( නිමන්ති රණසිංහ)
දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ දරුවකු දැඩි අසනීප තත්ත්වයකින් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් ඔහු බැලීම සඳහා නාලක ද සිල්වා මහතා රෝහල වෙත රැගෙන යන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා බන්ධනාගාර අධිකාරීවරයාට අද (19) නියෝග කළේය.
නාලක ද සිල්වා මහතාගේ දෙවැනි දරුවා ‘ඩෙංගු‘ රෝගය වැළඳීමෙන් දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසු වන බවට ඔහුගේ නීතීඥවරයා වන නීතීඥ අජිත් පතිරණ මහතා අද අධිකරණයට දැන්වීමෙන් පසු කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම රටක් මේක . මේ මනුස්සයව නිකන් ඇතුලේ දාල. විමලයාගේ ළමය ලෙඩ කියලා ඇප ඉල්ලුවා.... නිකන්ම ඇප හම්බ උනා...........
එක තමයි ලංකා නීතිය නවන හැටි. එදා අරලියගහෙන් නඩු තීන්දු සකස් කරනවයි කියල චෝදනා කළා. අද අරලියගහ සහ රජ ගදරින් නඩු තීන්දු සහ ඇප තීන්දු කරනවා. අනික පොලීස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා කිසිම හඬ පටිවල මේ ඝාතන සම්බන්දව සඳහන් වෙලා නැතිලු.
මොනවා උනත් බය වෙන්න එපා. දරුවට ඉක්මන් සුවය පතනවා