ඡායාරූපය - ශාන්ත රත්නායක

 

(දසුන් රාජපක්ෂ)

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ විභාග වෙමින් පවතින පැමිණිල්ලකට අදාළව වග උත්තරකාරියක ලෙස නම් කර සිටින  එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද  (17) එම කොමිසම හමුවේ පෙනී සිටියා ය.

මෙලෙස ඇය කොමිසම හමුවේ පෙනී සිටියේ චුන්නාකම් පොලිසියේ සේවය කළ ඥාන ලිංගම් මයුරන් නැමැත්තෙකු කර ඇති පැමිණිල්ලකට අදාළව ය.

තමා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමට විජයකලා මහේෂ්වරන් මහත්මිය මැදිහත්වීම මගින් තමාගෙන් දේශපාලනිකව පළිගෙන ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පොලිස් කොස්තාපල් ඥාන ලිංගම් මයුරන්, බන්ධනාගාර නිලධාරීහු අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූහ.

ඥානලිංගම් මයුරන් මහතා පැය 5 කට ආසන්න කාලයක් කොමිසමේ සාමාජිකයන් සහ නීතිඥවරුන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සිය සාක්ෂිය ලබා දුන්නේය.