(දිල්රුක්ෂි ග්‍රේරු)
කොළඹ ආදුරුප්පුවීදිය ප‍්‍රදේශයෙන් කොළඹට මත් පෙති බෙදාහරින ගබඩාවක් අද (01) වටලා තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලිම සිදුකර ඇත.
රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා මත් පෙති හැට තුන්දහසක් පමණ තිබී ඇතැයි පොලිසිය කියයි.
එහි තිබී ලිංගික උත්තේජන පෙති සහ ගබ්සා පෙතිද සොයාගෙන ඇත.
එමෙන්ම පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමකට අදාල පිරිසක් මෙය මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
මෙම ස්ථානය කොළඹට මත්පෙති බෙදාහරින ප්‍රධාන ගබඩාව ලෙස ද හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පොඩි අයටම කුඩු, පෙති පොවලා එයින් ලැබෙන ආදායමෙන් ආයුධ අරගෙන අපිටම බෝම්බ දානවා. සරලයි !
මත් පෙති මත් කුඩු ... මේවයේත් අරමුණ ... ජාතියක් විනාශ කිරීමයි ..!!!
ආරක්ෂක අංශ තම රාජකාරිය හරියටම කරනවා. ඉන් පස්සෙ තමයි ප්‍රශ්නේ
වඳපෙති ගැන කියපු වෙලාවෙ කොහොමද මෙයාලා කතා කරේ..?