IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලංකාවෙන් ගෙන ගිය පුස්කොළ පොත් යළි ගෙන්වන්න යයි


(මහේෂ් කීර්තිරත්න)

විවිධ අධිරාජ්‍යවාදි යුගවලදි බ්‍රිතාන්‍ය ඇතුලු විදෙස් රටවල්වලට රැගෙන ගොස් ඇති, මෙරට හෙළ වෙදකම සහ වෙනත් උරුමයන් පිළිබදව තොරතුරු ඇතුළත් පුස්කොල පොත් ගෙන්වා ගැනීමට කටයුතු සාකච්ඡා කරමින් පවතින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
 
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ග්‍රාමිය ආර්ථිකය නගා සිටුවිමේ ජාතික වැඩසටහනේ මාතලේ දිස්ත්‍රික්  සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්විමට සහභාගි වෙමිනි.
 
එම කමිටු රැස්වීම ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ හෝටල් පාසල් ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.
 
එහිදි ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම පුස්කොල පොත් රැසක් ලන්ඩන් නුවර කෞතුකාරාගවල ඇති බවත්  ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අපේ රටේ හෙළ වෙදකම ඇතුලු අතීතයේ මුතුන් මිත්තන්ගේ දේශීය ඥානය පිළිබදව ලියා ඇති පුස්කොල පොත් ඉතා වටිනා සම්පතක් බවත් ඒවා ආරක්ෂා කර මතු පරපුරට දායාද කිරිමට කටයුතු කළ යුතු බවය.
 
මෙහිදි අදහස් දැක්වු දේශිය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධය සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කියා සිටියේ මෙම පුස්කොල පොත් හෝ ඒවා පිටපත් කර මෙරටට ගෙන්වා ගැනීමට අදාළ කටයුතු මේ වන විටත් සාකච්ඡා කරමින් ඇති බවය.  බ්‍රිතාන්‍යයේ ඇති පුස්කොල පොත්වල එක් පිටුවක් ඡායාපිටපත් කිරීම සදහා බ්‍රිතාන්‍ය පවුම් 25ක් අය කරන බවත් කෙසේ හෝ මෙම පුස්කොල පොත් ගෙන්වා ගැනිමට හෝ ආදළ විස්තර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් මෙහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (4)

ලංකාවෙන් ගෙන ගිය පුස්කොළ පොත් යළි ගෙන්වන්න යයි

Ruwan Monday, 16 November 2020 05:19 AM

නිධන් ටිකට පාර දෙන්න හදන්නේ.

:       1       0

Indhika Monday, 16 November 2020 05:26 AM

ගෙනල්ලා චීනාට දෙමු.

:       1       0

eresh S kumara Monday, 16 November 2020 11:35 AM

මේවා විතරක් නෙමේ. තව ගොඩක් දේවල් තියනව ගෙන්න ගන්න...

:       0       1

realman Monday, 16 November 2020 12:56 PM

ඒවගේ නිධන් ගැන සඳහන් වෙලා තියෙනවාද දන්නේ නෑ නේ....

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 883 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site