
( තිළිණි ද සිල්වා )
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන ශ්‍රී ලාංකික පර්යේෂිකාවක් අධි තාක්ෂණියෙන් යුතු ත්‍රිත්ව ලෝහ වෙඩි නොවදින නව ඇඳුමක් නිර්මාණය කර ඇතැයි ඕස්ට්‍රේලියාවේ එස්.බී.එස් සිංහල ගුවන් විදුලි සේවය අද (18) වාර්තා කළේය.
මෙලෙස වෙඩි නොවදින ඇඳුමක් නිර්මාණය කර ඇත්තේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ සිය ආචාර්ය උපාධිය හදාරමින් සිටින ප්‍රභානි රණවීර නම් නැමැති ලාංකික තරුණියයි.ඇය වානේ , ඇලුමිනියම් හා ටය්ටේනියම් යන ලෝහ ත්‍රිත්වය යොදා ගනිමින් මෙම අධි තාක්ෂණික වෙඩි නොවදින ඇදුම නිර්මාණය කිරීම මෙහි විශේෂත්වය වේ.
සිඩ්නි විශ්ව විද්‍යාලයේ සිය පශ්චාත් උපාධි පර්යේෂණය වෙනුවෙන් මෙම ලාංකික තරුණිය මෙලෙස අධි තාක්ෂණික වෙඩි නොවදින ඇඳුම නිර්මාණය කළ බව එස්.බී.එස් පුවත්සේවය වාර්තා කර සිටී.
කොළඹ මියුසියස් විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය ලැබූ ඇය උසස් අධ්‍යාපන කටයුතු සදහා කොළඹ සයිටම් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව සිවිල් ඉංජිනේරු උපාධිය ලබා ගත්තාය.ඉන් අනතුරුව තායිලන්තයේ ඒජියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජී ආයතනයෙන් සිය දෙවැනි උපාධිය හිමිකර ගැනීමෙන් අනතුරුව ශිෂ්‍යත්වයක් ලබා 2018 වසරේදී සිය පශ්චාත් උපාධිය හැදැරීම සදහා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයට ඇතුලත් වූවාය.
සිය පශ්චාත් උපධි පර්යේෂණ නිර්මාණය ගැන ඕස්ට්‍රේලියාවේ එස්.බී.එස් සිංහල ගුවන් විදුලි සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය කියා සිටියේ දැනට ලෝකයේ පවතින්නේ වානේ වෙඩි නොවදින ඇඳුම් බවත් , මේ වානේ බර වැඩි වීම හේතුවෙන් මේ වනවිටත් ලොවපුරා වානේ සහ ඇලුමිනියම් යොදාගනිමින් වෙඩි නොවදින ඇඳුම් නිර්මාණය කිරීමට පර්යේෂණ ක්‍රියාත්මක වන බවය.
දැනට පවතින වානේ වෙඩි නොවදින ඇඳුම භාවිත කිරීමේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් නොවුන ද ඉන් ඇතිවන දැඩි තරංග කම්පන හේතුවෙන් සිරුරේ අභ්‍යන්තරයේ අවයව වලට හානි සිදුවිය හැකි බව ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියාය.
ඒ අනුව තමා නිර්මාණය කර ඇත්තේ තවදුරටත් මෙම වානේ ඇඳුම බර අඩු කරමින් වානේ, ඇලුමිනියම් සහ ටයිටේනියම් යොදාගනිමින් සැකසූ වෙඩි නොවදින ඇදුමක් යැයිද ප්‍රභානි රණවීර කියා සිටින්නීය.
එමගින් වෙඩි ප්‍රහාරය එල්ලවූ මොහොතේ එය පැළඳ සිටි පුද්ගලයාට හානියක් සිදු නොවුනද මද වෙලාවකින් ජීවිත හානි තත්වයන් ඇතිවිය හැකි බවද ඇය පෙන්වාදෙයි.
ඒ අනුව මෙම ත්‍රිත්ව ලෝහ වෙඩි නොවදින ඇඳුම තුළින් එම කම්පනය සියයට 80කින් පමණ අඩුකිරීමට සමත්වන බවත් , ත්‍රිත්ව ලෝහ භාවිත කර මෙම ඇඳුම මගින් පසුකම්පන තත්ත්වයන් මගහරවා ගැනීමට සමත්වන බවද ඇය කීවාය.
මෙම ශ්‍රී ලාංකික පර්යේෂිකාවගේ මෙම පශ්චාත් උපාධි පර්යේෂණය සදහා යන සියලුම වියදම් සිඩ්නි විශ්ව විද්‍යාලය විසින් සිදු කරන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
2025 දෙසැම්බර් මස 04
402
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
446
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක් දියණියගෙන් උණ්ඩයට එරෙහිව ඇඳුමක්
කුරුණෑගල සමිත හිමි Thursday, 18 November 2021 06:44 PM
ආඩම්බරයි මේ ලාංකික දියණිය ගැන. බුදුසරණයි!
gamage Thursday, 18 November 2021 07:47 PM
සයිටම් උපාධිය ගුණාත්මකභාවය ගැන ප්‍රශ්න කරපු අයට හොඳ උත්තරයක්
යෝගා Thursday, 18 November 2021 07:51 PM
උණුසුම් සුභ පැතුම්.
Nuwan Thursday, 18 November 2021 08:47 PM
ඔබට සුභ පැතුම් දුව
gagana Thursday, 18 November 2021 08:59 PM
සයිටම් සහ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධව බුරපු සහ බුරන එවුන් දැන් මොකද කියන්නේ?
DSR Ceylon Friday, 19 November 2021 12:49 AM
ආමොස්ට එය දරාගත හැක්කේ කුමක්ද? 9mm? 12 මි.මී. 38mm? 50mm? හොඳ වැඩක්.
parakrama Friday, 19 November 2021 05:19 AM
අපි හිතුවේ සයිටම් එකේ ඉගෙන ගත්තු අය සල්ලි වලට උපාධිය ගත්තා කියලනේ
sam Friday, 19 November 2021 08:36 AM
මේ ලක් දියණියත් එහෙම නවතිනවා. බොරු බලාපොරොත්තු තියාගන්න එපා හොඳේ. දුක්ඛ සත්‍යය එයයි.
kamal Friday, 19 November 2021 11:16 AM
අයියෝ මේ අර සයිටම් උපාධි කඩෙන් ගිය කෙනෙක්නෙ. මේ ගොල්ලගේ උපාධි අපේ උපාධි වගේ ලෝකේ ගණන් ගන්නේ නැහැ.