“ලිච්ඡවී රජදරුවන්ගේ උපදෙස් අනුවයි වැඩ කරන්නේ කියලා ආණ්ඩුවේ ලොකු මහත්මයෙක් ප්‍රකාශ කරල තිබුණා. ලිච්ඡවී රජදරුවන් ජීවත්වෙලා හිටියා නම් ඒ කතාවට සිය දිවි නිසා ගන්නවා” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හඟුරන්කෙතදී ප්‍රකාශ කළේය.
ලිච්ඡවී රාජ්‍ය පාලනයක් තිබෙනවා නම් අපට ඉතාම හොඳ බව කී ජනාධිපතිවරයා ලෝකයේ කිසිම රටක ලිච්ඡවී රජ දරුවන්ගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරන රාජ්‍ය පාලනයක් නැති බවද කීවේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හඟුරන්කෙත මාදන්වල රජමහා විහාරයේ අභිනව චෛත්‍යයේ ධාතු නිධන් කිරීමේ පුණ්‍ය මහෝත්සවයට ඊයේ සහභාගි වෙමිනි.
ජනාධිපතිවරයා මෙසේද කීවේය.
"මිහින්තලේ පැත්තට ගිය ආණ්ඩුවේ ලොකු මහත්මයෙක් ප්‍රකාශයක් කරලා තිබුණා ඒ කියපු අය වැඩ කරන්නේ ලිච්ඡවී රජ දරුවන්ගේ උපදෙස් අනුවයි කියලා.
ලිච්ඡවී රජදරුවන් ජීවත්වෙලා හිටියා නම් ඒ කතාවට සිය දිවි නසා ගන්නවා. ලිච්ඡවී රාජ්‍ය ප්‍රතිපත්තිය කුමක්ද කියලා කියනවා නම් මම හිතන්නේ ඒ ගැන ඔබ වහන්සේලා ඇතුළු මේ පින්වත් මවුපියන් උගත් දරුවන් දන්නවා ලිච්ඡවී රාජ්‍ය පාලනය සහ අද රාජ්‍ය පාලනය අතරේ තිබෙන වෙනස කොච්චර ද කියන එක. ඒ නිසා ලිච්ඡවී රාජ්‍ය පාලනයක් තිබෙනවා නම් අපිට ඉතාම හොඳයි. නමුත් අද ලිච්ඡවී රජ දරුවන්ගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරන රාජ්‍ය පාලනයක් ලෝකේ කොහේවත් නැහැ. එහෙම රාජ්‍ය පාලන ප්‍රතිපත්තියක් ක්‍රමයක් අපිටත් තියෙනවා නම් ඒක මේ රටේ විශාල වාසනාවක්. ඒ නිසා අද රටේ තිබෙන බොහෝ ප්‍රශ්නවලදී සැමවිටම කටයුතු කරන්නට ඕනෑ. රාජ්‍ය ප්‍රතිපත්තිය සකස් විය යුත්තේ ප්‍රධාන වශයෙන්ම බෞද්ධ දර්ශනය පදනම් කරගත් රාජ්‍ය ප්‍රතිපත්තියක් කියලයි මම විශ්වාස කරන්නේ" යැයිද ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හරියි කියන ප්‍රතිපත්තිය හදන්නකෝ..
ලිච්ජවී රජදරුවන් අවශ්‍ය නෑ...... ගරු සොලමන් ඩයස් බණ්ඩාරණායක ශ්‍රී මතානන් ගරු සිරිමාවෝ බන්ඩාරණායක මැතිණිය යලි කිසිදිනක මේ දිවයිනේ ඉපදීම ප්‍රාර්තනා නොකරනු ඇත. ඒ ඔවුන් ඉතා මහන්සියෙන් තම පුද්ගලීක දේපල පවා උගසට තබා බිහිකල මේ මවුබිමට අසීමීත සම්පත් දායාද කල පක්ෂයට අවසන් සභාපති හා හිටපු සභාපති කල අපරාධක තරමට මොවුන් දෙදනාම ශ්‍රි:ල:නීප යෙන් බලයට පැමිණ පක්ෂය තම වාසියතකා විනාශකලා.
එහම්මම කියන්න එපා අපට ලෙච්චමී රජ දරුවන් රාජ්‍ය කරන රටක් තිබෙනවා නේද?
ලිච්ඡවී රජදරුවන් මොකටද ඔබතුමා වගේ අය ඉන්න කොට?
මේ උන්නැහේ.. අමතක කරන්න එපා ඔයාව 2015 මිනිස්සු ඔය පුටුවේ වාඩි කලේ ලිච්ඡවි ප්‍රතිපත්තිය වගේ වැදගත් දෙයක් ක්‍රියාත්මක කර ගන්න පුළුවන් වෙයි කියලා හිතලා නෙමෙයි වුණත් අඩු ගානේ රටට මොකක් හරි හොඳක් වෙයි කියලා හිතලා. ඔයා කියන ලොකු උන්නැහේව පත් කළෙත් ඔහෙත් එක්ක එකතු වෙලා රටට හොඳක් කරන්න. දැන් මෙතන දෙන්නා දෙපැත්තට කඹ අැද ගත්තට ආයි නං මේ සම්මජාතියට එන්න හිතන්න එපා. දෙන්නටම අබ සරණයි.
හහ්...! එ්කද සිරා දිවි නසාගන්න හදන්නේ?
අනුන්ගේ කුණු හොදන්න කලින් තමන්ගේ කුණු හෝදා ගත්තා නම් හොඳයි නේද ජනාධිපතිතුමා...?
ඔබතුමා රාජ්‍ය නායකයෙක් නේද ? ඔබතුමාට ලජ්ජා නැද්ද අනෙක් අයගේ අඩුපාඩු හොයන්නේ. ඔබතුමාගේ අනේක වැරදි හා අඩුපාඩු හදා ගත්ත නම් හරි වටිනවා නේද?
කවුද මේ ආණ්ඩුවේ ලොකු මහත්මයා කියල දැනගන්න කැමතියි .
කරන වැඩවලට නම් මෙරට සියලු දෙනාටම ඉතිරි වෙන්නේ දිවි නහගන්න එක තමයි.
අපේ එකෙක් රජවෙලා කියලා මානසික රෝහලේ පිස්සෝ සතුටුවෙනවා. අනේ අම්මපා මෙහෙමත් ජෝක්
එජාප කාරයින්ගේ කතාව ලිච්ඡවි... වැඩ ලෙච්චමී...
සිරිසේන මහත්තයට අමතකවෙලා එයා මේ රටේ ජනාධිපති කියලා හරිනම් ඔය කතාව කියන්න ඕනෙ අපි..
මෙයාට මුල අමතක වුන වේගය.. අඩු තරමේ මතකද ඔක්තෝබර් විප්ලවයෙදි ඔබට සූත්‍ර පිටකයෙන් දීපු උත්තරය , ආක්‍රෝෂ පරිබ්‍රාජ බමුණ ගැන ?
මේ මිනිහට මෙහි තේරුමවත් නොදන්නා නිසා පාඨකයෙනි අනුකම්පා කරන්න. නිදසුනක් වශයෙන් කියනවනේ මහත්මා ගාන්ධිගේ අවිහිංසාව අනුව කටයුතු කරන්න ඕනේ කියලා. ඇත්තටම මේකේ තේරුම ඒ විදියට ලඟින් කටයුතු කරමු කියන එක නේද? අගමැති තුමාගේත් අදහස වූනේ ලිච්ඡවි රජදරුවන්ගේ සාමකාමී පාලනයක් ලංකාවේ ගෙනියන්න ඕනේ කියන එකයි. එහි ඇත්ත තේරුම... මෙන්න මෙයා කියන කතාව. මේ මිනිහා හොඳ රටක් පාලනයකට නෙමෙයි. ඕපාදූප කියකියා ගම ගිනිතියන, රබන් ගහන ගැහැණු ඉන්න තුට්ටු දෙකේ සමාජයකටයි. මේකා තාත්තා එක්ක තරහ වෙලා වෙල්යාය ගිනි තිබ්බ එකයි. අම්ම එක්ක තරහ වෙලා මාළු හට්ටියම කාපු බලලා මෙයා තමයි.
"අල්ලස්ගත් සභාපතිට ජනාධිපති සමාව" මෙන්න මෙයාගේ උපදෙස් ආණ්ඩුව කරන්න.හොදයි නේද?
මොලේ කලඳක් නැහැ... රටේ අවාසනාව.
අපේ ලොකුමහත්මය හිතන් ඉන්නේ රට පාලනය කරන්නේ වෙන කෙනෙක් කියලා