IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට නව සාමාජිකයෝ පත්කරති


 
 
(නිමල කොඩිතුවක්කු)

 
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කර තිබේ. 

ඒ අනුව එම කොමිෂන් සභාවේ  සභාපතිවරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන එස්. රනුග්ගේ මහතාත්  එහි ලේකම්වරයා ලෙස  හිටපු අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික‍්‍රම මහතාත් පත්කර ඇත.

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් වන සී. පී සිරිවර්ධන, ආචාර්ය දමිතා ද සොයිසා , ලලිත් කන්නංගර, ජානක සුගතදාස, චිත‍්‍රාංගනී වාගීෂ්වර, චන්ද්‍රානි සේනාරත්න, කිංස්ලි ප‍්‍රනාන්දු, ජී. එස් එදිරිසංහ, එම්. සී වික‍්‍රමසේකර, වෛද්‍ය පාලිත අබේකොන්, ඩී අබේසූරිය, ලෙස්ලි දේවේන්ද්‍ර යන මහත්ම මහත්මීන් පත්කර තිබේ.

නව සාමාජිකයන් වෙත පත්වීම් ප‍්‍රදානය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුකෙරිණි.
එම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද එක්විය. 



අදහස් (2)

වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට නව සාමාජිකයෝ පත්කරති

Sriyal Saturday, 30 March 2019 01:06 AM

සේවකයන්ගේ කාර්‍යක්ෂමතාව බලන්නේ නැද්ද? පත්කළ නිලධාරීන්ගේ සුදුසුකම් පලකරන්න. එය යහපත් දෙයක්.

:       1       2

Amila sampath Sunday, 31 March 2019 02:57 AM

මීට පෙරත් වැටුප් කොමිසමක් පත් කළා නේද? කෝ ඒකෙ ප්‍රතිඵල? අලුතින් සාමාජිකයන් පත්කර කර ඒ අයට පඩි නඩි ගෙව ගෙව රටේ මුදල් නාස්ති කරන එක නේද මේ කරන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site