බරපතල ප්‍රශ්න වෘත්තීය ක්ෂේත්‍රයේ බරපතල ප්‍රශ්න අපේ මිනිස්සුන්ගෙ ආර්ථිකයෙ බරපතල ප්‍රශ්න මෙහෙම බලනකොට හැම තැනකම ප්‍රශ්න.
එහෙනම් නැවතත් මම රාජ්‍ය ඇමති වෙලා හරියන්නෙ නැහැ.නියෝජ්‍ය,රාජ්‍ය,කැබිනට් නොවන ඒවාගේ වාඩි වෙන්න බැහැ දැන් අපිට දිස්ත්‍රික්කය ගොඩ නගන්න වාඩි වෙන්න ඕනා කැබිනට් ඇමති ධූරයේ මේ තත්වය කඩිනමින් ලැබිය යුතුයි. එ
හෙම නැතුව හැරවුම් ලක්ෂය එලියෙ තියලා අනිත් අය හරවලා හරියන්නෙ නැහැ.මේ මාසය තුල ප්‍රශ්නය විසඳුනේ නැති නම් හැරවුම් ලක්ෂය පිළිබඳ තීරණ ගන්න වෙනවා කියන එක සිහිපත් කරන්න ඕනා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු ඉන්දියානු චිත්‍රපටියක් වගේ. හරිම හිරිකිතයි ලංකාවේ දේශපාලනේ. පිටරට ගිහින් ජීවත් වෙනවා හැරෙන්න දැන් කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ
ඇමතිකම නොදුන්නේ කවුද, ඔහුට පහර ගහන්න.
අනිවාර්යයෙන් මෙතුමාට ඇමතිකමක් ලැබෙන්න ඕන. අනික ජනාධිපතිවරණයේදි සහ මහ ඡන්දයෙදි දිනපු දිස්ත්‍රික්කයක්. හැබැයි කැබිනට් ඇමතිකමක් එම දිස්ත්‍රික්කයට නෑ. හරිනන් හැම දිස්ත්‍රික්කයකටම එක ගානේ දෙන්න ඔන හැම පලාතම නියෝජනය වෙන්න. අනික කුරුණෑගල, ගාල්ල සහ මාතර වගේ ඉහලින්ම පැරදුණ දිස්ත්‍රික්කයන්ට රනිල් ඇමති කම් දෙක දෙක වගේ දීලා තියෙනවා. ඡන්ද දිනන්න බැරි සහ ජන ප්‍රසදය අඩු හරි අඩුමගානේ එයාගේ ඉස්කෝලේට හරි ගිහින් තියෙනවානම් තමයි ඇමතිකම් දෙන්නේ.
කෙනෙකුට මහජනයාට වැඩ කරන්නට ඇමතිකමක් තියෙන්නටම ඕනෙද? ඡන්දෙ දෙන අය මේ අයව සනසන්නට බදු මුදල් ගෙවනවා.
මෙන්න මේක තමයි ඔය සකල විධ 225 දෙනාගේම මානසිකත්වය. ඇමතිකමක්, නියෝජ්‍ය, රාජ්‍ය, කැබිනට් නොවන ඔය මොකක් හරි කමක් නෑ. හැබැයි, එක අතකට මෙයාගේ කතාවේ කිසියම් ඇත්තකුත් තියෙනවා. අර කුට්ටිය අරගෙන කරණමක් ගහන්න හොඳටම ඉඩ තිබුනනේ. ඒ වුනත් එහෙම නොකිරීමම කැබිනට ඇමතිකමකට සුදුසු කමක් වෙනවද? එක අතකට ලංකාවේ ඇමතිලට තියෙන එකම සුදුසුකම නම් ලොක්කට පන්දම් ඇල්ලීම විතරයි. මෙයා රෝයල් කල්ලියේ නොවීමේ විපාකය තමයි මේ.
ඔව් ඔව් ඒක ඉතාමත්ම නිවැරදියි . තමන් උපන් රටට සේවය කරන්න තනතුරු නම් ඕනෙම තමා නැතුව කිසිම වැඩක් කරන්න බැහැනේ . වොඩ්ක බෝතලේ තියෙන උණු කරලා නිවාගත්ත තැබිලි වතුර ටික බීල වෙන්න ඇති මේ අඩන්නේ. අනේද කියන්නේ .... නොදකින් මෙහෙමත් මහජන නියෝජිතයන් මහජනතාවට සේවය කරන්නේ තනතුරු ඕනේ....
ගස් උඩ ඉන්න හැලි වදුරන්ද ගෙඩිය ඇති අත්තට පැනීම වදුරැ ලක්ෂණයකි. ඔවුන්ට සමාන දේශපාලන හැලිවදුරන්ද සිටිති. එඩිතරකම, නිර්භිතකම සහ අවංක බව කියා පලය බුක්ති විඳින්නට යති. ගහෙන් ගහට පනින වදුරන්ට කොන්දක් කෙලින් තබා ගත නොහැකිය. බඩ ගොස්තරය නිවාගැනීමට පොරබදන එවුන්ට අවංකමක්ද තිබිය නොහැකිය. ජනතා නියෝජිතයන් මෙවැනි තත්ත්වයකට පත් නොකරන පාලන ක්‍රමයකට අප ඉක්මනින්ම යායුතුව ඇත.
අවාසනාවකට අපේ මව් බිමේ තියෙන්නේ අසූචි දෙසපලනයක්. මේ බණ්ඩාගේ පුතා බීල ගිහින් වහනය හසුරුවා ගන්න බැරුව ගෙයක් ඇතුලට වහනය දැක්කුවම වොඩ්කා බෝතලයේ තිබ්බේ ඇල්වතුර කිව්වේ මේ බණ්ඩාර රාලේම තමා....
වැඩ කරන්න නොවේ හම්බ කරගන්න.
ලක්ෂ ගණනක් අරගෙන හැරුනෙ නැති නිසා හැරවුම් ලක්ෂය ට දුකයි වගේ
මේ මොන විකාරයක්ද. ඇමතිකම් කියන්නේ එක එක්කෙනාට ඕනවට දෙන වරදාන නෙවෙයි. රටකට දේශපාලන විද්‍යාවට අනුව අවශ්‍ය ඇමතිකම් ස්ථිර ප්‍රමාණයක් නම්කර තිබිය යුතුයි. ආණ්ඩුවක් පිහිටවූ පසු සුදුසු මන්ත්‍රීන් තෝරා එම ඇමතිකම් බාරදිය යුතුයි. නැතුව ඇමතිකම් කියන්නේ තමන්ට අවශ්‍ය ආණ්ඩුවක් හදාගන්න පිරිස හොයාගන්න දෙන පගාවක් නොවිය යුතුයි.
ඔය අන්දෝනා වලින් ඔබ පෙන්වූ තාවකාලික වීර කම බලා ඉන්දැද්දී හේදිලා යනවා. ඔබ දැන් ජනතාවට කියන්නේ ඔබ නැති පාර්ලිමේන්තුව පරිප්පු නැති හෝටලයක් වගෙයි කියලද? ඔබ පරිප්පු ඉල්ලගෙන කෑවට ජනතාව තවදුරටත් ඔයාල කන පරිප්පු කන්න සුදානම් නැහැ. රටට වැඩකරන්න ඇමති කමක් නැතුව බැහැයි කියන්න තරම් මෝඩ වූ පුද්ගලයෙකුට ඇත්තෙන්ම මන්ත්‍රී කමක් වත් සුදුසු නැහැ. අන්න ඒක හිතේ තියාගන්න.
මොකක්ද කරන්ට හිතාගෙන ඉන්නේ. මමනම් හිතන්නේ ඔය ඉන්න විදියටම ඉන්ට තීරණය කරයි එහෙම නැතිනම් වෙන යන්ට තැනකුත් නැහැනේ. දෙමල සන්ධානෙට හේත්තු වෙන්ට තමයි වෙන්නේ.
මේ "කැබිනට් ඇමති" කියන කෑල්ල ඇයින් කරලා ඔක්කෝටම පොදුවේ 'ගරු අමාත්‍ය' කියල දුන්නා නම් මේ ප්‍රශ්ණය විසඳා ගන්න පුලුවන් වේවි කියලා මම හිතනවා. මෙය හීන මානය පිලිබඳ ප්‍රශ්ණයක්...
මෙයා නැතිනම් එජාපෙ නැහැලු. මම රනිල්නම් දැන් මෙයාව දොට්ට දානවා.
මොනවා කියලා කරන්නද? කොහේ කියලා යන්නද? අපිනම් ඕක ඔහොම වෙන බව දැනගෙන හිටියා .අනික එදා කතා කලේ තණතුරු වැඩක් නැහැ කියලනේ. දැන් මොකටද එහෙනම්. රංගේ යන්නැද්ද ?
රංගේ නියමයි.
සල්ලි එපා කිව්වට මාධ්‍ය ඉස්සරහ, සල්ලි වලට බලයට කෑදරයි නේද.?
දැන් ඔය ඇමතිකම තියෙද්දී කරපු වැඩ මොනවද කියන්න බලන්න.
මොකක්ද ඔබතුමා ගන්න තීරණය? රටේ ජනතා පරමාධිපත්‍යය ප්‍රජාතන්ත්‍රවාදය සල්ලිවලට යට කරලා දාන්න හදපු ඒකාධිපතින්ට එකතු වෙන එකද කරන්න හදන්නේ?
එස් බී කීවදේ හරි නේද?
ඒක ඉතින් හැමදාම ලංකාවේ වෙච්ච දේ නේ. කෙලින් කතා කරන එකා අමාරුවේ. ඇමතිකම දීලා කැබිනෙට් එකේ තියන කුණුකන්දල් එලියට දැම්මොත් ? කොමිස් කාක්කන් කුඩුවෙන් එලියට එනවානේද? කෙලින්ම කොමිස් ඉල්ලපු නෑ පරපුර මාට්ටු වෙනවානේද? අනික අල්ලස් දීමට තැත් කිරීම? බෙල්ලට තොන්ඩුව ? ආඳා වගේ ලිස්සන්න බැරිවෙනවා නේද?
මේ ඔක්කොම කලේ කැබිනට් ඇමත්කමක් බලාපොරොත්තුවෙන්ද?
හාමුලට සුවච සේවකයෝ ඉන්නකන් හොඳයි. පොඩි මිනිහගේ දාඩිය සුවඳ දන්නා , දේශීයත්වයමත ගොඩ නැගුන සජිත්, නවීන්, දයා වගේ යු.අන්.පී. නායකයන්ට උඩට එන්න දෙන්නේ නැතිව, හැමදාම විදේශීය ප්‍රතිපත්ති විස්වාස කරන කණ්ඩායමක නායකයන්ගේ පදයට නටනවා. හැබැයි ඒ නැටිල්ලට වේදිකා හදන්නේ, පාවඩ එලන්නේ මේ පොඩි මිනිස්සු. ගහන්න ගහන්න වඳින එකත් මෝඩයා, වඳින්න වඳින්න ගහන එකත් මෝඩය. ප්‍රශ්නේ තියෙන්නේ මේ එක කොට්ටශයකටවත් ඕක තේරුම් ගන්න මොලයක් නැති එකයි.
ඩබල් ගේම්කාරයන් කියන්නේ මේ අයට, මේකටද මිනිස්සු චන්දයකදී ඔයාලව පත්කොරන්නේ?
ඔබ වගේ දෙපිට කාට්ටු අයට ඇමති කම් ලැබෙන්නේ නැහැ. උතුරේ මන්ත්‍රී වරුන් ද්විත්ව පුරවැසිකම් තියාගන තවම පාර්ලිමේන්තුවේ ඉන්නවා . ද්විත්ව පුරවැසිකම් ඇති හතුරන් විතරක් නීති දාලා පාර්ලිමේන්තුවෙන් එලවනවා. අද පවතින ක්‍රමය මේකයි.
ඕවා සෝබන කතා.
ඔබ තුමා කවුද කියන්න මුළු රටම දන්නවා ඒ නිසා බොරු කතා කියන්න එපා
පුත්තලම් දිස්තිරික්කයේ ගොඩක් ප්‍රශ්න තියෙනවා කියලා දැන්ද දැනෙන්නේ ඔබතුමාට. එතකොට පහුගිය අවුරුදු 4 ඒ ප්‍රශ්න විසදන්න බැරි උනාද?
වැඩ කරන්න? ඇමතිකම් නැතුව වැඩකරන්න බැරිද?
ජනතාවට තීරණ ගන්න ඉඩ ලැබුනානම් මෙලහකටත් ඔබතුමා ගෙදර නේද?
මෙතුමා තමයි වොඩ්කා වතුර කලේ හිනා යනවා මහත්තයෝ.
වොඩ්කා වතුර කිරීමට තරම් දක්ෂකමක් ඇති මොහුට ඇමතිකමක් නොදීම ජාතික අපරාධයක්....
ඔය ආත්මයක් නැති කතාවක්..., අවංක නම් පෙරලා පට්ටම් ඉල්ලන්නේ නැහැ. මුදලට කෑදර නැතිනම්, බලයටත් කෑදර නැහැ. ඒ නිසා මේවායින් "අවංක " පට්ටම ගැලවිලා යනවා. මන් හිතන්නේ දැන් ගැලවිලා ගියා. ඔප්පු වුණා.
මම දේශපාලකයන්ට තුමා කියා කතා කරන්නේ නැත..
ඇත්ත. මන්ත්‍රී වැටුප ගෙවන්නේ පාර්ලිමේන්තු ගිහින් එනවට විතරයි. ජනතාවට වැඩ කරන්න තමයි ඇමති වැටුප ගෙවන්නේ.
හලෝ ඔහේගේ සද්දෙට බයේ ඇමතිකම් දෙනවා නම් ජනාධිපති නිවටයෙක්. ඔබ ඔය මන්ත්‍රීකමින් පන්නාදැමුවොත් ඔබත් නිකම්ම නිකන් නිකමෙක්. රටේ වැදගත් වෘත්තියක් කරන විජේදාස රාජපක්ෂ වගේ වැදගත් මහත්වරුන්ගේත් ඇමතිකම් නැතිවුනා. ඔවුන් ඔහොම තර්ජන කලේ නැහැනේ. ඔය කෝටි 50 දීලා එක එක පක්ෂවලට අඬ ගැසුවා කියන බයිලාව ඔහෙලව විශ්වාස කරන ගොබ්බ්යින්ටම කියන්න. අපිට සත 50 වටින්නේ නැත...
පුත්තලමේ මිනිසුන්ට වැඩකරන්න අවුරුදු 4ම බැරිවුණා නම් මේ අවුරුද්දේද වැඩ කොරන්න යන්නේ. ඔය කියන විදිහට ඡන්දෙ දීපු මිනිසුන්ට වැඩකරන්න 225 දෙනාම ඇමතියෝ වෙන්න ඕනේ. ඔහේ වොඩ්කා වතුර කලාට වතුර වොඩ්කා කරන්න බැරි බව අපි දන්නවා. ඔහේගේ ඇමතිකම නැතිකාලේ නායකයින් 2 ගේම කැමැත්තෙන්. දැන් ඔබ මොන බම්බුවක් කරන්නද?