(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස අත්තිඩිය කහවිට ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා මත්කුඩු පැකට් 400 ක් සමග පුද්ගලයෙක් අද( 13) අලුයම අත්තිඩිය කහවිට මාවතේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස විශේෂ යතුරු පැදි ඒකකය කියයි.
බඩෝවිට සිට පිළියන්දල ප්‍රදේශයට යතුරු පැදියකින් මත්කුඩු ප්‍රවාහනය කරන බවට විශේෂ යතුරු පැදි ඒකකයේ ස්ථානාධිපති අසේල ප්‍රදීප් සෙනෙවිරත්න මහතාට ලද තොරතුරක් අනුව බඩෝවිට සිට බොරලැස්ගමුව දෙසට පැමිණෙමින් තිබූ යතුරු පැදිය කහවිට මාවතේ ක්ෂණික මාර්ග බාධකයේ දී නවතා පරීක්ෂා කිරීමේදී සැකකරු සන්තකයේ මත්කුඩු පැකට් තිබී හමු වූ පොලිසිය කියයි .
එම මත්කුඩු පැකට් කිරීම සදහා වයිෆයි සලකුණ මුද්‍රණය කර තිබෙන කුඩා කඩදාසි භාවිතා කර තිබූ බව පොලිසිය සදහන් කරයි . 23 හැවිරිදි සැකකරු ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්ක දුටු තැන..., පොලිසියට දැනුම් දෙමු .. අපි දැන් මේ වෙනකන් කුඩු ජාවාරම්කාරයින් 20ක් පමණ පොලිසියට අල්ලා දී ඇතිබව සන්තෝෂයෙන් දන්වමු..